
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
තර්ජනයට ලක්විය හැකි විනිශ්චකාරවරුන්ට ප්‍රමාණාත්මක ආරක්ෂාවක් ලබාදී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට නීතිඥයන්ට සහ විමර්ශන නිලධාරීන්ට ඇති තර්ජන හඳුනාගෙන ආරක්ෂක තක්සේරු වාර්තා ගැනීමෙන් පසු ඔවුනටද ආරක්ෂාව ලබාදෙන අමාත්‍යවරයා කීය
ඔහු මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝග 27(2) යටතේ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
අකුරේගොඩ සිද්ධියෙන් සමස්ත නීතිඥ ප්‍රජාවට කිසිදු බලපෑමක් නැතැයිද ඔහු කීවේය.
නීතිඥවරුන්ට වෘත්තීය කටයුතු කිරීමට කිසිදු තර්ජනයක් නැති බව පැවසූ ආනන්ද විජේපාල මහතා ඝාතකයන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය නිසා අකුරේගොඩ සිද්ධියේ වැඩිදුර තොරතුරු හෙළි කළ නොහැකි බවද සඳහන් කළේය.
අකුරේගොඩ වෙඩි තැබීම පදනම් කරගෙන විපක්ෂනායකවරයා මෙම ප්රශ්නය මතු කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසූචි කේස්වලට සම්බන්ධ වෙන්න කලින් දෙතුන්පාරක් හිතන්න වෙනවා. රජ්ජුරුවෝ උනත් කුඩුකෑවොත් කේස් තමයි.
සල්ලි ලැබෙනවා නම් ඕනෙම කුණු ගොඩක් -රත්තරන් ගොඩක් කියල කියපුවහම වෙන්නේ මේ රටේ පාතාල මදාවි ටික උන්ට ඕනේ ඕනේ හැටියට විනාශකාරී දේවල් වල යෙදෙනවා.දැන් වත් රටේ මිනිස්සුන්ට සාධාරණ වෙන විදියට තීන්දු තීරණ ගන්න. උන් එක්ක හුරතල් වෙන හැමෝම දැනගන්න ඕනේ, තමන් දැලි පිහියෙන් කිරි කන බවත් , ඒ හරහා රටේ ජනතාව, රටේ දරුවන් ලොකු අනාරක්ෂිත බවකට පත් කරනවා කියල, අම්මෙක් අප්පෙක් අඳුනන්නේ නැති උන් එක්ක උන්ගේ මුදලට ගිජු වෙලා උන් එක්ක ලගපුවහම ,උන්ගේ වැඩේ කරගත්තට පස්සේ, තමන්ට අත්වෙන ඉරණම භයානක බව තේරෙන්න ඕනේ.
බල්ලෝත් එක්ක නිදාගත්තොත් නැගිටින්න මැක්කොත් එක්ක.