IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


තරුණ තරුණියෝ දාහක් වාරියපොළට රොක් වෙති

(අංජුල මහික වීරරත්න)

ජාතික යොවුන් සේනාංකය මගින් පවත්වන පුහුණු පාඨමාලා වලට සම්බන්ධ වී සිටින තරුණ තරුණියන්ට වෘත්තීය මාර්ගෝපදේශය ලබා දෙන දීප ව්‍යාප්ත වැඩමුළු මාලාවේ වයඹ වැඩසටහන තරුණ තරුණියන් දහසකගේ සහභාගීත්වයෙන්  ජාතික යොවුන් සේනාංකයේ වාරියපොළ මධ්‍යස්ථානයේ දී අද ආරම්භ විය. 

ජාතික යොවුන් සේනාංකයේ වයඹ පළාතේ මධ්‍යස්ථාන 8 ක පුහුණුලාභීහු මීට එක්ව සිටියහ. 

මෙම වැඩසටහන් යටතේ වෘත්තීය පුහුණුව සඳහා තරුණ තරුණියන් යොමු කිරීම, රැකියා ගත කිරීම පිළිබඳ දැනුවත් කිරීම හා නව වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍ර හඳුන්වාදීම සිදු කිරීමට නියමිතය. 

ජාතික වෘත්තීය සුදුසුකම් ලබාදෙන රාජ්‍ය හා රාජ්‍ය නොවන වෘත්තීය පුහුණු ආයතන සමග එක්ව ජාතික යොවුන් සේනාංකය මෙම වැඩමුළු පැවැත්වීමට සැලසුම්කර ඇත. 

තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාගේ  ප්‍රධානත්වයෙන් ආරම්භ වූ මෙම වැඩසටහනට ජාතික යොවුන් සේනාංකයේ අධ්‍යක්ෂ ගාමිණී වික්‍රමපාල මහතා ඇතුළු නිලධාරීහු එක්ව සිටියහ. 



අදහස් (1)

තරුණ තරුණියෝ දාහක් වාරියපොළට රොක් වෙති

Amaray Friday, 09 May 2025 10:45 PM

අපගේ තරැණ තරුණියන්ගෙ අනාගත දියුණුව සකසා ගැණිමට ඉමහත් වන මෙවැනි පූහූණු කිරීම් ඉදියේදීත් කරන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 27157 30

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18174 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10877 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 631 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 190 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 844 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site