IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ගුරු සංගමයෙන් චෝදනාවක්

(මුදිතා දයානන්ද)

           

උසස් වීම් ලද ගුරුවරුන්ට ලැබිය යුතු වසර නවයක හිඟ වැටුප් ගෙවීම අධ්‍යාපන අමාත්‍යංශයත් පළාත් සභාත් වසර අටක් තිස්සේ මඟහරිමින් සිටින බව  ලංකා ගුරු සංගමය පවසයි.

මෙම හිඟ වැටුප් ගෙවිම සඳහා කොළඹ කලාපයේ ජාතික පාසල්වල ගුරුවරුන් සඳහා ලක්ෂ 196ක් ලබාදෙන්නැයි කොළඹ අධ්‍යාපන කලාප කාර්යාලය අධ්‍යාපන අමාත්‍යංශයෙන් ඉල්ලීම් කර ඇති බවද ඒ අනුව ගණන් බලන්නේ නම් කොළඹ දිස්ත‍්‍රික්කයේ ජාතික පාසල් ගුරුවරුන්ට පමණක් ලක්ෂ දෙදහසක් පමණ වැය වනු ඇති බවද ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලිං මහතා අද (24) පැවසීය.

මේ අනුව රටේම ජාතික පාසල් ගුරුවරුන්ට පමණක් හිඟ වැටුප් ගෙවීමට බිලියන හතරකට ආසන්න මුදලක් වැය වනු ඇති අතර පළාත් සභා පාසල්වලට මීටත් වඩා අධික මුදලක් වැය වනු ඇති බවද ස්ටාලිං මහතා පැවසීය.

ජාතික පාසල් ගුරුවරුන් සඳහා අධ්‍යාපන අමාත්‍යංශයෙන් ද පළාත් සභා පාසල් ගුරුවරුන් සඳහා ඒ ඒ පළාත්වල පළාත් සභා භාණ්ඩාගාර වලින්ද මෙම හිඟ වැටුප් සඳහා මුදල් වෙන්කළ යුතුව ඇති නමුත් 2011 සිට මේ දක්වා මෙම ආයතන කිසිවකින් ඒ සඳහා ප‍්‍රතිපාදන වෙන් කර නැති බවද ස්ටාලිං මහතා පැවසීය.



අදහස් (0)

ගුරු සංගමයෙන් චෝදනාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 41 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2002 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1555 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site