IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


ජනපති අමරපුර මහා නා හිමි බැහැදකී

(අංජුල මහික වීරරත්න)

රටෙි දැවෙන ප්‍රශ්න වලට කඩිනම් විසඳුම් සෙවීම සඳහ සර්වපාක්ෂික ආණ්ඩුව ඉතා වැදගත් බව අග්ගමහා පණ්ඩිත දොඩම්පහල චන්දසිරි ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නා හිමියෝ පැවසූහ.

සාර්ව ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාවට නංවමින් රටේ දැවෙන ප්‍රශ්නවලවලට කඩිනම් විසඳුම් ලබාදීමට ශක්තිමත් රජයක් අත්‍යවශ්‍ය බව ද මහා නාහිමියෝ කීහ.

රාජගිරිය, කලපලුවාව, ගෝතම තපෝවන විහාරස්ථානයට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අමරපුර මහා නිකායේ මහා නා හිමි බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.  

මහා නා හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය සමග සාකච්ඡාවේ නිරත වීමෙන් පසු ධාතු මන්දිරයට ගොස්  ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනය කොට ජනාධිපතිවරයාට ආශිර්වාද කළහ. 

එහිදී අනුශාසනාවක් කරමින් දොඩම්පහල චන්දසිරි මහා නා හිමියන් පැවසූයේ කෘෂිකර්මාන්තයට මුල්තැන දී රට ස්වයංපෝෂිත කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කළ යුතු බවයි. කුසලතාව මත පදනම්ව රැකියා අවස්ථා ඉලක්ක කරගත් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සැකසීම සහ අනාගත ලෝකය ජයගත හැකි සුදුසු විෂයයන් පාසල් විෂය මාලාවට ඇතුළත් කළ යුතු බව ද මහා නා හිමියෝ පෙන්වා දුන්හ.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා ලේඛකාධිකාරී ආචාර්ය පල්ලේකන්ද රතනසාර හිමි ඇතුළු එම නිකාය නියෝජනය කරන සංඝ සභාවල මහා සංඝරත්නය ද සහභාගී වී සිටියහ.



අදහස් (4)

ජනපති අමරපුර මහා නා හිමි බැහැදකී

චින්තක Friday, 05 August 2022 01:53 PM

මෙම හමුව රූපවාහිනී පුවත් මගින් දැක්කා ඉතාමත් වැදගත් කරුණු ගොඩක් සාකච්ඡා වුනා එම අදහස් ක්‍රියාත්මක වුනොත් රටට සෙතක් වෙනවා

:       9       128

ajith Friday, 05 August 2022 02:54 PM

මෙයා ඉතින් වන්දනාවේ යනවා. අද රටේ මිනිස්සු බස් නැතුව පෝලින්වල වේලෙනවා.

:       49       5

SenakaSaturday, 06 August 2022 09:41 AM

පැය 12ක් යන්න කලින් බස් පෝලිම් ප්‍රශ්නෙ විසඳලා තියෙන්නෙ. කොහොමත් රටේ ප්‍රශ්නයක් එනකන් නියවගෙන ඉන්න සෙට් එකක් ඉන්නව. ඒ මිනිස්සුන්ගෙ දුක පෙන්නල හොර පාරෙන් බලේ ගන්න බලාගෙන.

:       0       0

කල්පනා Saturday, 06 August 2022 09:46 AM

අජිත් නොදන්නා වුනත් අතීතයේ රජවරු පවා සංඝයා වහන්සේසේලා ගෙන් උපදෙස් ගත්තා. උපදේශක පත්කිරීමට වඩා මෙහෙම උපදෙස් වියදමින් තොරව පත්කිරීමක් නැතුව ගන්න. පුළුවන් පත්කරන උපදේශක වගේ නොවෙයි ඉතාමත් සාර්ථක උපදෙස් ලැබෙනවා. .නායකයෙක් තීරණ ගතයුත්තේ ජනතා අදහස් .පූජ්‍ය පපක්ෂයේ උපදෙස් හා පූර්වාදර්ශයන් ආශ්‍රිතව තමයි .එහෙම නැතුව තීරණ ගැනීමේ විපාක හිටපු ජනාධිපති විදිනවා නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 337 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2147 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1622 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site