(රෝෂන් තුෂාර.) 

ජනාධිපති පොදු සමාව අනීතිකව භාවිතා කරමින් සිරකරුවකුට නිදහස ලබා දුන්නේ යැයි රක්ෂිත බන්ධනාගාර ගත  බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සම්බන්ධයෙන් වන විමර්ශනය අද පස්වරු 02.00 කැඳවීමට   කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනෝජා ලක්මාලි මහත්මිය නියම කළාය.

සැකකාර උපුල්දෙනිය මහතා  මහතා බන්ධනාගාර නිලධාරීන් මගින් මේ වන විට අධිකරණයට ගෙනවිත් සිටින අතර  පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා වෙනත් රාජකාරි කටයුත්තක් සඳහා පාර්ලිමේන්තුවට ගොස් ඇති බැවින් මෙසේ විමර්ශන විභාගය පසුවට කල් තැබීය.