IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ජස්ටින් ටෘෘඩෝ පදවියෙන් යන්න තීරණය කරයි

(විමුක්ති එස් රුද්‍රිගු)

කනඩා ලිබරල් පක්ෂයට නව නායකයකු තෝරා ගැනීමෙන් පසුව කැනඩා අග්‍රාමාත්‍ය ධුරයෙන් තමා ඉල්ලා අස්වන බව කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘෘඩෝ අද පැවැති මාධ්‍ය හමුවේදී නිවේදනය කළේය.

කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘෘඩෝ ලිබරල් පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට සූදානම් වන බව කැනඩා මාධ්‍ය වාර්තා කිරීමත් සමග අගමැති ටෘෘඩෝ අද එරට වේලාවෙන් පෙරවරු 10.45 ට මාධ්‍ය හමුවක් කැඳවූ අතර එහිදී තමන් ලිබරල් පක්ෂ නායකත්වයෙන් මෙන්ම අග්‍රාමාත්‍ය ධුරයෙන්ද ඉල්ලා අස්වීමට බලාපොරොත්තු වන බව ඔහු පැවැසුවේය.

නව නායකයකු තෝරා ගන්නා තෙක් පාර්ලිමේන්තු කටයුතු එළැඹෙන මාර්තු 24 වැනිදා තෙක් අත්හිටුවන බවද ඔහු එහිදී ප්‍රකාශ කළේය.

තමන් කැනඩාව පිළිබඳව සැමවිටම සිතන බවත් මේ අවස්ථාවේ සිය රටවැසියන්ගේ යහපත වෙනුවෙන් ගත හැකි හොඳම තීරණය මෙය බව තමන් විශ්වාස කරන බවත් අගමැතිවරයා ඉල්ලා අස්වීම පිළිබඳ නිවේදනය කරමින් මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.

කැනඩාවේ ඇතිවෙමින් තිබෙන අර්බුදකාරී තත්වයෙන් ගොඩගැනීමට තමන් උත්සාහ දැරුවත් මාස කීපයක සිට සුළුතර නියෝජනය හේතුවෙන් පාර්ලිමේන්තුව අඩපණ වී ඇතැයි ඔහු ප්‍රකාශ කළේය.

 



අදහස් (6)

ජස්ටින් ටෘෘඩෝ පදවියෙන් යන්න තීරණය කරයි

Kule Tuesday, 07 January 2025 02:50 AM

ඔය ගියහම ඔයා පිළිගත්තු අර දෙමල නිජබිමට මොකද වෙන්නේ?

:       1       9

ravin Tuesday, 07 January 2025 05:25 AM

ඕනෙ නම් දෙන්නම් අපේ රටේ ඉන්නවා ඕනෑම දෙයක් විනාශ කල හැකි දේශපාලුවෝ ටිකක්. ඒක දුරකථන ඇමතුමක වියදම විතරයි යන්නේ.. එවැනි යන සියලු විය හියදම් පොදුජනයා දැරීමට සුදානම්.

:       1       8

Bunny Preena Tuesday, 07 January 2025 08:42 AM

ක්ලීන් කැනඩා?

:       2       6

Mohamed Tuesday, 07 January 2025 08:43 AM

එකනේ අපේ අප්පච්චි ජනේලයෙන් හරි එල්ලිලා බලය ගන්න බැලුවේ

:       1       6

Perera Tuesday, 07 January 2025 09:03 AM

අපේ රනිල් කැනඩාවේ අගමැති පුරප්පාඩුවට සුදුසු නැද්ද ?

:       1       11

Lalla Tuesday, 07 January 2025 11:03 AM

මේ ඔක්කොම පැරදෙමින් පක්‍ෂ නායකත්වය අතහැරීම ප්‍රතික්ෂේප කරනවා.... මහජනයාට තම අභිමත දේශපාලන තීරණය ගැනීමට අවශ්‍ය පරිසරය නැති කරනවා. මැතිවරණ පරාජයකට පසු පක්‍ෂ නායකත්වය අලුත් අයට පැවරීම පක්‍ෂ ප්‍රතිපත්ති මාලාවට ඇතුළත් කිරීම අනිවාර්ය කරන නීතී අවශ්‍ය නැතිද?

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 569 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 282 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site