
අමිල සම්පත් ශ්‍රී
රජයේ ප්‍රබල නිලධාරියකුගෙන් සහ දේශපාලන අධිකාරියේ ප්‍රබලයන්ගෙන් රාජකාරියට එල්ලවන බලපෑම් නිසා තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් තනතුර අතහැර මාරුවක් ලබා යෑමට තීරණය කළ බව තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් චන්දිමා මනම්පේරි මහත්මිය ලංකාදීපයට පැවැසුවාය
මීට වසර එක හමාරකට පමණ පෙර තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් තනතුරේ වැඩ බාරගත් චන්දිමා මනම්පේරි මහත්මිය සිය කටයුතු කිරීමේ දී නීතියෙන් පිට හිතවත්කම් මත රාජකාරිය පාවා නොදුන් නිලධාරිනියක බව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීහු පවසති.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ එවකට පැවැති රජයට එරෙහිව ගෙන ගිය අරගලයේ දී නාඳුනන පිරිස් විසින් ගිනි තබන ලද එම ප්‍රදේශයේ දේශපාලනඥයකුගේ නිවෙස්වලට වූ හානි සඳහා ව්‍යාජ ඇස්තමේන්තු සකස් නොකිරීම, දේශපාලන හිතවතුන්ට රජයේ ඉඩම් ලබා නොදීම සහ ඒවා අත්පත් කර ගැනීමට අවස්ථාව නොදීම හේතුවෙන් ප්‍රදේශයේ දේශපාලන අධිකාරියේ ප්‍රබලයන් ප්‍රාදේශීය ලේකම්වරිය සමග විරසකවී ඇතැයි දැනගන්නට ඇත.
තමාට ලබාදුන් නිල රථය අව්වේ නවතා තැබී යැයි කියමින් දිසාපතිවරයා තමාගෙන් කිහිපවිටක්ම වාර්තා කැඳවූ බවත් අරගලකරුවන් ගිනි තැබූ දේශපාලකයන්ගේ නිවාසවලට පූර්ණ හානි වාර්තා නොකිරීම සම්බන්ධයෙන් ද ප්‍රාදේශීය දේශපාලනඥයන් අනවසරයෙන් අල්ලා ගත් ඉඩම්වලට බලපත්‍ර නිකුත් නොකිරීම සම්බන්ධයෙන් ද දිසාපතිවරයා කිහිපවතාවක්ම වාර්තා කැඳවූ බවත් ප්‍රාදේශීය ලේකම්වරිය පැවැසුවාය.
තමා නිවෙසට යන එන සෑම අවස්ථාවකදීම විවිධ පුද්ගලයන් යොදවා තමාට විවිධ බලපෑම් කළ බවත් දරුවන්ගේ සහ තමාගේ ජීවිතවලට තර්ජනයක් වූ නිසා ප්‍රාදේශීය ලේකම් තනතුරින් යන බවත් ඇය කීවාය.
මේ අතර 2021 අගෝස්තු 11 වැනිදා තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් තනතුරේ වැඩ බාරගත් චන්දිමා මනම්පේරි මහත්මිය ඉන්ධන හිඟයක් පැවැති සමයේ ප්‍රදේශයට ලැබුණු ඉන්ධන තොග තම පෞද්ගලික මැදිහත්වීම මත ගැටලු ඇති නොවන සේ බෙදා හැරීමට කටයුතු කළ බවද ප්‍රදේශවාසීහු පවසති.
ඉතා දක්ෂ රාජ්‍ය නිලධාරිනියක වන චන්දිමා මනම්පේරි මහත්මිය ප්‍රාදේශීය ලේකම් ධුරයෙන් ඉවත්ව ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ පවතින ග්‍රාමීය නායකයන් පුහුණු කිරීමේ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය ලෙස මාරුවක් ලබා පෙරේදා (3) පිටත්ව ගියාය.
මේ අතර කිරිඳිඔය ඒකාබද්ධ ගොවි සංවිධානය, ප්‍රාදේශීය ලේකම්වරියගේ හදිසි මාරුව සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යවමින් දැනුම් දී ඇත.
