IMG-LOGO

දුරුතු පොහොය අදයි

(ආරියරත්න රණබාහු )

නව වසරේ ප්‍රථම පොහොය වන දුරුතු පුර පසළොස්වක පොහොය අදයි මෙම පොහොයේ විශේෂ වැදගත් සිදුවීම් අතර න් බුදුරදුන්ගේ ප්‍රථම ලංකා ගමන ලංකාවේ ප්‍රථම දාගැබ ඉදිකිරීම සහ සුමන දෙවියන් මාර්ගඵල ලැබීම ආදිය වේ.

බුදුරජාණන් වහන්සේ තෙවරක් ශ්‍රී ලංකාද්වීපයට වැඩමවූ බව ඓතිහාසික ග්‍රන්ථයන්හි සඳහන් වේ ඉන් ප්‍රථම ලංකා ගමන මහියංගනයට වැඩම වූ බව පැවසේ ඒ සිද වී ඇත්තේ අද වැනි දුරුතු පුර පසළොස්වක පොහොය දිනකය.

බුදුරජාණන් වහන්සේ ලක්දිව මහවැලි ගඟ අසබඩ මහියංගනයේ පිහිටි මහානාගවන නම් රමණීය උයන වෙත වැඩම කළ බව වංශ කතාවේ සඳහන් වේ මහියංගන ප්‍රදේශයේ විසූ හැඩි දැඩි ගති වලින් යුත් යක්ෂ ගෝත්‍රිකයින් මුලදී උන්වහන්සේගේ වැඩමවීම පිළිබඳව විරුද්ධත්වය දැක්වූ නමුත් දහම් දෙසීමෙන් ඔවුන්ගේ සිත් දමනයකොට උපශාන්ත ස්වභාවයට පත් කිරීමට බුදුරදුන්ට හැකි වී ඇත.

එදින දහම් ඇසූ සමන් ගිරටඅධිපති සුමන දෙවියෝද සෝවාන් භවයට පත්ව බුදුරදුන් පිළිබඳ පැහැදී වැඳුම් පිදුම් කිරීම සඳහා යමක් දෙන මෙන් උන්වහන්සේගෙන් අයැද තිබේ. එහිදී බුදුරජාණන් වහන්සේ සිය සිරස පිළිබඳ ලබාදුන් කේශධාතුව රන් කරඬුවකින් පිළිගත් සුමන සමන් දෙවියෝ බුදුරදුන් වැඩසිටි ස්ථානයේ ඒ තැන්පත් කොට නිල්වන්ගලින් සත්රියනක් උසැති දාගැබ මහත් සැදැහැ බැතියෙන් ඉදිකර ඇත.

ශ්‍රී ලංකාවේ ඉදිකළ ප්‍රථම දාගැබ මේ මහියංගන දාගැබය.එය දෙව්යකූ විසින් ඉදිකර තිබීම විශේෂත්වයකි. ඉන් අනතුරුව පසු කලක සැරියුත් මහ රහතන් වහන්සේගේ ශිෂ්‍ය සරභු රහත් තෙරණුවෝ බුදුරජාණන් වහන්සේගේ ග්‍රවා ධාතුව ක් රැගෙන විත් මෙම දාගමෙහි තැන්පත් කොට දොළොස් රියන් උසට බඳවා ඇත.

පසුකාලයේදී දෙවන පෑතිස් රජුගේ සොහොයුරු උද්දචුලාභය රජතුමා මෙම සෑය තිස්රියනිඋසට බැන්ඳ වූබවත් පසුව බලයට පත්වූ දුටුගැමුණු මහරජතුමා විසින් එම දාගැබ අසුරියන් උසට නංවා මහත් පුද සත්කාර කළ බවත් ඉතිහාසයේ සඳහන්වේ.

(ඉතිහාසගත කරුණු සපයා දුන් කොළඹ නට කෝරලේ ප්‍රධාන සංඝනායක ගල්කිස්ස බෞද්ධායතනාධිපති ත්‍රිපිටකාචාර්ය දිවියාගහ යසස්සී නාහිමිපාණන් වහන්සේට ගෞරව පුර්වක ස්තුතිය පිරිනමමු)



අදහස් (0)

දුරුතු පොහොය අදයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2075 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 644 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 726 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site