IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ජනාධිපති ශිෂ්‍යත්ව වාරික අද බැංකු ගිණුම්වලට

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති අරමුදල යටතේ ක්‍රියාත්මක ශිෂ්‍යත්ව වැඩසටහන් යටතේ සුදුසුකම් ලැබූ ශිෂ්‍යත්වලාභීන් සඳහා 2024 අගෝස්තු මාසයට අදාල ශිෂ්‍යත්ව වාරික මුදල් අද (1)  ශිෂ්‍යත්වලාභීන්ගේ බැංකු ගිණුම් වෙත සෘජුවම යොමු කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.

මෙම ශිෂ්‍යත්ව වාරික මුදල් බැංකු වෙත යොමු කිරීමේදී ඒ පිළිබඳව කෙටි පණිවිඩයක් (SMS) මගින් සියලු  ශිෂ්‍යත්වලාභීන්ට  දැනුම් දෙනු ලැබේ.

2022/2023 අ.පො.ස සාමාන්‍ය පෙළ සමත්ව අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් 3000ක් සඳහා මසකට රුපියල් 6000 බැගින් ගෙවනු ලබන ශිෂ්‍යත්ව වාරික මුදලේ 17 වැනි වාරිකයද,  2023/2024 අ.පො.ස සාමාන්‍ය පෙළ සමත්ව අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් 6000ක් සඳහා මසකට රුපියල් 6000 බැගින් ගෙවනු ලබන ශිෂ්‍යත්ව වාරික මුදලේ 6 වැනි වාරිකය ද අදාළ ගිණුම්වලට බැර කර තිබේ.  

එසේම 01 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණියේ දක්වා  ඉගෙනුම ලබන සිසුන් 100,000ක් සඳහා මසකට රුපියල් 3000 බැගින් ගෙවනු ලබන ශිෂ්‍යත්ව වාරික මුදලේ 5 වැනි වාරිකය සහ පිරිවෙන් හා සීල මාතා අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන , පිරිවෙන් (සාමාන්‍ය පෙළ)/ අපොස සාමාන්‍ය පෙළ විභාග සමත්ව ප්‍රාචීන විභාග සඳහා හෝ අ.පො.ස උසස් පෙළ සඳහා පෙනී සිටින ගිහි පැවිදි සිසුන් 500ක් සඳහා මසකට රුපියල් 6000 බැගින් ගෙවනු ලබන ශිෂ්‍යත්ව වාරික මුදලේ 4 වාරිකය ද අද දිනයේ දී ශිෂ්‍යත්වලාභීන්ගේ බැංකු ගිණුම් වෙත සෘජුවම යොමු කරනු ලැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.

තවද පිරිවෙන් හා සීල මාතා අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන ,01 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා වූ ගිහි පැවිදි සිසුන් 3000ක් සඳහා මසකට රුපියල් 3000 බැගින් ගෙවනු ලබන ශිෂ්‍යත්ව වාරික මුදලේ 04 වාරිකයට අදාළ මුදල්ද ශිෂ්‍යත්වලාභීන්ගේ ගිණුම්වලට අද (01) දින බැර කර ඇත. 

සිසුන් ලක්ෂයේ ශිෂ්‍යත්ව වැඩසටහනට සහ පිරිවෙන් සහ සීල මාතා අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනය ලබන සිසුන් සඳහා දැනට මාසික වාරික මුදල් ගෙවනු ලබන ශිෂ්‍යත්වලාභීන්ට අමතරව ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම සඳහා සුදුසුකම් ලැබ ඇති එහෙත් ජනාධිපති අරමුදල වෙත ප්‍රමාදවී ලැබී ඇති අයදුම් පත්‍ර සම්බන්ධව ගෙවීම් කිරීම සඳහා අවශ්‍ය කටයුතු මේ වන විට සිදුකරගෙන යන අතර එම සියලුම ශිෂ්‍යත්වලාභීන් සඳහා 2024 අගෝස්තු මාසයේ හිඟ වාරික මුදල් ද සමඟ ශිෂ්‍යත්ව වාරික මුදල් ගෙවීම සිදු කිරීමට නියමිතය.

ඒ අනුව මෙම ශිෂ්‍යත්ව වැඩසටහන් සඳහා දළ වශයෙන් සිසුන් 116,000 කට පමණ රුපියල් මිලියන 5000කට වඩා වැඩි මුදලක් ගෙවීම් කිරීමට අවශ්‍ය කටයුතු ජනාධිපති අරමුදල විසින් සිදු කෙරේ.

ශිෂ්‍යත්ව ලක්ෂයේ වැඩසටහන සඳහා පාසල් මට්ටමෙන් සිසුන් තෝරා ගෙන ඇති බැවින් අයදුම් පත්‍ර ප්‍රමාද වීම හෝ බැංකු ගිණුම් සම්බන්ධව පවතින ගැටලු මත මෙතෙක් ශිෂ්‍යත්ව ප්‍රදානයන් ලැබී නොමැති එහෙත් සුදුසුකම් ලැබූ ශිෂ්‍යත්වලාභීන් සඳහා ගෙවීම් කිරීම පිළිබඳ  කටයුතු 2024 අගෝස්තු මස තුළ සිදුකරනු ලබන අතර ඒ පිළිබඳ විස්තර ජනාධිපති අරමුදලේ නිල ෆේස්බුක් පිටුවේ පළ කිරීමට නියමිතය.

ඒ අනුව ජනාධිපති අරමුදලේ නිල ෆේස්බුක් පිටුව වන www.facebook.com/president.fund පිටුව වෙත යොමු වීමෙන් මේ පිළිබඳ වැඩිදුර විස්තර ලබා ගත හැකිය.



අදහස් (4)

ජනාධිපති ශිෂ්‍යත්ව වාරික අද බැංකු ගිණුම්වලට

Perera Thursday, 01 August 2024 02:14 PM

මැතිවරණ කොමිසමට මේවා ඡන්ද අල්ලස් ලෙස පෙන්නේ නැද්ද?

:       4       13

Kazi Shajahan Thursday, 01 August 2024 02:59 PM

මගේ පූතාලාටත් ලැබෙනවා... නමුත් රනිල්ට ඡන්දේ නම් දෙන්නේ නෑ. මේවා අපේම බදු සල්ලි නේ ආයේ වාසියට බෙදා දෙන්නේ...

:       6       17

RoshanThursday, 01 August 2024 04:40 PM

අපිට පාන්ද ?

:       0       0

සෙනෙවිරත්න Thursday, 01 August 2024 05:59 PM

වෙලාවට එයි මේ දවස් ටිකට, හැබැයි මහපොල ශිෂ්‍යත්ව මුුදල් ප්‍රමාද කරනව. දෙන සේරම ගන්න. තේරුම් ගන්න ඔය අපේම මුදල් මිස දෙන අයගෙ පෞද්ගලික මුදල් නොවන බව. ඒ එක්කම ඔය දෙනවට වඩා වැඩි මුදලක් ඒ ඒ අය නිකරුණේ කාබාසිනියා කරන බවත්. ඒක නිසා ගන්න චන්දෙ මාලිමාවට දෙන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 28 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 826 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site