
(සුජිත් හේවාජුලිගේ)
දහම් පාසල් අධ්‍යාපන විෂය මාලාවද ප්‍රතිසංස්කරණය කිරීමට සැලසුම් කර ඇතැයි බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පවසයි.
එම කටයුතු කෙරෙන්නේ යෝජිත පාසල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට සමගාමීවය.
දහම් පාසල් ආශ්‍රිත ගැටලු හඳුනාගෙන කඩිනමින් විසඳුම් ලබාදීමෙ කටයුතු ආරම්භ කර ඇතැයි බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දහම් පාසල් අවසාන විභාගය පාසලේ 10 ශ්‍රේණියට ගෙනාවොත් සියලුම දරුවන් විභාගයට සාර්ථකව මුහුණ දෙයි නේද?
*විධිමත් පත්වීමක් ලද ගුරුවරු දහම් පාසලට අවශ්‍යයි. * පොත පුරවන දහම් පාසලක් දරුවන්ට අවශ්‍ය නැත.
මතෙක් කාලයක් (දැනටත්) දහම් අධ්‍යාපනය ලබා දෙන්නේ ගමේ ගොඩේ තරුණ තරුණියන් ඔවුන්ගේ කරමතින් රැගෙන ආ දහම් පාසල මේ දක්වා ගොඩ නැගුණු අතර විධිමත් කිරීමේදී උක්ත ගුරුවරුන් පසෙකලා උපාධිධාරින් ගෙනැත් දැමීමෙන් දහම් පාසල වෙනුවෙන් දර දිය ඇද්ද ගුරුවරුන්ට හානියක් නොවන සේ විධිමත්ව බෝසත් දරුවන් සමාජගත කිරීමට හැකිවන සේ මෙය වෙනස්විය යුතුයි. ඉරිදා අතිරේක පන්ති, ඔන් ලයින්, නතරකළ යුතුයි. අප දන්නා පරිදි ඉරිදා අතිරේක පන්ති උදේ වරුවේ නවත්වා ගුරුවරු ඔන්ලයින් පන්ති පවත්වයි. මේ හේතුවෙන් දරුවන් දහම් පාසල් නොපැමිනේ...
මගේ අදහස නම් දහම් පාසල් වල සිටින උපාධිධාරි ගුරුවරුන්ව පාසල්වලට බුද්ධ ධර්මය ඉගැන්වීමට අනුයුක්ත කර එතැනින් ඉරිදා දින දහම් පාසලෙත් ඉගැන්වීම් කටයුතු කිරීමට සැලැස්වීම කළයුතුයි. මොකද දහම්පාසල් ගුරුවරයාටද වටිනාකමක් ලබාදිය යුතුයි...
ඇත්තටම දරුවන් වෙනුවෙන් කරන්න තියෙන හොඳම දේ දරුවන්ගේ හැදියාව, විනයගරුක බව පුරුදු කිරීම. ඒ තැන තමයි දහම් පාසල. රාජ්‍ය අනුග්‍රහය ඇතිව දහම් පාසල දරුවන්ට අනිවාර්ය කරන්න. වෙෙද්‍යවරයෙක් වුවද මනුස්සකම නැතිව වැඩක් නැත...
රජයට පවරාගෙන සුදුසුකම්ලත් ගුරුවරු තෝරාගෙන නිසි පුහුණුවක් දී නිසි ක්‍රමවේදයක් ක්‍රියාත්මක කළයුතුයි.
බුද්ධර්ම ඩිප්ලෝමා ආදී විධිමත් අධ්‍යාපනයක් හදාරා ඇති දහම් ගුරු භවතුන් වෙනුවෙන් නිසි ඇගැයීමක් ලබා දී ඔවුන්ගේ උපරීම සේවය දහම් පාසල් අධ්‍යාපනය වෙත ලබාගෙන ගුණාත්මක දරු පිරිසක් සමාජ ගත කිරීම සුදුසුය යන්න මගේ අදහසයි..
බහුතරය සුදුසුකම් නැති ගුරුවරු. පොත බලන් ළමයාට කියවන්න දීලා ඒක අහගෙන ඒකම කියාදෙන එක ගොඩාක් දෙනා කරන්නේ. ඉතින් විධිමත් කරලා සුදුසුකම් හිත ගුරුවරු විදුහල්පතිලා පත් කරන්න ඕනෑ. සමහර ගුරුවරු ප්‍රධානාචාර්යවරු කිසිම දහම් දැනුමක් නෑ... ඔහේ ඇදිලා යනවා විතරයි...
ලංකාවේ සියළුම දහම් පාසැල් දරුවන්ගේ පැමිණිමේ විශාල අඩුවක් දක්නට ලැබේ. මෙයට ප්‍රධානතම හේතුව වන්නේ ඉරිදා උදේ වරුව උපකාරක පන්ති පැවැත්වීමයි. දරුවන් සහ දෙමව්පියන් පවතින තරඟකාරි බව නිසාත් දහම් පාසැල් අධ්‍යාපනය පිළිබඳ නිසි අවබෝධයක් නැති නිසාත් දහම් පාසැල් සහතික පිළිබඳව නිසි වටිනාකමක් නොමැති කමත් ය. පිළියම් වශයෙන් අනිවාර්යෙන්ම ඉරිදා උදේ පවත්වන අමතර පන්ති නැවැත්විය යුතුයි. දහම් පාසැල් සහතික වලට නිසි වටිනාකමක් ලබාදිය යුතුයි. දහම් පාසල් ගුරුවරුන් හට නිසි පුහුණුවක් ලබාදිය යුතුයි. එම ගුරුවරුන් විශේෂ ඇගයීමකට පාත්‍රවිය යුතුයි.
දහම් පාසල් අවසාන් සහතික් පත්‍ර විභාගය,ධර්මාචාර විභාගය,දහම් සරසවිය ආදි විභාග සමත් සුදුසුකම් ඇති අය ගූරුවරුන් ලෙස පත් කිරිම සුදුසුයි.ඒ වගේම ගිහි ප්‍රධානාචාර්‍ය් වරයාද සුදුසු කම් සපුරා ඇති අයකු විය යුතුයි