IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ඩෑන් ප්‍රියසාද්ට වෙඩි තබයි

 

(ගයාන් සූරියආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

සමාජ ක්‍රියාකරුවකු වන ඩෑන් ප්‍රියසාද් නමැත්තාට මීට සුළු වේලාවකට පෙර නාඳුනන තුවක්කුකරුවකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා  කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව පොලිසිය මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

යතුරු පැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවකු මෙම වෙඩි තැබීම සිදුකර පළා ගොස් ඇතැයි පොලිසිය පවසයි.

වෙඩි ප්‍රහාරයෙන් ඩෑන් ප්‍රියසාද් මහතා මියගිය බවට  පොලිසිය කලින් සඳහන් කළද එය වැරදී තොරතුරක් නිසා සිදු වූවක් බවට පසුව තහවුරු කරන ලදි.

එම වරද නිවැරදි කරමින් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවැසුවේ වෙඩි වැදුණු ඩෑන් ප්‍රියසාද් මහතා දැනට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ප්‍රතිකාර ලබන බවයි.

 



අදහස් (17)

ඩෑන් ප්‍රියසාද්ට වෙඩි තබයි

Sana Tuesday, 22 April 2025 10:13 PM

පාස්කු ප්‍රහාරයේ සාක්ෂි

:       2       10

Mahesh Tuesday, 22 April 2025 10:16 PM

දේවාලේ කරගෙන පාඩුවේ හිටියනම් නොමැරී ඉන්න තිබුණා. රජ ඇසුර භයනකයි කියන්නේ නිකන් නෙමේ.

:       2       5

පුරවැසියා Tuesday, 22 April 2025 10:18 PM

හරක් මරන්න එපා දෙයියෝ.

:       2       4

පොඩිඑකා Tuesday, 22 April 2025 10:29 PM

ඉතිරි කොටස හිතාගත හැක!

:       0       4

නෝ-මල් Tuesday, 22 April 2025 11:06 PM

සාටකයෝ අරක්ෂා වෙන්න වලදාන එක බත් පත කාගෙන හිටපු සාක්කි..........

:       2       8

Darshana Tuesday, 22 April 2025 11:58 PM

විරුද්ධ මත දරන පුද්ගලයන්ට ජීවත්වීමේ අයිතියක් නැත

:       3       6

නුවන් Wednesday, 23 April 2025 12:10 AM

ඩෑන් කියන්නේ ගොඩක් පින් කරපු හිත හොඳ කෙනෙක් . ඔහු ජාතිය ආගම ගැන කතා කරපු නිසා ඒවා දිරවන්නේ නැති කල්ලතෝනි ඔහුගේ මරනය ප්‍රාර්ථනා කරත්, ඔහු කල අප්‍රමාණ පින් කම් වලින් ලද අනන්ත කුසලයෙන් ඔහු සුවපත් වේවා ! වර්ෂය නම් මතක නෑ , රුවන් වැළි මහා සමිදුට ඔහු විසින් පිරිසක් එක්ක ලොකූ චීවර පූජාවක් කරා. එතුමාට මේ විශ්වයේ අනන්ත බලයෙන් ඉක්මනින් සුවපත් වේවා !!!

:       10       8

Sri lankan Wednesday, 23 April 2025 12:39 AM

මේ නාට්‍යයත් එයා අධ්‍යක්ෂණය කළා වෙන්න ඇති...

:       3       2

බද්රානි Wednesday, 23 April 2025 01:46 AM

මේ පුවත මුලින් කියවද්දී දැනුන සතුට, පසුව අසතුටක් දක්වා පරිවර්තනය වුවා...මරණයෙන් කෙලවර විය යුතු පුද්ගලයින් ජීවත් වෙලා යයි සිටුනු ඇසීමම කනගාටුවට කරුණක්...මෙවැනි පුද්ගලයින් මේ පින් බිමෙන් තුරන් වුන දාන මගේ මව් බිම සුන්දර තැනක් වේවි අප සැමට!! සමාජ පිළල මෙරටින් තුරන් කල යුතු කාලයයි මේ....මගේ රට ජාතිය වෙනුවෙන් කල උදාර ක්‍රියාවට නන්නාදුනන තුවක්කු කරුට මාගේ ගෞරවනීය ප්‍රණාමය පුදකරමි !!!දළදා සමුදු පිහිටෙන් තුවක්කු කරුව සියලු දෙවි දෙවතාවියන් ආරක්ෂා කරන සේක්වා!!

:       10       2

C.K.Lankaputhra Wednesday, 23 April 2025 04:41 AM

ලැබිය යුත්තාට ඔහුට හිමි යමක් ඇත්නම් එය ලැබිය යුතුමයි.

:       2       2

Shelton Wednesday, 23 April 2025 06:08 AM

මුලින් ඩෑන් ප්‍රියසාද් නැමැත්තා කියනවා පසුව ඩෑන් ප්‍රියසාද් මහතා කියනවා.

:       0       2

සිංහල නිංජා Wednesday, 23 April 2025 06:29 AM

මේ ආණ්ඩුවෙන් පිස්සු බල්ලන්ට වෙඩි කියන වැඩ සටහනක් පටන් අරන් වත්ද?

:       4       5

යෝගා Wednesday, 23 April 2025 06:51 AM

මේ ආණ්ඩුව පාතාලය හුරතල් කරන්නේ ඇයි කියලා දැන් පැහැදිලියි. පන්නපු කන්ටේනර්වලින් පාතාලයටත් සැපයීම් වෙලා ඇති.

:       6       10

පොලිසියේ රාලහාමි Wednesday, 23 April 2025 06:55 AM

පොලිසියේ "පළමුවෙනි" නිවේදනය අහපු සියලුම "ජාතිවාදී නොවන" ශ්‍රී ලාංකිකයින් වන අපි සතුටින් ඉපිලිගියා, නමුත් මේ රටේ අවාසනාවකටදෝ පොලිසියේ දෙවන නිවේදනයෙන් කිවේ ..මේ ජාතිවාදී..ආගම්වාදී..රට ගිනිතියන අමනයා අපාගතවෙලා නැහැ ..අපාගතවෙන්න ඔන්න මෙන්න ..දැඩිසත්කාර ඒකකයේ පන ගැහි ගැහි කරපු අපරාධ මෙනෙහි කරමින් පන අදිනවා කියලා.දැන් මේ සිද්ධියටත් ගොම්මන්පිල, චම්පික වගේ අමන ජාතිවාදී නරුමයින් මොකක් හරි නරිනාටකයක් ලියලා ඇති.කවුරු කලත් වැඩේ හරියට නොකල එකටනම් සමාවක් දෙන්න බැහැ ..

:       9       3

Rupavathi Wednesday, 23 April 2025 07:11 AM

අයියෝ..මම හිතුවේ වලකජ්ජ ගහලා කියලා.

:       7       4

Roshan Wednesday, 23 April 2025 07:48 AM

පොලිසියටත් හදිස්සිය නේ. මේ නිවුස් එක දෙන්න. ඉතින් පොලිසියට පොඩ්ඩක් ඩාම් උනා, ඩූම් උනා

:       2       9

Hafeel Wednesday, 23 April 2025 09:55 AM

කල දේ පල දේ .තමන් වපුරපු එක තමයි නෙලන්නෙත්

:       4       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1978 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1549 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site