
යුක්රේනයේ නගරවලට රුසියාව එල්ල කරන ගුවන් ප්‍රහාර නැවැත්වීමේ අරමුණින්, යුක්රේනයට ඉහළ අහස රුසියාවට තහනම් කරන්නැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී නේටෝ සාමාජික රටවලින් ඉල්ලා සිටි නමුත්, නේටෝ නායකයෝ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළහ.
නේටෝ නායකයන් ගත් එම තීරණය යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කීගේ දැඩි අප්‍රසාදයටත් හේතුවක් විය. ගුවන් තහනමක් පැනැවීමට නේටෝ සංවිධානය අදිමදි කිරීමෙන් පෙනී යන්නේ රුසියාව යුක්රේයේ නගර ඉලක්ක කරමින් එල්ල කරන ෂෙල් වෙඩි සහ මිසයිල ප්‍රහාරවලට අනුබල දීමක් යැයි යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී නේටෝ නායකයන්ට දොස් නගමින් පැවැසුවේය.
නේටෝ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය ඇමෙරිකාව, කැනඩාව සහ යුරෝපා රටවල් එක් වී රුසියාවට එරෙහිව පිහිටුවාගත් සංවිධානයකි.
රුසියාවත් යුක්රේනයත් අතර අර්බුදය යුද ගැටුමක් තෙක් වර්ධනය වී ඇත්තේ ද බටහිර හිතවාදී ප්‍රතිපත්ති ඇති යුක්රේන රජය, නේටෝ සංවිධානයට සමීප වී කටයුතු කිරීමය. යුක්රේනය නේටෝ සාමාජික රාජ්‍යයක් නොවුවත්, නේටෝවේ සාමාජිකත්වය අපේක්ෂාවෙන් පසුවෙයි. මෙය රුසියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව පුටින්ගේ පිළිගැනීම වී තිබේ.
යුක්රේනයට ඉහළ අහස තහනම් ගුවන් කලාපයක් කිරීම රුසියාව ප්‍රකෝප කිරීමට හේතුවක් වනු ඇති බවත්, එවිට නේටෝ රටවල් සහ රුසියාව අතර දරුණු අර්බුයක් නිර්මාණය වී තෙවැනි ලෝක යුද්ධය තෙක් එය දුරදිග යනු ඇති බවත් නේටෝ නායකයන් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීට දිගින් දිගටම පැහැදිලි කර ඇත.
(රොයිටර්)
යුක්රේන-රුසියා අර්බුදය:- වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න
2025 දෙසැම්බර් මස 18
654
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
320
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1109
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යුක්රේන ජනපතිගේ ඉල්ලීමට ’නේටෝ’ බෑ කියයි
Rohana Sunday, 06 March 2022 02:46 PM
රුසියාවට බය නේටෝ පසුපස ගොස් අතරමං වෙන්න එපා...
මෝ Sunday, 06 March 2022 07:09 PM
අසල් වැසියා සමග සමාදානයෙන් ඉන්න කියන්නේ ඕක තමයි. පොර ටෝක් දෙන වටේ අය මෙහෙම වුණාම කොහෙද කියලා නෑ...