
(අංජුල මහික වීරරත්න)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාවේ සිට දොඩන්ගොඩ දක්වා මාර්ග කොටසක් ප්‍රතිසංස්කරණයට කොන්ත්‍රාත් ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාවේ සිට දොඩන්ගොඩ දක්වා මාර්ග කොටස 2011 වර්ෂයේදී රථවාහන ගමනාගමනය සඳහා විවෘත කෙරුණු අතර, මේ දක්වා කිසිදු ප්‍රධාන අලුත්වැඩියාවක් සිදු කර නොමැත. දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර 0 සිට කිලෝමීටර 19 දක්වා අධිවේගී මාර්ග කොටස සහ කිලෝමීටර 19 සිට කිලෝමීටර 34 දක්වා අධිවේගී මාර්ග කොටස, පැකේජ දෙකක් යටතේ කඩිනමින් අලුත්වැඩියා කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත.
ඒ අනුව, කිලෝමීටර් 19ක මංතීරු 4කින් යුතු අධිවේගී මාර්ග ප්‍රමාණයක් ආවරණය වන කිලෝ මීටර 0 සිට කිලෝමීටර 19 දක්වා හානියට පත්වූ අධිවේගී මාර්ග කොටස දෙවන පැකේජය යටතේ ප්‍රතිසංස්කරණය කිරීමට සැලසුම් කර ඇත.
ඒ සඳහා දේශීය කොන්ත්‍රාත්කරුවන් වෙතින් ජාතික තරගකාරී ක්‍රම වේදය යටතේ ලංසු කැඳවා ඇති අතර, ලංසු 05 ක් ඉදිරිපත් වී තිබේ. ලංසු ඇගැයීම් කමිටුවේ සහ ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පදනම්ව අදාළ කොන්ත්‍රාත්තුව ශ්‍රී ලංකා රුපියල් මිලියන 1,490.96 ක මුදලකට අවම ලංසුකරු වශයෙන් M/s Access - WKK බද්ධ ව්‍යාපාරය වෙත ප්‍රදානය කිරීම පිණිස ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 දෙසැම්බර් මස 04
739
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දකුණු අධිවේගයේ කොටසක් අලුත් වෙයි