
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වැටලීමකදී පොලිස් බාරයට ගත් විදේශීය දුම්වැටි තොගයකින් අඩක් බාහිර පාර්ශවයකට ලබා දි අසත්‍ය සටහන් තොරතුරු පොතේ ඇතුළත් කළැයි කියන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට අනුයුක්ත වරාය උප ඒකකයේ ස්ථානාධිපතිවරයාගේ සහ කොස්තාපල්වරයකුගේ රාජකාරී වැඩ තහනමට ලක් කළ බව පොලිස් මූලස්ථානය කියයි.
එලෙස වැඩ තහනමට ලක් කර ඇත්තේ උප පොලිස් පරීක්ෂකවරයකුගේ සහ කොස්තාපල්වරයෙකුගේය.
ඉකුත් මස 20 වෙනි දින විදේශීය රටක නිෂ්පාදිත දූම්වැටි කාටුන් 290 ක් සන්තකයේ තබා ගැනීම හා ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබූ බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියේ මහා පුටුවේ ඉන්න එකා උසාවිය මඟහරින අපරාධකාරයෙක් උනා .ඒකේ පහල ඉන්න උන් ගැන මොන කතාද