ජනතාවගේ ගැටලු විසඳීමට දිවා රෑ නොබලා කටයුතු කළ ඇය අතිදක්ෂ නිලධාරිනයක බව ජනාධිපිවරයාට යැවූ ලිපියේ සඳහන් වේ.
නිලධාරිනියකට එහා ගිය ගෞරවනීය සේවයක් ඉටු කළ මෙම ප්‍රාදේශීය ලේකම්වරියගේ රාජකාරියට බාධා කළ අය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්නැයි ද ඇය නැවත එම තනතුරේම පිහිටුවීමට කටයුතු කරන්නැයි ද එම ලිපිය මගින් ඉල්ලා ඇත.
මේ අතර ඇය ප්‍රාදේශීය ලේකම් තනතුරේ වැඩ බාරගැනීමට පෙර සිදුවූ දූෂණ සහ අක්‍රමිකතා රැසක් ඇය සේවය කළ වසර එක හමාරක කාලයේ දී නිවැරැදි කළ බව ද ප්‍රදේශවාසීහු කියති.
COMMENTS
රාජ්‍ය සේවයේ නොනැසී පැවතීමට නම් දේශපාලුවන්ගේ පමණක් නොව ඔවුන්ගේ පදයට නටන උසස් නිලයන්ගේද කැමැත්ත අනුව කටයුතු කලයුතු බව නොදැනීම කණගාටුවට කරුණකි. සියලු රාජ්‍ය සේවකයින් මේ පිලිබදව දැනුවත් විය යුතුය.
රාජ්‍යයට පක්ෂපාතී වූ ඇයට ග‍්‍රාමීය දේශපාලකයන්ගේ හෙංචයියක් හෝ සහකාරියක් බවට පත් නොවූ නිසා ඇයට රැකියාවෙන් ඉවත් වීමට සිදු විය. මෙහි සේවය දැනගෙන ජනතාව ඇයගේ සේවයට හිමිකම් කියූ අතර බලධාරීන් වගකීමෙන් කටයුතු කළ යුතුය!
හැතිකර මයිනා වරුන් මේ රටම අනීතික රටක් කළා
මේ තමයි මේ රට පත්වෙලා තියෙන තත්වය. මෙය තිස්සමහරාමයට පමනක් නොවේ මෙයයි හැම තැනකම තත්වය. මේ නිලධාරිනිය අවංක අයෙක් නිසා මේ තොරතුරු එලියට ආව, අනිත් තැන්වල මෙම තනතුර හොබවන නිලදාරියත් මේ හොරු රැලට එකතුවෙලා සමගියෙන් හොරා කනව. අපි දැක්ක නේ මේ පත්තරෙන්ම මහීපපාල කියන නීල කාස හොර දෙටුව තමුන්ගෙ අඹුවට ඉඩම් ගත්ත හැටි හොරට. මේ ක්‍රමය වෙනස් නොවුනොත් මෙරට ලෝකයේ තියෙන අසික්කිතම රාජ්‍ය බවට පත්වේවි
ලිපියේ විධියට ඇය කියන ඉහළ නිළධාරිතැනට ඇගෙන් වෙනත් දෙයක් අවශ්‍ය වෙලා තියෙන්න ඇති කියලා හිතෙනවා එහෙම කියන්නෙ ඔය තනතුරු දරන කාන්තාවන්ට එහෙම දේවල් වෙනවා දැකල තියෙන නිසා .ඇත්තටම වාහනය අව්වේ තිබුනා කියලා වාර්තා කැදවීමටත් කටයුතු කලාලු කියන්නෙ මොකද කියලා හිතල බලන්නකෝ
අපි බලමු ඔය නීතියට ගරු කරනවයි කියන ලොක්කා මේ නීති ගරුක නිලදාරිනියට සාදාරනය ඉටු කරන ආකාරය.
