IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


චන්ද්‍රිකාවලින් ඉන්ටර්නෙට් දෙන්න බලපත්‍ර නිකුත් කරයි

(අංජුල මහික වීරරත්න)

සීමාසහිත ස්ටාර්ලින්ක් ලංකා (පුද්ගලික) සමාගමට චන්ද්‍රිකා තාක්ෂණය භාවිතයෙන් ශ්‍රී ලංකාවේ අන්තර්ජාල සේවා සැපයීම සඳහා “විදුලි සංදේශ සේවා සැපයුම්කරු” බලපත්‍රයක් නිකුත් කිරීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.

1991 අංක 25 දරන ශ්‍රී ලංකා විදුලි සංදේශ (සංශෝධිත) පනතේ 17 (2) වගන්තිය යටතේ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) විසින් මෙම බලපත්‍රය නිකුත් කර තිබෙන අතර එය 2024 අගෝස්තු 12 වනදා සිට ක්‍රියාත්මකය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ලොව සුප්‍රකට ව්‍යාපාරික ඊලොන් මස්ක් මහතා අතර හමුවක් පසුගියදා ඉන්දුනිසියාවේ දී සිදු වූ අතර එහිදී ඊලොන් මස්ක් මහතා විසින් හිමිකාරිත්වය දරනු ලබන ස්ටාර්ලින්ක් ජාලය (Starlink)  සමඟ ශ්‍රී ලංකාව සම්බන්ධ කිරීම සඳහා අයදුම් කිරීමේ ක්‍රියාවලිය වේගවත් කිරීම පිළිබඳ සාකච්ඡා කෙරිණි.

එහි ප්‍රතිඵලයක් ලෙස චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ශ්‍රී ලංකාවේ අන්තර්ජාල පහසුකම් සේවාව සැපයීම සඳහා ස්ටාර්ලින්ක් (Starlink) සමාගමට අනුමැතිය ලබා දී තිබේ.

ශ්‍රී ලංකාවේ දැනට පවතින ෆයිබර් තාක්ෂණ අන්තර්ජාල සේවාව මෙන් කිහිප ගුණයකින් මෙම අන්තර්ජාල සේවාව වේගවත් වීම නිසා හා ලෝකයේ ඕනැම ස්ථානයක සිට මෙම සේවාව ලබා ගැනීමට ඇති හැකියාවත් නිසා ඉදිරියේදී මෙරට තාක්ෂණ ක්ෂේත්‍රය තුළ වඩා යහපත් පරිසරයක් නිර්මාණය වනු ඇති බව විදුලි සංදේශ නියාමන කොම්ෂන් සභාව පවසයි.



අදහස් (3)

චන්ද්‍රිකාවලින් ඉන්ටර්නෙට් දෙන්න බලපත්‍ර නිකුත් කරයි

ලසන්ත Tuesday, 13 August 2024 03:36 PM

මේ සේවාව සඳහා ලයිසන් එක තරඟකාරීව දීමේ හැකියාවක් නැත්ද? අදානිට සුලං බලය දුන්නා වගේ දෙයක්ද මේ වුනේ? නැත්නම් මෙයා ලයිසන් එක ගත්තාට ගෙවන්න වෙන්නේ මේ රටේ මිනිසුන්ටනේ!

:       29       21

සෙනෙවිරත්න Tuesday, 13 August 2024 04:11 PM

ඕක ඊලෝන් මාස්ක්ගේ ව්‍යාපාරයක් නේද? ඒක නිසා මේකට ලොකු ගානක් ගෙවන්න වෙයි...

:       0       0

චින්තක Tuesday, 13 August 2024 06:53 PM

ස්ටාර්ලින්ක් මාසික ගාස්තුව ඩොලර් 99 යි. ඒ කියන්නේ රුපියල් 30,000 විතර. රනිල් 33% බදු ගහලා ඉහල මධ්‍යම පාන්තික ජනතාවත් පීඩිත පන්තිය බවට පත්කළාට පස්සේ මාසෙට 30,000 ගෙවලා ඉන්ටනෙට් ගන්න පුළුවන් මිනිස්සු ඉතුරුවෙන්නේ කීයෙන් කීදෙනාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 151 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2048 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1575 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site