IMG-LOGO

ටිරාන්ට ඩුබායි පාතාලයකුගෙන් මරණ තර්ජන

(සුජිත් හේවාජුලිගේ)

මහජන ආරක්ෂක හිටපු අමාත්‍ය ටිරාන් අලස් මහතාට ඩුබායිහි සිටින පාතාල නායකයකුදුරකතන ඇමැතුමක්දී මරණ තර්ජන කර ඇතැයි ඔහු වැඩබලන පොලිස්පතිවරයාට පෞද්ගලිකවම පැමිණිලි කර තිබෙන බව වාර්තාවේ.

ඒ අනුව එම සිද්ධිය සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයා දැනටමත් විමර්ශනයක් ආරම්භ කර ඇතැයිද දැනගන්නට ඇත.

ටිරාන් අලස් මහතා මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේදී පාතාල නායකයඅන් හා පාතාල සාමාජිකයන් නැවත මෙරටට ගෙන්වීමට අවශ්‍ය නියෝග දීම පිළිබඳව සදහන් කරමින් පාතාල නායකයා අලස් මහතාට දුරකතන ඇමතුම් කිහිපයක්ම ලබාදී මෙසේ මරණ තර්ජන කර ඇති බව ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය

ටිරාන් අලස් මහතාට පාතාල නායකයෙකු මීට පෙරද මරණීය තර්ජන කර තිබිණ.

මේ සිද්ධියෙන් පසු ටිරාන් අලස් මහතාගේ අාරක්ෂාව තවදුරටත් තර කිරීමට කටයුතු කෙරෙනු ඇත.

 



අදහස් (7)

ටිරාන්ට ඩුබායි පාතාලයකුගෙන් මරණ තර්ජන

Pankumburage Monday, 07 July 2025 04:14 AM

මෙයාට තියන නඩු ටික ඉක්මණට අහලා හිරේ දැම්මා නම් ඉවරයිනේ... එතකොට ආරක්ෂාව ඉබේම ලැබෙනවානේ...

:       3       7

maalaka Monday, 07 July 2025 07:16 AM

හැබෑද? තමාට විරුද්ධව යන පරීක්ෂණ වල අවධානය වෙනතකට හරවන්න උත්සහ කරනවා නෙමේ නේද ?

:       4       10

යෝගා ඩෝබි Monday, 07 July 2025 09:09 AM

දෙමටගොඩක් තියෙන පැත්තේ පාතාල, කුඩු මුදලාලිගෙන් ආරක්ෂාව ඉල්ලගත්තනම් ඉවරයිනෙ.

:       2       12

Perera Monday, 07 July 2025 09:24 AM

කොටි ත්‍රස්තවාදී එක්ක පාතාලයොත් එක්ක ඩීල් දාපු එකෙක් නෙමෙයි මෙයා . යකුන්ගෙන් වැඩ ගත්තම ඔහොම වෙනවා

:       0       9

Amal Monday, 07 July 2025 09:25 AM

පව් දෙයියනේ ....ඒ අහිංසකයට තමයි ඔක්කොම කරදර වෙන්නේ...

:       0       6

Rata Perata Monday, 07 July 2025 11:33 AM

නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැති නිසා පාතාලයට හිතෙනවා ඇති ඉවසුවා ඇති කියලා. LTTE එකට සල්ලි දුන්නු එකේ ඉඳලා මෙයාගේ නම ගෑවුණු කිසිම සිද්ධියකට නීතිය ක්‍රියාත්මක වෙලා නෑනේ තවම...

:       0       4

wedage Monday, 07 July 2025 11:40 AM

පාතාලයෙක්ට, පාතාලයෙක්ගෙන් තර්ජන...

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 113 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 327 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 147 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site