
(රෝෂන් තුෂාර)
අල්ලස් කොමිසමේ නිලධාරීන්ට මරණීය තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් එම නිලධාරීන්ගෙන් කොන්දේසි විරහිතව සමාව අයදීමට සූදානම් බව ස්නායු ශල්‍ය උපකරණ වැඩි මිලට විකුණුවේ යැයි කියන ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍යවරියගේ දියණිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය හමුවේ කරුණු ඉදිරිපත් කරමින් අද(05) ප්‍රකාශ කළාය.
අදාළ සමාව අයදීමෙන් නොනැවතී එසේ සමාව ගත් බවට දැන්වීම් පළකිරීමට සූදානම් බවත් ,තමන්ට එරෙහි විමර්ශනය එසේ සමථයකට පත්කර අනාගතය සකසා ගැනීමට ඉඩ ලබා දෙන ලෙසත් සැකකාර හේමාලී විජේරත්න අධිකරණයෙන් ඉල්ලා සිටියාය.
අල්ලස් කොමිසමේ නිලධාරීන්ට මරණීය තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් ඇප මත සිටින හේමාලී විජේරත්න සැකකාරිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා මෙම කරුණු අධිකරණයට ඉදිරිපත් කළේය.
අල්ලස් කොමිසමේ නිලධාරීන් දෙපළගෙන් අධිකරණය ඉදිරියේදී කොන්දේසි විරහිතව සමාව ගෙන නඩුව සමථයකට පත් කිරීමට සැකකාරිය සූදානම් නමුත්,මේ අවස්ථාවේදී අදාළ චෝදනාවන්ට වරද පිළිගැනීම හැකියාවක් නොමැති බව නීතිඥවරයා වැඩිදුරටත් පැවසීය.
2025 නොවැම්බර් මස 04
244
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2095
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1596
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජපුර වෛද්‍යවරියගේ දියණිය සමාව ගන්න සූදානම්
Rata Perata Tuesday, 05 August 2025 08:19 PM
අම්මා බලු වැඩ කළා මදිවට දුව තර්ජනය කරන්නත් එනවා. මේ සංස්කෘතිය වෙනස් කළ යුතුයි. සමාව දෙන්න එපා. ලොකු දඩයක් ගහන්න ඕනෑ..
Bunny Preena Wednesday, 06 August 2025 10:37 AM
වරදක් වෙලා නම් නැතිනම් මොකටද සමාවක් ඉල්ලන්නේ. කවුරුවත් එයාට සමාව ඉල්ලන්නයි කියලා බලපෑම් කරලත් නැහැනේ . මට තේරෙන්නේ නැහැ.