IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


දියේ ගිලී තරුණයෙක් මරුට

( බී.ජි. චතුරංග) 

අනුරාධපුර විජය පුර ප්‍රදේශයේ පදිංචිව සිටි සිය නැන්දාගේ අවමගුල් උත්සවය සඳහා සහභාගී වීමට, අහංගම ප්‍රදේශයේ සිට පැමිණි තරුණයෙකු, අවමගුල් උත්සවයේ  අවසන් කටයුතු සිදු කිරීමෙන් අනතුරුව දිය නෑමට ගොස්  දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි. 

මෙලෙස ජීවිතක්ෂයට  පත්ව ඇත්තේ ඉමදුව පාර අහංගම ලිපිනයේ පදිංචි අරුමප් පෙරුම ආරච්චිලාගේ සදීස මහේශාන් නැමැති 24 හැවිරිදි පුද්ගලයෙකි.

අවමගුල් උත්සවයේ  වැඩ කටයුතු අවසන් වීමේ අනතුරුව, යළි අහංගම බලා පිටත්ව,  මළ ගෙදරට පැමිණි තවත් පුද්ගලයන් හතර දෙනකු සමග, අනුරාධපුර ප්‍රසිද්ධ සංචාරක හෝටලයක් අසලින් එම පිරිස ස්නානය සඳහා නුවර වැවට බැස ඇති බව පොලිසිය කියයි. 

දිය නාමින් සිටි මරණකරු පෙනෙන්නට නොමැති වීම හේතුවෙන් අනිත් පුද්ගලයන් වහා ආරක්ෂක අංශ දැනුවත් කිරීමෙන් අනතුරුව පැමිණි පොලිස් ජීවිතාරක්ෂක සාමාජිකයන් 14දා පස්වරුවේ  සිට රාත්‍රී දක්වා  කිමිදුම් කටයුතුවල නිරත වූ අතර පසුව ඊයේ (15) උදෑසන සිරුර සොයාගත් බව පොලිසිය කියයි.

 

 

 



අදහස් (2)

දියේ ගිලී තරුණයෙක් මරුට

පිටිගල මිලානෝ Monday, 16 September 2024 01:08 PM

දියේ ගිහිල්ලා මැරෙන මිනිස්සු ඉන්න එකම රට ලංකාව.

:       0       0

Perera Tuesday, 17 September 2024 07:16 AM

දෙක තුනක් දාගෙන වළට බැහැගා වගේ

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 38 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 126 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 928 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site