IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


තිසුම්ට ලෝකඩ පදක්කමක්

(සිසිර ලලිත් කුමාර)

2025 සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ දී වයස අවුරුදු  20න් පහළ බාලක මීටර්  400 කඩුලු මතින් දිවීමේ තරඟයෙන්  පාසල් වර්ණ සමගින් තුන්වන ස්ථානය ලබා ලෝකඩ පදක්කම දිනා ගැනීමට කොත්මලේ  හැදුණු  වැව මධ්‍ය විද්‍යාලයේ තිසුම් දිනුජය සමත්විය.

තිසුම් දිනුජය ක්‍රීඩකයා 2025 වර්ෂයේ කොත්මලේ කලාපයේ වයස අවුරුදු  20න් පහළ මීටර්  400, 800 හා තුන්පිම්ම පැනිම ප්‍රථම ස්ථානය හා 20න් පහළ දක්ශතම ක්‍රිඩකයා මෙන්ම  වසරේ දක්ශතම ක්‍රිඩකයා ද විය .

ඊට අමතරව මධ්‍යම පළාත් පාසල් මළල ක්‍රීඩා තරගාවලියේ මීටර්  400 සහ මීටර් 400 කඩුලු මතින් දිවීම දෙවන ස්ථානයන් හිමිකර ගැනීමට ද තිසුම් දිනුජය සමත් විය.    

පසුගිය 2024 වර්ෂයේ කොත්මලේ  කලාපයේ වයස අවුරුදු  20න් පහළ  මීටර්  400,800 හා තුන්පිම්ම පැනිම ප්‍රථම ස්ථානය හා    දක්ෂතම ක්‍රීඩකයා ලෙසද  වර්ෂ 2024 පළාත් තරගාවලියේ දී වයස  20න් පහළ තුන්පිම්ම පැනිම ප්‍රථම ස්ථානය ත් මීටර්  400 කඩුලුමතින් දිවීම දෙවන ස්ථානයත්  2024 සමස්ත ලංකා 20න් පහළ මීටර් 400 කඩුලුමතින් දිවීම පස්වන ස්ථානය ත් දිනා ගත්තේ තිසුම් දිනුජය ක්‍රීඩකයාය.             

2024 වර්ෂයේ  ජොන් ටාර්බට් තරගාවලියේදී  වයස අවුරුදු  20න් පහළ මීටර්  400 කඩුලු මතින් දිවිම හතරවන ස්ථානය  සමඟ  පාසල් වර්ණ දිනාගැනිම ටද තිසුම් දිනුජය සමත් විය.

2024  ග්‍රාම සේවා වසම් මට්ටම්  තරගාවලියේදී  මීටර්  400 , 800 හා තුන්පිම්ම පැනිම ප්‍රථම ස්ථාන හා තරගාවලියේ  දක්ශතම ක්‍රිඩකයා  ද ,2024 පාසල් දිස්ත්‍රික් තරගාවලියේ වයස අවුරුදු  20න් පහළ දුරපැනිම හා මීටර්  800 ප්‍රථම ස්ථානයත් මීටර් 400 දෙවන ස්ථානය ත් එහි  දක්ෂතම ක්‍රිඩකයා ලෙසද හෙතෙම සම්මාන ලැබීය. තිසුම් දිනුජය මෙවර අ.පො.ස උසස් පෙළ විභාගයට ද මුහුණ දීමට නියමිතය.



අදහස් (0)

තිසුම්ට ලෝකඩ පදක්කමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 68 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 864 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 614 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site