IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


තල් ලොක්කාගේ ‘ගින්න’ අතේ පත්තු වෙයි

(සුජිත් හේවාජුලිගේ)

තල් සංවර්ධන මණ්ඩලයේ ප්‍රධානියකු එම මණ්ඩලයේ කොළඹ කාර්යාලයේ ඇති තමන්ට එරෙහි මූල්‍ය වංචා චෝදනාවලට අදාල ලිපිගොනු  රැසක් යාපනයට ගෙන ගොස් පුළුස්සා දැමීමේ සූදානමක් වාර්තාවීමෙන් පසු වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ  නිලධාරින් කණ්ඩායමක් වහාම එහි පැමිණ එම උත්සාහය වළක්වා ඇත.

පසුව එම ලියකියවිලි වගකිවයුතු නිලධාරියකු බාරයට පත්කර ඇතැයි එහි ආරංචි  මාර්ගවලින්  පැවසේ.

දූෂණ වංචා සම්බන්ධ මෙම ලිපි ගොනු විනාශ කිරීමට සූදානම් වී ඇතැයි පැවසෙන්නේ මෙම සභාපතිවරයා විසින්  එම මණ්ඩලයේ උසස් තනතුරකට මෑතකදී පත් කෙරුණු නිලධාරියක බව දැනගන්නට ඇත.එම නිලධාරිනියද විවිධ දූෂණ වංචා චෝදනා සම්බන්ධයෙන් චෝදනා ලැබූ තැනැත්තියක බව ආරංචි මාර්ග සඳහන් කළේය.

අමාත්‍යාංශයේ විගණන කළමනාකරණ කමිටුවේදී පසුගිය 8 වැනිදා ගත් තීරණයක් අනුව මෙම ලිපි ලේඛන පිටතට ගෙන යෑම  මෙසේ වළක්වා ඇත.

මේ අතර තල් සංවර්ධන මණ්ඩලයේ  මුල් පුටුවකට  මූලික අධ්‍යාපන සුදුසුකම් හෝ සපුරා නැති මූල්‍ය වංචා චෝදනා එල්ල වී ඇති පුද්ගලයකු පත්කර ඇතැයි එහි සේවකයෝ  වැවිලි කර්මාන්ත අමාත්‍යවරයාට ලිපියක් යවමින් දැනුම් දෙති.

එසේම මෙම ප්‍රධානියා කෝටි හතරකට ආසන්න මූල්‍ය වංචාවලට සම්බන්ධ අමාත්‍යාංශ පරීක්ෂණවලින් පසු ඉවත් ඉවත් කෙරුණු නිලධාරීන් පිරිසක්  එම මණ්ඩලයට  පත් කර ගැනීමට උත්සාහ දරමින් සිටින බවටද  ඔවුහු චෝදනා කරති.



අදහස් (1)

තල් ලොක්කාගේ ‘ගින්න’ අතේ පත්තු වෙයි

Premachandra Tuesday, 14 January 2025 08:11 AM

ඕවා 1988-89 භීෂණ කාලයේත් සමහරක් පළාත් පාලන ආයතනවලත් සිදුවෙලා තියෙනවා එක්තරා පළාත් පාලන ආයතනයක හිටපු ලිපිකරුවෙකුට විනයානුකූලව දඩුවමක් දීලා එම ලිපිය පුද්ගලික ලිපි ගොනුවෙ ගොනුකර තිබුනා ඉතින් එම පුද්ගලයා එම කාර්‍යාලය ගිනිතබා එම ලේඛන විනාශකලේ ජවිපෙ විසින් ඒවා කලා කියන්න තමයි අන්තිමේ අදාල පුද්ගලයා අතැතිව තිබූ ලිපිවල පිටපත් අරගෙන ගොනුව සකසා නිර්දෝශි කෙනෙක් වගේ ශ්‍ර්‍රිලංකා පරිපාලන සේවයේ විභාගයටත් ලියා සමත්වෙලා එක්තරා පළාත් සභාවක ඉහල තනතුරක් දරා විශ්‍රාම ගත්තා

:       2       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 557 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site