
(සුජිත් හේවාජුලිගේ )
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට හිටපු මන්ත්‍රීවරයෙකු ලෙස ලැබුණු විශ්‍රාම වැටුප ලබන මාසයේ සිට අත්හිටුවන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
ඒ සඳහා පාර්ලිමේන්තුවේ මූල්‍ය අධ්‍යක්ෂවරයාට දැනුම්දී ඇතැයිද එම ආරංචි මාර්ග අනාවරණය කළේය.
ජනාධිපතිවරයෙකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස වසර පහක් සම්පූර්ණ කර ඇත්නම් ඔහුට මන්ත්‍රී විශ්‍රාම වැටුප හිමිවන අතර ඔහු විශ්‍රාම ගිය පසු ජනාධිපති ධුරයේ විශ්‍රාම වැටුපද හිමිවන්නේය.
මේ ආකාරයට තමාට විශ්‍රාම වැටුප් දෙකක් අවශ්‍ය නැති බව අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පසුගිය 21 වැනිදා ප්‍රකාශ කළේය.
මන්ත්‍රීවරයකු ලෙස ලැබෙන විශ්‍රාම වැඩුප ඉවත් කරන ලෙස අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කිරීමට පෙර පාර්ලිමේන්තු මහ ලේකම්වරියට ලිපියකින්ද ඒ බව දැනුම් දී ඇත.
එම ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරිය එහි මූල්‍ය අධ්‍යක්ෂවරයාට යොමු කර ඇත.
COMMENTS
ආදර්ශයමත් නායකයෙක්. ජය වේවා.
ඔයා විතරක් කපාගෙන හරියන්නේ නැහැනේ , නීතියක් ගෙනල්ල ,අර නාස්තිකාර අප්පච්චිගෙයි , අල්ජසීරා මැති තුමාගෙයි ඒවත් කපල දාන්න , සමහරවිට අර පොළොන්නරුවේ ගමරාලත් තවම ගන්නවා ඇති
අර මන්ද මානසික යෝග කියන මනුස්සය දං මේකටත් කියාවි ෂෝ එකක් කියල.
ඒක නම් විශිෂ්ඨ ආදර්ශයක් . බලාපොරොත්තු තබාගතහැකි නායකයෙක් වග පෙන්වීමක්. කලබල නොවී බලා සිටිමු.
දැන් ස.ජ.බ. පොහොට්ටු බයියෝ වැලලෙන්න හදන්න එපා ඕවත් වැඩද කියලා.....
ඔබ අපට අඩම්බර නායකයෙකි!
1994 ඉඳන් අවුරුදු 30ක් වැටුප් ගන්නවා. විශ්‍රාම වැටුප් ගත්තා. පහුගිය මාස 6 විශ්‍රාම වැටුපයි, ජනාධිපති වැටුපයි දෙකම ගත්තා. පුංචි ඡන්දේ කිට්ටු වුණාම ජනතාව අන්දන්න හදනවා. ගෝඨාභය ජනාධිපති විදියට කිසිම වැටුපක් ගත්තේ නෑ. මේ සංදර්ශන වලට ඇන්දෙන අය දැක්කාම පුදුමයි.
ඉතින් අපට පාන් ද? මුන්ගේ පක්‍ෂය ඔක්කොම වියදම් දරනකොට පඩි දෙකක් ඕන නැහැ තමයි. ලංකාවේ පොහොසත්ම පක්‍ෂය තමයි මේ.
අවවාදයට වඩා ආදර්ශය උතුම් බව ඔබතුමා ක්‍රියාවෙන් පෙන්වා දුන්නා.
