
(නිමල් ජයරත්න)
අම්පාර මහඔය සිට මින්නේරිය බලා ධාවනය කරමින් තිබූ මින්නේරිය කාලතුවක්කු පුහුණු පාසලට අයත් ඩිෆෙන්ඩර් රථයක් මනම්පිටිය කුඩාවැව ප්‍රදේශයේ පාරෙන් ඉවතට පැන සියඹලා ගසක ගැටී සිදුවූ අනතුරකින් එහි ගමන් ගත් සෙබළුන් පස්දෙනකු තුවාල ලබා පොළොන්නරුව සහ මනම්පිටිය රෝහල්වලට ඇතුළත් කර ඇති බව මනම්පිටිය පොලිසිය කියයි.
මෙම අනතුරින් බරපතල තුවාල ලැබූ සෙබළුන් දෙදෙනකු පොළොන්නරුව රෝහලටත්, ඉතිරි තිදෙනා මනම්පිටිය රෝහලටත් ඇතුළත් කිරීමට පියවර ගත් බවද පොලිසිය පවසයි.
මහඔය ප්‍රදේශයේ පුහුණු පාඨාමාලාවට ගොස් ආපසු මින්නේරිය බලා ගමන් කරමින් සිටියදි ඔවුන් මෙම අනතුරට මුහුණපා ඇති බව පරීක්ෂණ සිදුකර මනම්පිටිය පොලිසියේ සඳහන් කරයි.
මෙම අනතුරට හේතුව රියදුරට නින්ද යෑම බව ඒ සම්බන්ධ පරීක්ෂණ සිදුකරන මනම්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසේල සරත් කුමාර මහතා අප කළ විමසීමකදී පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නින්ද යන්නේ නැතුව වාහනයක් එලවන්න හමුදාවෙන් පුහුණු කරලා නැද්ද ?
දැන් මේකට මාට්ටු වෙන්නේත් මාව. නිදාගත්තු කෙනා නෙමෙයි...