ඇත්ත කියාපං නංගියේ ලොක්කට ඔයිල් මාරුවක් ඕන කිව්වම උඹ තෙවැනි සිල් පදය රකින්න ගියානේද ගහ දන්න අපිට බොරු එකා කෙල්ලෙ
පල් හොරුන්ට චන්දෙ දුන්නම උගත් රජයේ නිලධාරීන්ට හරියට රාජකාරියක් කරගන්න ඉඩ දෙන්නේ නැහැ
ඔය කථාව ලංකාවේ සියලු ප්‍රාෙද්ශිය ලේකම්ලාට අදාලයි.බොහෝ අය රස්සාව කරන්න අවශ්‍ය හන්දා දේශපාන අධිකාරය සමග සීරුවෙන් වැඩේ කරගෙන යනවා.මේ වගේ අවංක බය නැති අය ඉන්නවා.නමුත් දේශපාලන අධිකාරිය හා උන්ගෙ ගෝලයන්ගෙ තියෙන බය නිසා සද්ද නැතිව ඉන්නවා.ලංකාවේ රාජ්‍ය නිලදාරින් දේශපාන අධිකාරය නැතිව ගමනක් යන්න හැදුවට ඒක එහෙම වෙන්නෙ නැහැ.මේ නිදාරිනියට සාදාරනයක් රනිල්නේ ඉටු වෙන්නෙ නැහැ.එයාගේ ලේකම සම්න ලොක්ක් එහෙමයි.ඒකනේ විශ්‍රාම ගිහින් ජනාදිපති ලෙක්ම වුනේ.ඒ අය දන්නවා ඉන්න ඕන විදිහ.මෙතුමයි අවංක දක්ෂ අයෙක්.කනගාටුයි ලංකාවේ එහෙම අයට අවස්ථාවක් නැහැ ...
දිසාපති ඇතුළු දූෂිත නිලධාරීන් පැන්නීමට පෙල ගැසෙමු. රට හදන්නේ මේ වගේ කාලකණ්නි පිරිසක් ද.
මෙම ලිපියේ අඩංගු කරැණු සියල්ල සම්පුර්ණ ඇත්ත. අවංක රාජ්‍ය නිලධාරියෙකුට දැන් රටේ ඉන්න දෙන්නෙ නැ. දේශපාලුවන්ට කඩේ යන උන්ට ගැතිකම් කරන ශ්‍රි ලංකා පරිපාලන සේවෙ ප්‍රාදේශිය ලේකම්වරැ සහකාර ප්‍රාදේශිය ලේකම්වරැ සහ දිසාපතිවරැ මේ රට අද පත්වෙලා තියෙන තත්වෙට 50% ක් වගකියන්න ඕන.
මෙවන් රාජ්‍ය නිලධාරීන් සැමදා වාසනාවන්.ඒත්,මේ රට වසාගෙන සිටින දේශපාලන සාපය දක්ෂ උගත් බුද්ධිමත් අයට ඔවුන්ගේ සේවය නිසිලෙස රටේ ජනතාවට ලබා දෙන්න ඉඩදෙන්නේ නැහැ. බුද්ධිමත් අවංක නිලධාරීන් හට සෑම විටම සිදුවුණේ සිදුවන්නේ මෙන්න මේ දෙයයි.විපක්ෂයේ දේශපාලන පක්ෂ වල අය ඔන්න දැන් කන් පිරෙන්න හා .. හූ .. ගගා කටවල් උල්කරගෙන රූප පෙට්ටි වල හොඳින් රඟ දැක්වීම කරාවි.පාරේ ඇවිදීවි. ඒත්,ප්‍රශ්නය විසඳන ක්‍රමයක් ගැන ඔවුන්ට සැලසුම් නැහැ. කට කෑවත්,කිසිදු දේශපාලනයකින් තොරව ඔන්න මං ඇත්තම කිව්වා. බුද්ධිමතුන් ඇත්ත තේරුම් ගනීවි. පාට පාට කන්නාඩි වලින් බලන අය මට මඩ වදින්න මොනවා හරි ලියාවි. මොනවා කිව්වත්,අන් ලයික් කොපමණ දැම්මත්,මගේ තර්කය බිඳින්න කාටවත් බැහැ.
