
යුක්රේන ජනාධිපතිවරයාගේ කීමට හිස නමා, යුක්රේනයට ඉහළ අහස රුසියන් ගුවන් යානාවලට තහනම් කළොත්, බටහිර රටවලට වන්දි ගෙවීමට සිදුවනු ඇතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අනතුරු අඟවා තිබේ.
රුසියාවට ගුවන් තහංචි පනවන සෑම රටක්ම පවතින යුද ගැටුමට සම්බන්ධ රටවල් සේ සලකා ක්‍රියා කරන බව ද රුසියන් ජනාධිපතිවරයා අවධාරණය කළේය. මේ වනවිට රුසියාව යුක්රේනයේ නගර එකිනෙක වටලා පහර දීම ආරම්භ කර ඇත. කීව් අගනුවර ද හමුදා විසින් වට කරනු ලැබ තිබේ.
ජනාධිපති පුටින්ගේ අණ පරිදි රුසියන් හමුදා යුක්රේනයේ උතුරින්, දකුණින් සහ නැගෙනහිරින් යුක්රේනයට ඇතුළු වී යුද්ධය ආරම්භ කළේ පසුගිය 24 වැනිදාය. දින දෙකක් වැනි කෙටි කාලයකදී යුක්රේනය අත්පත් කර ගැනීම රුසියන් ජනාධිපතිවරයාගේ අරමුණ වූ බව මේ වනවිට අනාවරණය වී තිබේ.
කෙසේ නමුත්, යුක්රේන ජනාධිපති සෙලෙස්කී, ජනතාව ඒකරාශී කර ගනිමින්, හමුදාව සමඟ එක් වී, රුසියන් හමුදාවට අභියෝගයක් වී ඇති බැවින්, දිනෙන් දින යුද ගැටුම් දිග්ගැස්සෙමින් පවතී.
මේ වනවිට සෑම බටහිර රටක්ම රුසියන් ජනාධිපති පුටින්ට, ඔහුගේ රජයේ, හමුදාවේ සහ බුද්ධි අංශයේ ප්‍රධානීන්ට, ව්‍යාපාරිකයන්ට, බැංකුවලට ආර්ථික සම්බාධක පනවා ඇත. ඒ, රුසියාව ආර්ථිකමය වශයෙන් අඩපණ කිරීමටය.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සිය හමුදාවට පවසා ඇත්තේ යුක්රේන සිවිල් වැසියන් ආරක්ෂා කරමින්, යුක්රේන හමුදාව අඩපණ කිරීමට සටන් කරන ලෙසය. තමන්ට යුක්රේනය අල්ලා ගැනීමට අවශ්‍ය නම් දිගට හරහට පහර දී එය සිදු කළ හැකි නමුත්, යුක්රේන සිවිල් වැසියන්ගේ ආරක්ෂාවට මුල් තැන දීමට සිදුවනු ඇති බවත් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පෙන්වා දී ඇත.
මේ අතර, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්රේනය ආක්‍රමණය කරමින්, යුක්රේනයේ සිටින රුසියන් බස කතා කරන රුසියන් සම්භවයක් ඇති වැසියන්ගේ ජීවිත සුරක්ෂිත කිරීමට ගන්නා උත්සාහයට සහාය පළ කරමින්, ජනාධිපති පුටින්ට ස්තුති කරමින් රුසියාවේ මොස්කව් අගනුවර ජන රැළියක් ද පැවැත්විණි. දහස් ගණනන් පුටින් හිතවාදීහු ඊට සහභාගී වූහ.
(රොයිටර්)
යුක්රේන-රුසියා අර්බුදය:- වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාඩුවේ හිටපු මනුස්සයෙක් අවුස්ස ගත්තා... නේටෝ කතන්දරයක් ගෙනැල්ලා...
පුටින්ට ජයවේවා...!
පුටින්ගෙන් ණය අරගෙන ගෙවන්න බැරිවුණොත්, පුටින් ඊළඟට ගහන්නේ අපිට...
අපේ රටේ බයියන්ටත් ඕනෑ මේ වගේ කෙනෙක්ලුනේ... හැබැයි හැමකෙනාම නිවාඩුවට යන්නේ..., ළමයි යවන්නේ වෙන රටවල්වලට... මේ වගේ අය වෙනුවෙන් තමයි කහින්නේ... පුදුම ජාතියක්...
සෙලෙන්ස්කි නේටෝ එකට එකතුවෙන්න කතාකළාට යුක්රේනය බේරාගන්න නේටෝ ක්‍රියාකාරීව උදව්කර නැත. ඒ තත්වය යටතේ තවතවත් නේටෝ ගැන තිබෙන බලාපොරොත්තු අතහැර යුද විනාශය වළක්වා ගන්න කටයුතු කළොත් නරකද?
කිසිම සාධාරණ හේතුවක් නැතිව අසල්වැසි ප්‍රජාතන්ත්‍රවාදී රටකට ගුවනින් බෝම්බ දමලා මිනිස් ජීවිත දසදහස් ගණනක් විනාශ කරන්නේ... ගෙවල් කඩාබිඳ දමලා මිනිස්සු උන්හිටි තැන් නැති කරන්නේ, අපේ සමහර බයියන්ට ඕනේ කියන්නේ මේ වගේ මිනිස්සු... නමුත් ඔවුන් නිවාඩු ගත කරන්න යන්නේ ඇමෙරිකාවේ, සිංගප්පූරුවේ, ඕස්ට්‍රේලියාවේ...
