
(සුජිත් හේවාජුලිගේ)
ඡන්ද පොළවල කලබල ඇති කළහොත් වෙඩි තැබීමට උපදෙස්දී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ලංකාදීපයට පැවසීය.
පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ වලට අවි ආයුධ ලබාදී ඇත්තේ එවැනි ක්‍රියා පාලනයට බවද ඔහු සඳහන් කළේය.
ඡන්ද විමසීම පැවැත්වෙන දින සහ ඊට පසුව රටේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් දැනටමත් සකස් කර ඇති බව පැවසූ අමාත්‍යවරයා මේ අාරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකායට අමතරව ත්‍රිවිධ හමුදාවද යොදවා ගන්නා බව ප්‍රකාශ කළේය.
මේ අතර ඡන්ද පෙට්ටි ප්‍රවාහනයේදීද විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරෙන බව පොලිස් මූලස්ථානය පවසයි.
ජනාධිපතිවරණයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 54,000 ක් පමණ යෙදවීමට නියමිතය.
COMMENTS
බොහොම හොඳ තීරණයක් ඒ වගේම 22 හවස ගෙදර යන්න කොට්ට පැදුරු එහෙම අකුලගෙන ඉන්න මහත්තයා
තමුන් නියෝග දෙන්නෙ කොහොමද ? ඒ නියෝග දෙන්නෙ මැතිවරණ කොමිෂන් එකෙන්. තමුන් කොට්ට පැදුරු අකුලගෙන ගෙවල්වලට යන්න ලැහැස්ති වෙනවා.
මොන වෙඩිද හලෝ, ඔයා ඡන්දෙ වෙලාවේ කටුනායක එයාපෝට් පැත්තට මාරුවෙයි පැදුරටත් නොකියා.
ත්‍රිවිධ හමුදාව, පොලිසියේ සේරම එතනට යවපුවාම පැනලා යද්දී ආරක්ෂාව සපයන්නේ කවුද?
ඒ ඵක්කම ජම්පර් ඵකට මෙෂමන්ට් ඵකයි බෙහෙත් පොත සහ කන්න ආසාකරන කෑම ලිස්ට් ඵකත් සූදානම් කරගන්න.
උද්දච්ච, මොලේ අමාරුකාර සුදු කොන්ඩයෝ , චන්දයක් ප්‍රකාශයට පත්කළ පසු චන්දයට සම්බන්ධ සියලුම අංශවලට නියෝග නිකුත් කිරීමේ බලධාරියා මැතිවරණ කොමසාරිස්වරයායි. එතුමයි නියෝග කරන්න ඕනා ආරක්ෂක අංශ වලට, චන්ද මධ්‍යස්ථානවල ගැටුම් ඇතිකරන මැරයන්ට විරුද්ධව බලය පාවිච්චි කරන්නේ කෙසේද කියා. එහෙම නැතුව තමුසේ නොවෙයි. තව දවස් කීයද ? 22 වෙනිදා දිව්රුම්දීමෙන් පසු අලුත් ජනාධිපතිතුමා තාවකාලික අගමැතිවරයෙක් හෝ අගමැතිවරියක් පත්කරනවා.ඊට කලින් දැන් ඉන්න බොරලුගොඩ බලු කුක්කාව එළවලා දානවා. ඇමතිවරු 3 දෙනෙක් සහ ජනාධිපති අතරේ අමාත්‍යංශ 25 බෙදී යනවා.ඒ අය අතරේ ඉන්නවා ආරක්ෂක ඇමති. ඉතින් ඊට පස්සේ ? සුදු කොන්ඩයා ගෙදර තාවකාලිකව. ඊට පස්සේ ප්‍රභාට කප්පම් ගෙනිච්ච නඩුව එහෙම එලියට එනවා ඒ නඩුවෙන් තමුසේ අවුරුදු 10 කටවත් හිරේ !!!
කලබල කලොත් කරන්නේ පරාජයපෙනි පෙනි වියරු වැටිලා ඉන්න එවුන්
මේ අවස්ථාවේ (මැතිවරණයක් ප්‍රකාශයට පත්කල විට ) සියලු බලතල මැතිවරණ කොමිසම සතුය. එකඑකාට ඔනෙ විදිහට වෙඩිතියන්න කියන්න බෑ