
(යොහාන් භාසුර)
මෙම වසරේ ජූනි මාසයේ සිට තවත් පවුල් ලක්ෂ 4 කට අස්වැසුම ප්‍රතිලාභය දීමට රජය තීරණය කර ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
මන්නාරම ප්‍රදේශයේ අද (17) පැවති ප්‍රචාරක රැළියකදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එසේ පැවසීය.
වසර පහ හයකට පසුව විශාල ඩොලර් සංචිතයක් රට ෂතුව තිබීම නිසා මාස හයක් තිස්සේ රුපියලේ අගය නොසෙල්වී ඇති බව කී ජනාධිපතිවරයා වර්තමාන ආණ්ඩුව ඉන්ධන මිල, විදුලි බිල අඩුකර ජනතා ප්‍රශ්න විසඳීමට කටයුතු කළ බවත් රාජ්‍ය සේවක වැටුප් ඉහළ දමා, අස්වැසුම දීමනාව වැඩි කළ බව ද සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහන්සිවෙලා හම්බකරන අයගෙන් බදු ගහලා පුළුවන් තරම් දීපල්ලා. මේ රටට කෙලවුනේම ඔය වගේ නිකන් බෙදලා දීලා තමයි. ඕක රටේ ජනාධිපතිවරයාට ආඩම්බර වෙන්න කාරණයක් නොවෙයි. ගමකට ගිහින් බලන්න අස්වැසුම දෙන්නේ කාටද කියලා, ව්‍යාපාර, ත්‍රීවීල් වගේ වාහන තියන අයට තමයි වැඩිපුර දෙන්නේ. සල්ලි දෙනවා නම් අඩුගානේ වැඩක් ගනිල්ලා...
මධ්‍යම පාන්තිකයින්ට ඔලුව උස්සන්න බැරි වෙන්න පුළුවන් තරම් බදු ගහලා ඒ සල්ලි නිකමුන්ට බෙදලා දෙනවා. නිකන්ම කකා බිබී ඉන්න...
ඡන්ද ගුණ්ඩු ගණයට මේවා අයිති නැහැ හොඳේ...
දීපල්ලා... ඡන්දෙත් ළඟයිනේ. පච කෙලලා බලේ අරගෙන දැන් ගළේ පහරපු බළල්ලු වගේ...
මේවා ඡන්ද අල්ලස් නොවෙයිද? ලක්ෂ 4ක් මිනිස්සුන්ට 10,000ක් ගානේ ගෙවනවා නම් රුපියල් කෝටි 400ක් යනවා, ඒක අති විශාල මුදලක්, කොහෙන්ද මේවාට සල්ලි?
මොවුන් මේ රට හදන පාටක් නෑ. ආපහු ඡන්දේ දෙන්නේ ගොන් පාට් නැවැත්තුවාම...
ට්‍රිලියන ගණන් ණය අරගෙන පච වලට පලස්තර දානවා