IMG-LOGO

2025 පෙබරවාරි මස 11 වන අඟහරුවාදා


ට්‍රම්ප්ගේ දිවුරුම් දීම අද

ඇමෙරිකාවේ 47 වැනි ජනාධිපති ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් අද (20) දිවුරුම් දෙයි. 

සාමාන්‍යයෙන් ඇමෙරිකන් ජනාධිපතිවරයා දිවුරුම් දෙන්නේ වොෂින්ටන් අගනුවර කැපිටල් ගොඩනැගිල්ල ඉදිරිපිට එළිමහනේ වුවත්, මේ වනවිට වොෂින්ටන් අගනුවරට බලපා ඇති දැඩි ශීත කාලගුණය හේතුවෙන්, දිවුරුම් දීමේ උත්සවය කැපිටල් ගොඩනැගිල්ලේ රොටුන්ඩා ශාලාවේ දී පැවැත්යීමට කටයුතු යොදා ඇතැයි වාර්තා වේ.

දැඩි ශීත කාලගුණය හේතුවෙන්, තම දිවුරුම්දීමට සහභාගී වන සියලු දෙනාගේ ආරක්ෂාව සැලකිල්ලට ගනිමින්, දිවුරුම්දීම ගෘහස්ථව සිදු කරන බව ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ නිවේදනය කර ඇත.

මීට පෙර ඇමෙරිකන් ජනාධිපතිවරයකුගේ දිවුරුම් දීමේ උළෙලක් ගෘහස්ථව පැවැත්වූයේ 1985 වසරේදීය. එදා ජනාධිපති ලෙස දිවුරුම් දුන්නේ රොනල්ඩ් රේගන්ය. එම දිවුරුම් දීම ද ගෘහස්ථව සිදු වූයේ අයහපත් ශීත කාලගුණය නිසාය.

පසුගිය නොවැම්බරයේ පැවැති ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයක් හිමි කරගත් ට්‍රම්ප්, දිවුරුම් දෙන්නේ බයිබලය මත අත තබමිනි. ඒ, අගවිනිසුරුවරයා ඉදිරියේය. 

ට්‍රම්ප් බිරිඳ මෙලානියා පමණක් නොව, ට්‍රම්ප්ලේ දරු දැරියෝ ද මෙම අවස්ථාවට සහභාගී වෙති.

ට්‍රම්ප් ජනාධිපති ලෙස දිවුරුම් දෙද්දී, ට්‍රම්ප් සිය දෙවැනියා ලෙස තෝරාගත් උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් එම ධුරයේ දිවුරුම් දෙනු ඇත. ජේ.ඩී. වැන්ස්ගේ බිරිඳ ද එම අවස්ථාවට සහභාගී වෙයි.

දිවුරුම් දීමේ උළෙලට ට්‍රම්ප් සහ මෙලානියා කැඳවාගෙන ඒම සිදු කරනු ලබන්නේ, ධුරයෙන් සමුගන්නා ජනාධිපති ජෝ බයිඩන් සහ බිරිඳ ජිල් බයිඩන් විසිනි.

ට්‍රම්ප් මීට පෙර, ඇමෙරිකා ජනාධිපති ලෙස දිවුරුම් දී රාජකාරි කළේ 2017 සිට 2021 දක්වා කාලයේය. 2020 ජනාධිපතිවරණයෙන් ට්‍රම්ප් පරාජය වූයේ ජෝ බයිඩන්ටය. ට්‍රම්ප්, පසුගිය 2024 නොවැම්බර් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ තවත් ධුර කාලයක් ඉතිරිව ඇති බැවිනි. 

අද (20) දින පැවැත්වෙන දිවුරුම්දීමේ උළෙලට, ධුරයෙන් සමුගන්නා උප ජනාධිපතිනී කමලා හැරිස් සහ සැමියා ද සහභාගී වනු ඇත. පසුගිය නොවැම්බරයේ ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී ට්‍රම්ප්ගේ ප්‍රතිවාදියා වූයේ හැරිස්ය. 

ඊට අමතරව හිටපු ජනාධිපතිවරුන් සහ බිරියන් ද දිවුරුම් දීමේ උළෙලට සහභාගී වනු ඇතැයි පැවැසෙයි. හිටපු ජනාධිපති බැරැක් ඔබාමා උළෙලට සහභාගී වුවත්, බිරිඳ මිෂෙල් ඔබාමා ඊට සහභාගී නොවනු ඇතැයි කල් තියා නිවේදනය කර තිබේ.

