IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


දැරිය ඝාතනය ගැන තත්තාගෙන් ප්‍රශ්න කරයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බණ්ඩාරගම අටුලුගම පාතිමා අයේෂා නමැති නව හැවිරිදි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් පියාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය

අදාළ දැරියගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලිසියට අමතරව පාණදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සහ බුද්ධි නිලධාරින්ද ඒකාබද්ධව පරීක්ෂණ පවත්වන බව පානදුර කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ මහතා පැවසීය.

දැරියගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් පාණදුර ප්‍රදේශයේ පදිංචිව සිටින දැරියගේ සමීප ඥාතියකු සම්බන්ධව ද සොයා බලන බව ද පොලිසිය කියයි

දැරිය පිටකොටුව ප්‍රධාන බස් නැවතුම් පොළේ කාන්තාවක් සමග සිටින බවට මුහුණු පොතේ පළ කළ දැන්වීමක් අනුව ලද තොරතුරු අනුව ඒ සම්බන්ධයෙන් සොයා බලන ලෙස කොළඹ ප්‍රදේශයේ පොලිසිවලට පොලිස් පණිවුඩ නිකුත් කළ බව බණ්ඩාරගම පොලිසියේ නිලධාරියෙක් පැවැසීය

දැරිය අතුරුදන් වීමට පෙර දින රාත්‍රියේ හැඳ සිටි රාත්‍රි ඇඳුම හොරණ පොලිස් නිල සුනඛ "ඩෘනෝ" සුනඛයාට ඉව කිරීමට සැලසීමෙන් අනතුරුව පොලිස් නිල සුනඛයා දැරිය කුකුළු මස් මිලදී ගැනීම සඳහා ගිය බව කියන වෙළඳසැල අසලට ගොස් නැවතුන බව පොලිසිය කියයි



අදහස් (5)

දැරිය ඝාතනය ගැන තත්තාගෙන් ප්‍රශ්න කරයි

Mahesh Sunday, 29 May 2022 12:37 AM

මෙවන් මරණයක් මතු භවයකදී නොමවේවා දියණියනේ.., දෙමව්පියන්ට මෙවැනි දුකක් කිසි භවයකදී නොම වේවා...! ඔබ‍ පතන්නා වූ සුගතියකට පැමිණෙත්වා...!

:       0       0

Saman Nanayakkara Sunday, 29 May 2022 07:16 AM

වැරැදිකරුවන්ට අනුව අපට අහන්න තියෙන්නේ.., අවුරුදු 9 ක දැරිවියක් තනියෙන් ආරක්ෂිතව යවන්නේ කොහොමද කියලයි.

:       0       0

pakeer Sunday, 29 May 2022 07:28 AM

මරපු කෙනා අහුවුණාම... පණ පිටින් අතපය ගැලවිය යුතුයි.

:       0       1

Lalith M Sunday, 29 May 2022 09:15 AM

දෙමාපියන්ගේ රාජකාරිය මේකද?. මත්ද්‍රව්‍ය භාවිතය කරන කරන අය එයින් මුදාගන්න බැරිනම් කඳවුරුගත කල යුතුයි. මේක සමාජීය ව්‍යවසනයක්...

:       0       3

fairoos Sunday, 29 May 2022 12:05 PM

මේ වගේ නරුමයින්ට නිසි දඬුවම් නොලැබීම නිසා තමයි මෙවැනි අපරාධ අහන්න ලැබෙන්නේ..

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 315 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2131 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1620 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site