IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


ජාතික පාසලේ ගැටුමට සිසුන් සිව් දෙනෙක් පොලිස් බාරයට

 

(කේ. බුද්ධික කුමාරසිරි)

කඩුවෙල ජාතික පාසලක දරුවන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් පහර දීමට සම්බන්ධ පාර්ශවයේ දරුවන් සිව් දෙනෙකු පොලිස් භාරයට ගත් බව නවගමුව පොලිසිය පවසයි.

එම දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙලෙස පොලිස් භාරයට ගැනීමට කටයුතු කල බවද පොලිසිය පවසයි.

සිද්ධියට සම්බන්ධ විද්‍යාලයේ ආදි සිසුන් බව කියන යුධ හමුදාවේ සේවය හැරගිය අයෙකු ඇතුලු දෙදෙනෙකු අත් අඩංගුවට ගැනීමට නියමිත බවත් එම සැකකරුවන් ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවත් නවගමුව පොලිසියේ උසස් නිළධාරියෙකු පැවසීය

එම විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා උළෙලෙහි කැඩෙට් පුහුණුවීමක් අතරතුර එම පුහුණුව සදහා පිටතින් සම්බන්ධ වූ ආදි ශිෂ්‍යයින් දෙදෙනෙකු පාසලේ තවත් පිරිසක් සහ එක්ව මෙම ගැටුම ආරම්භ වී තිබූ අතර ගැටුමට මැදි වී තුවාල ලැබූ ශිෂ්‍යාවන් හය දෙනෙකු සහ ශිෂ්‍යයින් පස් දෙනෙකු රෝහල් ගත කර තිබුණි 



අදහස් (3)

ජාතික පාසලේ ගැටුමට සිසුන් සිව් දෙනෙක් පොලිස් බාරයට

සත්‍යපාල Wednesday, 12 February 2025 10:26 AM

Adult crime, adult time" කියල නව නීතියක් ගෙනාව ඕස්ට්‍රේලියාවේ. "වැඩිහිටියන් වගේ අපරාධ කරනවානම් වැඩිහිටියන් වගේම දඩුවම් විදිය යුතුයි" කියලා.ලංකාවේ පාසල් වල ළමයි තමන්ගේ ආදී සිසුන් ඉහල තනතුරු වල ඉන්න හයිය අරන් නිතිය අතට ගන්නවා. තාත්තා පොලිසියේ හමුදාවේ හෝ දේශපාලකයෙක් කියලා පිස්සු නටනවා. අහවල් ලොක්කා අගමැති ජනාධිපති අපේ ඉස්කෝලේ ආදී ශිෂ්‍යයෙක් කියලා නිතිය අතට අරන් ජනතාවට හිරිහැර කරනවා. බිග් මැච් වලට මේක තදින්ම තියෙනවා. මම හිතනවා මේ පාලනය තුල මේ ගෝත්‍රික සංස්කෘතියත් වෙනස් වෙයි කියලා

:       1       51

සෙනෙවිරත්න Wednesday, 12 February 2025 12:08 PM

කොහොමත් ඔය ආදි ශිෂ්‍ය කතා ගෝත්‍රිකයි. පාසල හැරගියාට පසු ඒකට ගෞරව කරන එකත්, ඒක මගේ ඒක අපේ කියල කර තියාගෙන වාහන වල බැචි ගහගෙන යන එක ගෝත්‍රිකයි. ඔය පාසල්වල හොඳම අයද සමාජෙට දීල තියෙන්නෙ? හොරු කත්කඩියොත් හරි හරියට එලියට එනව. උන් තමයි ඔය, පාසල් වල පන්ති ⁣භේද හදන්නේ ඔය උන් තමයි.

:       1       26

රුවන් Thursday, 13 February 2025 12:10 PM

ලංකාවේ පාසල් පද්ධතිය විනාශ කරන්නේ ඔය ආදී සිසුන්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 3 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 853 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2491 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site