තමන්ගේ නම්බුව බේරා ගැනීමට අවශ්‍ය නම් 'කෙක්කෙන් බැරිනම් කොක්කෙන්' යුක්රේන ජනපති ගැන නරක ආරංචික් තව දින කිහිපයකින් අසන්නට ලැබුණහොත් පුදුමයට පත් නොවන්න. ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවලට මේ යුද්ධයට පැටලීමට කිසිසේත්ම අවශ්‍ය නැත. එසේම යුද්ධය දිගින් දිගටම ඇදී ගියහොත් එයට නොසිතු ලෙස ඔවුන් පැටලිමද වැළැක්විය නොහැකිය. යුක්රේන ජනපති සෙලෙන්ස්කි තම පරාජයට හේතුව ලෙස බටහිරට දිගින් දිගටම චෝදනා කිරීමද බටහිරට ලැජ්ජාවකි. එබැවින් යුක්රේන ජනපති සෙලෙන්ස්කි සිටින ස්ථානය රුසියාවට ලබා දී ඔහු මියගියහොත් යුද්ධය කෙටි කලකින් අවසන් වනවා පමණක් නොව පරාජයෙන් පසු සෙලෙන්ස්කි බටහිරට කරන ලජ්ජා කිරීමද අවසන් වන නිසා අවසන් දින කිහිපය මෙය විය හැක.
ඇත්තටම ලෝක යුද්ධයක් ඇතිවීම වැළැක්වීමට කියා ආරම්භ කළ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද?
ඉස්සර යුඇන්පී පාක්ෂිකයින් හිතාගෙන හිටියේ ජේ.ආර්. ලා ඇමෙරිකාවට හිතවත් නිසා ලංකාවට කවුරුහරි ලංකාවට ගහන්න ආවොත් ඇමරිකාව අපේ රට වෙනුවෙන් ඕනෑම කෙනෙකුට දුවන්න දෙයි කියලා. අන්තිමට ඉන්දියාවෙන් බලහත්කාරෙන් අහසින් පරිප්පු දානකොට යුඇන්පී ආණ්ඩුව ඇමරිකාවට කිව්ව මේක නවත්තලා දෙන්න කියලා. එයාලා කිව්වා අසල්වැසියන් එක්ක තියෙන ප්‍රශ්නවලට අපට මැදිහත්වෙන්න බෑ කියලා... ඇමරිකාව විශ්වාස කරලා ගහගන්න ගිය යුක්රේන් ජනාධිපතිත් රැවටුණා. හැබැයි ඇමෙරිකාව මැදපෙරදිග රටවල් දෙපිලකට බෙදලා එක පැත්තට උදවු කරනවා කියල සල්ලි තියන පැත්තේ තෙල් සල්ලි හුරගෙන කාලා ඇමරිකාව පොහොසත් වෙනවා.
පූටින් කියන්නේ බලයෙන් වියරු වැටුණු කෙනෙක්... තමන්ගේ රටට එක වෙඩි උණ්ඩයක් හෝ නොතිබ්බ රටකට එරෙහිව කුරීරු යුද්ධයක් පටන් ගැනීම සහ එමගින් යුක්‍රේනයෙහි වැසියන් මෙන්ම මුලු ලෝකවාසීන්ටම අඩු වැඩි වශයෙන් එහි බලපෑම් විඳින්නට සිදුව ඇත. තවමත් මුලු ලෝකයම කොරෝනා වසංගතයෙන් ද පීඩාවට පත්ව ආර්ථික වශයෙන් දැඩි පසුබෑම්වලට ලක්ව සිටින බොහෝ රටවලට මෙම කුරිරු යුද්ධය නිසා තවත් පීඩාවිඳීමට සිදුවනු නොඅනුමානය. රටකට තමන් කැමැති රාජ්‍යයන් සමග රාජ තාන්ත්‍රික සබඳතා පැවැත්වීම අවහිර කිරීම තවත් රාජ්‍යයකට නොගැලපෙන අශිෂ්ඨ ක්‍රියාවකි. මෙහිදී නේටෝ සංවිධානය යුදමය ක්‍රියාමාර්ගයක අවතීර්ණ නොවන්නේ පූටින්ට ඇති බිය නිසා නොව එවැනි ක්‍රියාමාර්ගයක් තුන්වැනි ලෝක යුද්ධයක් පටන්ගැනීමට හේතුවන බැවින් සහ එම යුද්ධය න්‍යශ්ටික යුද්ධයක් බවට පත්වීමෙන් පෘතුවිය මිනිසුන් මෙන්ම සියලු ජීවීන්ට වාසයට නුසුදුසු මළ ග්‍රහලෝකයක් බවට පත්වීමට බොහෝවිට හේතුවිය හැකි බැවිනි. බොහෝවිට මෙරට මිනිසුන් මේ අර්බුදය දෙස බලන්නේ වාමාංශික දේශපාලකයින් විසින් ගොඩනගන ලද බටහිර විරෝධී විග්‍රහයන් මත පදනම්වයි.