උඩුගම් බලා පීනන අයට මේ සමාජයේ තැනක් නෑ පුතා. ඉහල නිළධාරීන් හමුවේ නොනැමුනු ඇයගේ කශේරුකාව ගැන ආඩම්බර වෙමි. ඔබට ජය
අරගලයෙන් බලාපොරොත්තු උන සිස්ටම් චේන්ජ් එක කර ගන්න බරි උනා. තවම හොර දේශපාලුවන් හා නිලදාරින් යයි කියන දූශිතයන් රටෙ රජ කරනවා. රනිල් රාජපක්ශ බලයෙ ඉදගෙන තමනුත් රැකෙන ගමන් උනුත් රකිනවා. එලග චන්දෙන් පස්සෙ රට වෙනස් කරනවාමයි අපි.
මේ රට කවදාද මේ හොර වංචනික රැලෙන් ගලවා ගන්නේ මාරුවෙන් මාරුවට මොඩ මිනිසුන් රවටමින් ගෙනයන අදූරදර්ශී දේශපාලන ගමන ගැන මේරටේ බහුතර ජනයා අවබෝධ කරගන්නේ කවදාද ඇයි තාමත් නොතේරෙන්නේ මේ මිනිසුන් අපේ රටට කර ඇති අපරාධය මොවුන් පලවා හැර රටට හිතකර දේශපාලන සංස්කෘතියක් ගෙනන්න පොදු ජනයා මැදිහත් නොවුනහොත් මේ රටේ ජීවත් වනවාට වඩා ලෝකෙ කොහේ හරි යන්න හිත හදා ගත යුතුවේ. හරියට රාජකාරී කරන නිලධාරීන් ට හිරිහැර කරන්න කටයුතු කරන හොර දේශපාලකයන් ට ශාපවේවා!!!
සෑම නිවැරදි රාජ්‍ය නිළධාරීන්ට ම වෙන්නෙ මේ කලකිරීම තමයි
අපේ ඇඹිලිපිටියේ ප්‍රාදේශීය ලේකම්තුමාගෙන් නම් සල්ලි දුන්නොත් ඕනිම දෙයක් කරගන්න පුළුවන් .සල්ලි නැතුව කිසිම දෙයක් කරන් නෑ
මෙම නිලධාරිනිය අරගලයේ ක්‍රියාකාරී සාමාජිකාවක් බව සහ ජාතික ජන බලවේගයේ කටයුතු වලට සම්බන්ධ බවත් අප්‍රසන්න රණතුංග මහතා විසින් සොයා ගෙන ඇති බවත් වාර්ථා වේ...
සමස්ථ රාජ්‍ය සේවයේ තත්ත්වය මේක තමයි. දේශපාලුවොන්ට ගොට්ට අල්ලන්න දන්නේ නැත්තං මොනවා ඉගන ගත්තත් කවදාවත් නිසි තැන ලැබෙනව බොරු . ඒ විතරක් නෙවෙයි දේශපාලුවොන්ගෙ බලු වැඩ වලට විරුද්ධව එක වචනයක් කිව්ව නo බලන්න ඕන ගොටු අල්ලන කාලකන්නි නිලධාරීන් අල්ලගෙන කෙළවරක් නැතුව අදින ලෙඩ.
මෙවැනි අවංක නිලධාරීන් ආරක්ෂා කරගැනීමට සියලු දූෂිත දේශපාලුවන් ඊළඟ චන්දෙන් පන්නා දැමිය යුතුයි
කාලකණ්ණි පාලකයෝ ඉන්න තාක්...කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න බෑ...නූගත් හැත්තක්නෙ රට පාලනය කරන්නේ ...තව මොන් කතාද...මේක එක සිදුවිමක් විතරයි ..රනිලුත් බයිලා රජෙක් එච්චරයි ....
