IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


ට්‍රම්ප්ට වෙඩි තියලා

පෙන්සිල්වේනියාවේ මැතිවරණ රැළියක් අතරතුරේ, හිටපු ජනාධිපති ප්‍රතිවාදී රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාරයක් එල්ල විය.

එක් වෙඩි උණ්ඩයක් ට්‍රම්ප්ගේ දකුණු කණ අසග තුවාල වුණු බවත් ආරක්ෂක අංශ සාමාජිකයන් වහා මැදිහත් වී ට්‍රම්ප් ආරක්ෂිතව එතැනින් ඉවත් කළ බවත් ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

දහසකට වැඩි පිරිසක් එළිමහනේ පැවැති එම මැතිවරණ රැලියට පැමිණ සිටි අතර වෙඩි ප්‍රහාරය එම පිරිස අතරින් වේදිකාවේ සිටි ට්‍රම්ප් දෙසට එල්ල විය.

වෙඩි ප්‍රහාරය එල්ල වුණු සැණින් සීක්‍රට් සර්විස් ජනාධිපති ආරක්ෂක අංශ සාමාජිකයන් වහා ට්‍රම්ප් වටකරගෙන ඔහුට ආරක්ෂාව දෙද්දී, සෙසු හමුදා ආරක්ෂක නිලධාරීන්ගේ අවධානය වෙඩික්කරු යැයි සැක කළ පුද්ගලයා වෙත යොමු වූ බවත්, ආරක්ෂක අංශ නිලධාරීන් තත්පර කීපයක් ඇතුළත පෙරළා කළ වෙඩි තැබීමෙන් ඔහු මියගිය බවත් පැවැසෙයි.

වෙඩි තැබීම කළේ ස්නයිපර් තුවක්කුකරුවෙකි. 

මැතිවරණ රැලිය පැවැත්වූයේ පෙන්සිල්වේනියාවේ බට්ලර් ප්‍රාන්තයේ නගරයේය. වෙඩි හුවමාරුව අතරතුරේ රැලියට සහභාගී වී සිටි අයකු ද ජීවිතක්ෂයට පත්වුණු බව පැවැසෙයි. මේ බව බට්ලර් ප්‍රාන්ත නීතිපතිවරයා ද තහවුරු කර ඇත.

කණ අසල සීරිමක් වැනි තුවාලයක් දකින්න ලැබුණත්, ට්‍රම්ප්ගේ තත්ත්වය බරපතළ නොවන බව සහ ඔහු යහතින් සිටින බව පැවැසෙයි. ආරක්ෂක අංශ සාමාජිකයන් ට්‍රම්ප් වටකර ගනිමින් වේදිකාවෙන් රැගෙන යද්දී ඔහු තමා හොඳින් සිටින බව පෙන්වමින් රැස්ව සිටි පිරිසට අත වැනුවේය.

(සි.එන්.එන්.)



අදහස් (16)

ට්‍රම්ප්ට වෙඩි තියලා

Bamunuarachchi Sunday, 14 July 2024 06:25 AM

ට්‍රම්ප් යහතින් ඉන්නවාලු. දැනුයි ඇඟට ලේ ඉනුවේ. අනේ හොඳා ඒකට ලංකාවේ එවුන් යහතින් ඉන්නවා. පව්!

:       25       18

Perera Sunday, 14 July 2024 07:24 AM

ඔහොම ගැටක් තියන එවුන් ලංකාවේ නැ

:       19       27

Lakshitha Sunday, 14 July 2024 08:55 AM

බයිඩන් අප්පුහාමි මරු විකල්ලෙන් විකාර නටනවා. ට්‍රම්ප්ව හිරේ දාන්න දස අතේ ගේම් දීලා කෙලවුනාම, මරවන්න ගේම ගහනවා. බයිඩන් නම් පරණ ජෙප්පෙක්ද මන්දා, කුහක කමයි ඉරිසියාවයි ජඩකමයි දෝරෙ ගලනවා. මෙයා ජනාධිපති වුණේ නැත්තන් අදටත් යුක්‍රේනේ කොල්ලෝ ලක්ශ 5ක්, රුසියාවේ කොල්ලෝ ලක්ශ 1.5ක්, පලස්තීනේ 38,000ක්, ඊස්‍රායලේ 2000ක් ජීවත් වෙනවා.