විදෙස් රාජ්‍ය නායකයන් සහ නියෝජිතයන් ද දිවුරුම් දීමේ උළෙලට සහභාගී වනු ඇතැයි ද පැවැසෙයි. චීන ජනාධිපති ෂී ජින්පින් වෙනුවට චීන උප ජනාධිපති හැන් ෂෙන්ග්, ආජන්ටිනා ජනාධිපති හවියේ මිලෙයි, බ්‍රසීලයේ හිටපු ජනාධිපති යාර් බොල්සරානෝ, ඉතාලි අගමැතිනී ජෝර්ජියා මෙලෝනි, ඉන්දීය විදේශ ඇමති එස්. ජයිශංකර් එම පිරිස අතර සිටිති.

නොවැම්බරයේ පැවැති ජනාධිපතිවරණයේ දී ට්‍රම්ප්ගේ ජයග්‍රහණයට ශක්තියක් වූ ලොව අංක එකේ බිලියනපති ඉලොන් මස්ක් ප්‍රමුඛ ඇමෙරිකන් ව්‍යාපාරික ප්‍රබලයන් ද දිවුරුම් දීමේ උළෙලට සහභාගී වීමට ද නියමිතය. මාර්ක් සකර්බර්ග්, ජෙෆ් බෙසෝස් පමණක් නොව ටික්ටොක් සමාගමේ ප්‍රධානී ෂෝව් සී චිව් ද ඒ අතරේ සිටිති. 

මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවකට අනුව, ඇමෙරිකාවේ තුළ ටික්ටොක් තහනම් කර තිබේ. ඒ, චීනයේ නිර්මාණය කළ ටික්ටොක් යෙදවුම හරහා චීනය ඇමෙරිකාවේ තොරතුරුවලට පිවිසෙන බවටත්, එය ඇමෙරිකාවට තර්ජනයක් බවටත් ඇමෙරිකානු රජයේ ජාතික ආරක්ෂක බලධාරීන් කරුණු පැහැදිලි කිරීමෙන් අනතුරුවය.

 (ඒ.එෆ්.පී.)



අදහස් (1)

ට්‍රම්ප්ගේ දිවුරුම් දීම අද

fairoos Monday, 20 January 2025 11:03 AM

අපේ හිටං සිරිසේන වගේමයි. නියම විහිලු කාරයෙක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

මෙක්සිකෝ බෙක්කේ නම වෙනස් වෙයි
2025 පෙබරවාරි මස 10 727 0

මෙක්සිකෝ බොක්ක ’’ඇමෙරිකා බොක්ක’’ ලෙස නිල වශයෙන් නම් කරමින් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඒ සඳහා වන විධායක නියෝගයට අත්සන් තබා ඇත.


වේරහැර රියදුරු බලපත්‍ර අංශයට නව කොමසාරිස්වරයෙක්
2025 පෙබරවාරි මස 10 429 0

අනූපම මංගල වික්‍රමාරච්චි මහතා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු වේරහැර රියදුරු බලපත්‍ර අංශයේ කොමසාරිස්වරයා ලෙස වැඩ ආරම්භ කළේය.


ආහාර කමිටුව රැස්වෙයි
2025 පෙබරවාරි මස 10 250 0

සිංහල හා හින්දු අලුත් අවුරුදු කාල සීමාවේ දී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඛණ්ඩව සැපයීම හා එම භාණ්ඩ මිල පාලනයක් සහිතව තබා ගත යුතු බව ආහාර ප්‍රතිපත්ති හා සු


කොටහේනේ වෙඩි තැබීමකින් අයෙක් මරුට
2025 පෙබරවාරි මස 10 271 0

කොටහේන බෙනඩික් මාවතේදී යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු අතරින් එක් පුද්ගලයෙකු සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයකුත් තුවාල ලබා රෝහල් ගත


චමිඳු එක්දින සංචිතයෙන් ඉවත් කරයි
2025 පෙබරවාරි මස 10 1151 0

ඕස්ට්‍රේලියාවට එරහෙිව අනිද්දා (12) ආරම්භ වන තරග දෙකකින් සමන්විත එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා එක්දින සංචිතයේ වේග පන්දු යවන


IMF විධායක අධ්‍යක්ෂ අග්‍රාමාත්‍ය හරිනි හමුවෙයි
2025 පෙබරවාරි මස 10 235 0

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමනියම් මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අතර හමුවක් අග්‍ර


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 80 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 119 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 879 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site