
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් අද (04) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
මෙම හමුවේදී ඉලංගෙයි තමිල් අරසු කච්චි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දීර්ඝ කාලයක සිට උතුරු නැගෙනහිර ජනතාව මුහුණ දෙමින් සිටින ගැටලු පිළිබඳව ජනාධිපතිවරයා දැනුම්වත් කළහ.
සිවඥානම් ශ්‍රීධරන්, පත්මනාදන් සත්‍යලිංගම්, සන්මුගම් කුගදාසන්, ෂානක්කියන් රාසමාණික්කම්, ඥානමුත්තු ශ්‍රීනේසන්, කවීන්දිරන් කෝඩීස්වරන්, ඉලයතම්බි ශ්‍රීනාත්, තුරෙයිරාසා රවිහරන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මේ අවස්ථාවට සහභාගී වූහ.
COMMENTS
බෞද්ධයින්ට විතරක් කෙලවන තවත් ඩීල් එකක් දාන්න වගේ.. තොපේ ඩීල් එක එක බෞද්ධ දේවල් ලන්කාවෙන් තුරන් කරන එක නේද..? ඩයස්පෝරා අය එක්ක ඩීල් එක ඕක නේද…?
කොහොම හරි බෝන් අගේන් ඇමරිකන් තානාපති ජුලී චන්ග්, LTTE ඩයස්පෝරා අය, සහ ලන්කාවේ කර්ඩිනල් පස්ස පැත්තෙනුත් හිනාවෙනවා ඇති. මේ අයට හිතෙනවා ඇති ප්‍රභාකරන්ට කරන්න බැරි දේ... අපි ලස්සනට යටින් ඩීල් එකක් දාලා ගත්තා නේද කියලා...!
අනුර කුමාර දිසානායක ජනාධිපති සහෝදරයා, රටේ මිනිස්සු හාල් ගන්න පෝලිම්වල ඉන්නවා කිලෝ 3ක් දෙනවාලු. මාලිමා JVP හවුල් ආණ්ඩුවේ කෘෂි ප්‍රතිපත්තිය අනුව දැන් කටයුතු කරන්න. සහල් පොල් ගණන් බව කියන්න. රටේ පුරවැසියන්ට අල, බතල, මයියොක්කා වගාකරන්න කියලා සහන දෙන්න...!
ජනාධිපතිතුමනි, දෙමළ භාෂාවෙන් කතා කරන්න පුරුදු වෙන්න. තවත් දෙමළ ජනතාවගේ හිත දිනාගන්න පුුළුවන්...
මමත් පිලි ගන්නවා උතුරේ, නැගෙනහිර ඉඩම් ප්‍රශ්න, ධීවර ප්‍රශ්න වලට තව මාස 6ක් ඇතුළත විසදුමක් දෙන්න ඕනේ. අතුරුදන් කීරිම උතුරේ දකුණේ වගේම අපේ මාමා වත් හිටපු රජය අතුරුදන් කරා. චන්ද්‍රිකාගේ ආණ්ඩුව 88/89 කාලේ හදපු වාර්තාවත් අතුරුදන්. එකේ ඉන්නවා වැරදිකරුවන්, හිටපු ජනපතිත් එක්ක. ඒ අයට දඩුවම් දීමත් අත්‍යාවශ්‍යයි.
දැන් හරියට හම්බවෙනවා නේද?
මේ අයට මොනවද දන්නෙ නැත තියන ප්‍රස්න ? ලංකාවේ පොදුවේ හැමෝටම තියන ප්‍රස්න තමා මේ අයටත් තියෙන්නේ. ආයෙත් කියනවා ඇති සියලුම බන්කර් අයින් කරන්න හමුදාව ඒ පැත්තෙන් අයින් කරන්න දෙමල ජනතාවගේ ප්‍රස්න විසදන්න කියලා. මෙයත් මොන මොන පොරොන්දු දෙනවද දන්නේ නැත. මොකද ඒ පැත්තේ චන්ද ටික ලැබුනනේ