:       13       7

Nimal Sunday, 14 July 2024 09:56 AM

මේකට KPI ගේ වැඩක් කියලා අපේ හරක් ටික කියලද දන්නේ නෑ.

:       2       6

සුපුන් චාමර Sunday, 14 July 2024 10:17 AM

1999 අපේ ඡන්දේ මතක් වුණා...

:       1       5

රටවැසියා Sunday, 14 July 2024 11:39 AM

පුදුම විය යුතු කාරණයක් නෙවෙයි, ලෝකයේ වැඩිම මානසික ලෙඩ්ඩු ඉන්න රට, කොකා කෝලා වලටත් වඩා ගිනි අවි විකුනන රට, ඕනැම අපරාධයක් කිරීමට නිදස තියෙන රටක්! - අපිට හිතන්න තියෙන්නේ අපේ රටත් මේ වගේ වෙයිද කියලා...

:       4       8

fairoos Sunday, 14 July 2024 11:42 AM

මේකට සම්මාන දෙන්න බෑ.

:       0       5

Saman Sunday, 14 July 2024 11:53 AM

අපේ රටේ ඔහොම දෙයක් වුනානම්,ඒක මුළු රටටම සුභ ආරංචියක් වෙනවා.රතිඤ්ඤ පත්තු කරන්නං,කිරිබත් කඤ්ඤං.

:       0       8

Danushka Sunday, 14 July 2024 12:38 PM

ගිය සතියේ ලංකාවේ වුනා වගේ මේක ටම්ප්ගෙි ප්ලැන් එකක් ස්නයිපර් සොට් එකක් කන ලගින් යන්න විදියක් නැ

:       4       8

syril Sunday, 14 July 2024 01:22 PM

අනේ ඉතින් මෙහෙ නම් රාජපක්ෂලා හොඳින් ඉන්නවා.

:       1       6

Rohana Sunday, 14 July 2024 01:59 PM

මේකෙන් වෙන්නේ ට්‍රම්ප්ට ලැබෙන ඡන්ද ප්‍රමාණය තවත් ඉහළ යාමයි.

:       0       7

Malin Sunday, 14 July 2024 02:30 PM

වෙඩි උණ්ඩ වල KPI කියලා ගහලාද බලන්න...!

:       1       6

Roshan Sunday, 14 July 2024 04:48 PM

බැලූ බැල්මට පේන්නේ මිනිහාම තියාගෙන වගේ... තියපු එකාවත් මරලනේ... දැන් කොහොමද සාක්ෂි...?

:       7       6

sunil Sunday, 14 July 2024 07:20 PM

ඕක ලංකාවේ වුණා නම්, වෙඩි තියපු එකා රටින් පනිනකම් අල්ලන්නේ නැහැ.

:       0       0

B Amarasinghe Sunday, 14 July 2024 09:25 PM

තියලාද? නැත්නම් තියවාගෙනද? තවම පැහැදිලි නෑ...

:       1       1

සෙනෙවිරත්න Sunday, 14 July 2024 09:41 PM

ලක්ෂිිත කියන හාදය පිස්සුවෙන් කියවනව, තව මාස තුනකින් තමන් සහ තමන්ගෙ පන්තිය අයුතු ලෙස ජනතා මුදල් ගසා කා ලබාගත් වරප්‍රසාද නතරවෙන බව දැන ගෙන, ඒකයි ඔය ජවිපෙ කුහකයි කියන්නෙ. රටේ සම්පත් අයුතු භාවිතය , රථ පෙලපාලි, අප්පගෙන් පුතාට දේශපාලනයට එරෙහිව නොබියව කතා කරන ජවිපෙ , නිවට කමට වලි⁣ගෙ පාත්කරගෙන අර සංදර්ශන බලන උන්ට කුහකයි කියල පේනව.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 24752 26

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18142 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10859 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 577 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 172 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 833 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site