ගැලරිය පිනවන්ට කරන ධාතු වැඩ! 1) පලාත් සභා අහෝසි කිරිම 2) Sri Lankan ඇතළු අලාභ රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණ පුද්ගලික අංශය සමග ඒකාබද්ධ කිරිම 3) තාක්ෂණික සහා පුද්ගලික විද්‍යාල ආරම්භ කිරිම! කෘෂි තාක්ෂණික පිඨයන් ඇතිකිරීම! 4) සැම ලියාපදිංචි පක්ෂයක් සදහාම අරමුදල් පරිත්‍යාග කිරිම විගණනය කිරිම! 5) පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව 100 අඩුකිරීම හා අවම වැටුප මිලියන 1.5 සහා සියලුම වරප්‍රසාද ඉවත් කිරිම 6) විද්‍යුත් රාජ්‍ය සේවයක් 7) ඉන්දියානු හා චින ආනයනයන් අධෛර්යමත් කිරිම 8) O/L සහා A/L අහෝසිකොට ටියුෂන් සංස්කෘතිකය අධෛර්යමත් කිරිම 9) අධ්‍යාපන මාධ්‍ය ලෙස English 100% ඇති කිරිම 10) ඒක රටක් ඒක නිතියක්! 30000ක් කපා හැරලා රටක් දියුණු කරන්න බැ! ජනාධිපතිතුමාට ජන්දේට මිලියන කියක් ලැබුනද? කියක් වියදම් කලාද? ඒතොකට රටවැසියන්ට වැටෙහෙවි පඩිය කියන්නේ කරුමය කියලා!
මම ජොබ් එක පටන්ගත්තු දවසේ ඉඳලම වැටුප ගත්තේ නැහැ . හැම මාසෙම ඒ වැටුප අපේ අම්මාගේ ගිණුමට තමයි වැටුප් අංශයෙන් ගෙවන්නේ . පස්සේ මම අම්මාගෙන් ටික ටික එම මුදල් ඉල්ලා ගන්නවා.එත් සමහරු කියනවා මම වැටුප් ගන්නවා කියලා. ඒ බොරු නේද යාලුවනේ ?
ජනාධිපති විශ්‍රාම වැටුප එපා කියලා මන්ත්‍රී වැටුප ගත්තා නම් මොකද? එහෙම බෑනේ... ඒකෙන් ලැබෙන ගාන අඩුයිනේ නේද?
හොඳ තීරණයක් ජනාධිපති තුමනි නමුත් මිනිස්සු කැමති හොරුන්ට බොරුවෙන් ජිවත් වෙන එවුන්ට
ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාගේ ධාරිතාවය කුමක්දැයි කවුරුත් දනිති. ඔහු එහි සිටීද නැද්ද යන්න තේරුමක් නැත. අනාගතයේදී නිසැකවම වසර 5 ක් රට පසුපසට ගෙන යාම සිදුවනු ඇත. මේ රටේ වරින් වර පැහැදිලි සංවර්ධනයක් නොමැතිව ජනප්‍රිය රැවටිලිකාර ඡන්ද දායකයින් විසින් ජනාධිපති ලෙස තේරී පත් කරන ලද මෝඩයන් සිටිති. මෛත්‍රී සහ අනුර ලැයිස්තුවේ ඉහළින්ම සිටිනු ඇත.
මෙතන ශෝස්ත්‍ර කියලා වැළලෙන අයට කියන්නේ. අනුර ඇත්තටම කියපු එක හොඳට අහලා බලන්න. ඇත්තටම අනුරට ඕන කාලෙදී පෙන්ෂන් එක හම්බ වෙනවා. හොඳට අහන්න කියලා තියෙන විදිහ...
පොරොන්දු වුණු දේවල් ඉටු කරන එක අගේ කළයුතු ක්‍රියාවක්. ජනාධිපති වෙලා ගතවුණු හයමාසයට මන්ත්‍රී විශ්‍රාම වැටුප හැටියට ගත්තු සල්ලි සේරමත් ආපහු දුන්නා නම් තමයි තවත් හොඳ...