අවංකව සහ ඍජුව මෙතුමිය විසින් ගෙන ගිය කටයුතු පසසමි. එත් මෙතුමිය ගේ අවංක වැඩ වලට කෙනෙහිලි කම් කර ඇත්තේ දේශපාලකයෝ පමණක් නොවෙයි. ඉහල නිලධාරිනුත් එතුමියට කැපිල්ල දමා තිබෙනවා. එතුමිය විසින් කල ප්‍රකාශයටත් ආයතන සංග්‍රහය අල්ලාගෙන ඔය ජ්‍යෙෂ්ට නිලධාරින් නිසැකවම ලෙඩක් අදිවී. සමහර නිලධාරින් දේශපාලකයින් සතුටු කොට තමනට ඕන වැඩ ටික කරගන්නවා. දේශපාලකයින් ට නැමෙනවා
නිලධාරීන්ට තිබිය යුතු අත්‍යවශ්‍යම හැකියාවන් නම් වැරදි දෙය නොකර සිටීමේ හැකියාවත් ජනතාවගේ ගැටලු හදුනා ගැනීමේ හැකියාව හා ඒවාට නිවැරදි විසදුම් ලබා දීමේ හැකියාවත්ය ඇයගේ හෘදසාක්ෂියට ගරු කරමි.
අවංක නිලධාරීන්ට ලංකාවේ කොහේ ගියත් ඉඩ නැහැ
තිස්සමහාරාම දේශපාලන අධිකාරියෙන් මම ඉල්ලනවා පුලුවන්නම් ඇඹිලිපිටියේ ප්‍රාදේශීය ලේකම්තුමා තිස්සමහාරාමෙට ගෙන්න ගන්න ඕනිම කරගන්න පුළුවන් සල්ලි තියනවා නම්
කවුද හරි කවුද වැරදි කියන එක ගැන අපක්ෂපාති පරීක්ෂණයක් කරන්න. කවුරු හරි දේශපාලකයෙක් එහෙම තර් පනය කරනවා එයාගේ නම හෙලි කරලා දැඩි දඩුවම් දෙන්න ධනැ. හැබැයි අරගලයේදී දැක්කා සමහර රජයේ ඉහල නිලධාරීන් සම්බන්ධ වෙලා හිටියා එයාලගේ පුද්ගලික දේශපාලනයත් එක්ක. සමහරවිට මාරුවක් ගන්න උනාමත් එහෙම වෙන්න පුලුවන් තමන්ගේ ලොක්කාට බැන බැන බොරු ගොතන
මෙහෙම දේශපාලකයෝ ඉන්න රටකට අනාගතයක් තියේද?
කවුද දන්නේ මේ ලේකම්වරිය හරිද කියලා.. බොහෝ කාන්තා නිලධාරීන් ප්‍රායෝගික වැඩ කරන්න දන්නේ නැහැ. පොතේ ගුරාලා විතරයි. වැඩ හරියට කරන්න බැරිනිසා මාරුවෙලා යන්න පුළුවන්. ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලේ වගේ නෙවෙයි. අමාත්‍යාංශයේ වැඩ හරි ලේසියි.. නිවාඩු ඕනෑතරම් ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලෙ ඉරිදාටත් වැඩ උත්සව.. ගැහැණුන්ට කොහොමත් ආතතිය.. එතකොට ඒ නිසා අපක්ෂපාත පරීක්ෂණයක් කරන්න ඕනේ...
දාපු පලියටම අනේ පව්.., හොඳ නිලධාරියා කියන්න එපා... හොයලා බලන්න. කවුද දන්නේ...? කාගෙ කාගෙත් කිල්ලෝටවල හුණු තියෙනවා. පහුවෙලා ඡන්දෙවත් ඉල්ලන්න හිතන් උන්නාද?
ජනාධිපතිට ලිව්වාට වැඩක් නෑ. ඔහු තමයි තක්කඩි දේශපාලකයින් රකින්නේ...
හම්බන්තොට මහදිසාපති (හාවා) ආවට පස්සෙ ස්ථාන මාරැ කළ මාණ්ඩලික නිලධාරීන් ගණන බොහොමයි.අදත් තව එක මාණඩලික නිලධාරිනියක් මාරැ කලා බෙලිඅත්තෙ සෝමවංශ කෝදාගොඩගෙ උවමනාවට. දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ හේමන්තට ඉන්න එපා කළා. බලු විදියට දේශපාලනීකරණය වෙච්ච රාජකාරිය නොතේරෙන, පලිගැනීම විතරක් තේරෙන අසමජ්ජාති නාකියෙක්. හම්බන්තොට දිස්ත්‍රික්කෙ පාලනය කරන නාකි හම්පඩයොන්ට ගැලපෙන එකෙක්.