
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙරටට පැනවූ තීරු බද්ද සියයට 20 දක්වා අඩුකර ගැනීමට පැවැති සාකච්ඡාවලදී විද්‍යුත් වාහන ඇතුළුව ඇමෙරිකානු වාහන තීරු බදු රහිතව මෙරට වෙළෙඳපොළට ගැනීමට අවස්ථාව දෙන්නැයි යෝජනාවක් ඉදිරිපත් වූ බව ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර වෙළෙඳාමේ දී ශ්‍රී ලංකාවට වාසිදායක අයුරින් තිබෙන වෙළෙඳ හිඟය අවම කර ගැනීම සඳහා ඇමරිකානු පාර්ශ්වය මෙම යෝජනාව ඉදිරිපත් කර තිබූ බව ආරංචි මාර්ග පැවැසුවේය.
කෙසේ නමුත් ඇමරිකාවේ එම යෝජනාවට රජය එකවර අනුමැතිය නොදුන් බවත් මේ සම්බන්ධව ශ්‍රී ලංකා රජය අදියෙරන් අදියර සලකා බලනු ඇති බවට එහිදී ඇමරිකානු පාර්ශ්වයට දන්වා ඇති බවත් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
ජනපති ට්‍රම්ප්ගේ තීරු බද්ද යටතේ පසුගිය දා ශ්‍රී ලංකාවට පැනවූ සියයට 20 ක තීරු බද්ද අඩුකර ගැනීමට අඛණ්ඩව ඇමරිකාව සමග ශ්‍රී ලංකාව සාකච්ඡා පවත්වනු ඇතැයි ආරංචි මාර්ග පැවැසුවේය.
තීරු බද්ද අඩුකර ගැනීම සඳහා පැවැති නවතම සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ට්‍රම්ප්ගේ තීරු බද්ද යටතේ මුල් අවස්ථාවේ දී පැනවූ සියයට 44 ක තීරු බද්ද සියයට 20 දක්වා අඩු කෙරුණු අතර එම ප්‍රතිශතය ශ්‍රී ලංකාවේ තරගකරුවන්ට පනවා ඇති බදු ප්‍රතිශතවලට සමාන මට්ටමක පවතී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමරිකාවේ ආර්ථිකෙත් ලංකාවේ ආර්ථිකේට සමානද? ඇමරිකාව ලංකාවෙන් බදු සහන ඉල්ලන්නේ.
ඇමෙරිකාවේ නිෂ්පාදිත ඊ වාහන අපේ රටේ ජනතාවට බදු නැතිව ගන්න ලැබෙනවා නම් මම හිතන්නේ එය ඉතා හොඳයි කියලා. දුම් පරික්ෂාව කියන දැනට කිසිම වැඩක් නැතිව ගෙවන මුදල ඉතිරි වෙනවා. දුම් බද්ද ගැහුවා කියල පරිසරයට අමුතුවෙන් කරන කජ්ජක් තියෙනවද නැහැනේ. ඒ වැඩෙන් ඉන්ධනවලට වැයවන රටේ ඩොලර් ගණන ඉතිරි වෙනවා. අපි ධනාත්මකව හිතන්න ඕනි.
අමෙරිකාවෙන් බදු රහිතව වසර කිහිපයක් පැරැණි සුලු අනතුරු වලට ලක්වූ වාහන ගෙන්වා බොඩි රෙපයාර් කර යලි අපනයනය කරන්නට අවසර දෙනවා නම් ඩුබායි රටේ කරනවා මෙන් විශාල මුදලක් උපයා ගත හැකි වෙනවා. මේ සදහා අප්රිකානු රටවල මෙන්ම මැද පෙරදිගත් විශාල ඉල්ලුමක් පවතිනවා.