මේක ඇත්තටම හොඳ වැඩක් නෙමේ. ඔය ජනාධිපති වරප්‍රසාද කපන එකෙන් වෙන්නේ අනාගතේදී වැඩ කරන්න පුළුවන් දක්ෂ මිනිස්සු ඔය පුටුවට එන එක වැළකෙන එක විතරයි. සාමාන්‍යයෙන් සමාගමක ප්‍රධාන විධායක නිලධාරිගේ පඩියයි, පැන්ශනුයි කැපුවොත් දක්ෂයෙක් කවදාවත් ඔය තනතුර ගනීවිද? එතකොට රටක වගකීම දරන මිනිහාට නිකන් වගකීම් තොගයක් විතරක් ඔලුවට වැටිලා, ඒ වෙනුවෙන් ආරක්ෂාව, වේතන ලැබෙන්නේ නැත්තන් ඇයි මිනිහෙක් ඔය තනතුර ගන්නේ...
බොහෝ දෙනෙක් ජනාධිපතිවරයාගේ කතාව හරියාකාරවම නොකියවා පාට කණ්නාඩි වලින් බලා ප්‍රතිචාර දක්වා ඇති බවක් පෙනේ. 1977 ඉඳලා සීයා (ඔහුගේ වචනයෙන්) වැටුප් හෝ වාහන බලපත්‍ර ලබාගෙන නැති බව කෙනෙක් පවසා ඇත. ඒ පිළිබඳව හරියාකාරව හොයා බලන ලෙස එතුමා ගෙන් ඉල්ලීමක් කරන්න කැමතියි. සිරිමාවෝ මැතිනිය ගැන නම් කියන්න මම දන්නේ නෑ.
දැන් ඔන්න ලංකාවේ ආර්ථික වර්ධනය බලාගෙන ඉද්දී උඩ යයි.
අවංකව කාර්යක්ෂම සේවයක් සලසන ජනාධිපති වරයෙක් හෝ මන්ත්‍රී කෙනෙකු ඊට අදාල වැටුප් ගත්තාට, සේවය කරන කාලයේ වැටුපට අදාල EPF / ETF ලබාගැනීම වරදක් ලෙස මම නොදකිමි. තමන් කලින් උපයාගත් ධනයක් නොමැති නම් එම මනුස්සයාට තම විය හියදම් සොයාගන්න අනිවාර්යයෙන් හොරකම් කරන්න සිදු වෙනවා. නමුත් චන්දෙට කලින් අපි මන්ත්‍රී වැටුප් ගන්න නැහැ කියලා පසුව වැටුප පක්ෂේ අරමුදලට හරවා පක්ෂෙන් වැටුප් ගැනීම වැනි ජනතාව නොමග යැවීම අනුමත කරන්න බැහැ. පක්ෂෙට ගෙව්වත් අතට දුන්නත් රටේ බදු ගෙවන ජනතාව මෙම බර පැන දරන්න ඕනේ...
මේ අමනොඥ වසලයින්ගේ රටේ පුළුවන් තරම් හොරකම් කරගෙන හිඟමනටම පත් කරලා, රටත් බංකොලොත් කරලා රජෙක් වගේ ඉන්නේ නැතිව මොනාද මේ කරන පිස්සු වැඩ..? අන්න එහෙම කලාමනේ අපේ එවුන් හතරගාතෙන් වැටීගෙන ගෞරව කරන්නේ..
බද්‍රානි කතා කරන විට කටින් වැසිකිලි සුවඳ වහනය වෙනවා
මෙච්චර කල් කියලා තියෙන්නේ ඔක්කොම බොරු නම්, මේ කතාව විතරක් ඇත්ත වෙන්න විදිහක් නැහැ බන්. අතීතයෙන් පාඩම්ගෙන ගනිල්ලා බන්.
88/89 මෙමෙ සංවිධානය හොඳ මුදල් රන් ආභරණ හම්බ කරලා.... අම්මෝ සල්ලි තියෙනවා පැලෙන්න වුවමනාව නම් අයිඑම්එෆ් එකටත් ලොන් දෙයි.