
(බී.ජී. චතුරංග)
විජය පුවත්පත් සමාගම 21 වන වරටත් ඓතිහාසික තන්තිරිමලේ පුදබිමේ පවත්වනු ලැබූ, 'ලංකාදීප පොසොන් ආලෝක පූජාවේ' අවසන් දිනය වූ අද දින අති උත්කර්ෂවත් අන්දමින් මීට සුළු වේලාවකට පෙර ආරම්භ කෙරිණි.
පොසොන් පොහෝ දින සිට තෙදිනක් මුළුල්ලේ පැවැති මෙම ආලෝක පූජා පින්කමට දිවයිනේ නන්දෙසින් ආ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් සහභාගී වූහ.
උතුරු නැගෙනහිර දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක, තන්තිරිමලේ රාජමහා විහාරාධිපති , තන්තිරිමලේ චන්දරතන නාහිමිපාණන් ඇතුළු මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ, විජය පුවත්පත් සමාගමේ අධ්‍යක්ෂ, සමාරම්භක කර්තෘ හා උපදේශක කතෘ සිරි රණසිංහ , විජය පුවත්පත් සමාගමේ අධ්‍යක්ෂ ලාල් ජයවර්ධන, මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් මංජරී සී. චන්ද්‍රදාස, සහකාර ප්‍රාදේශීය ලේකම් හසිනි යශාරා, විජය පුවත්පත් සමාගමේ සහකාර සාමාන්‍ය අධිකාරි (විදුලි) නලින් නිවුන්හැල්ල, විජය පුවත්පත් සමාගමේ සභාපතිවරයාගේ පෞද්ගලික සහකාර නිමල් වික්‍රමසිංහ යන මහත්ම මහත්මීහු මෙහි වෙති.
පුරා දින තුනක් තිස්සේ තන්තිරිමලය පුදබිම, විදුලි බුබුළු දස දහස් ගණනින් එලිය කළ , මෙම ආලෝක පූජාව අදින් අවසන් කෙරිණි.
ඡායා ළහිරු හර්ෂණ


COMMENTS