IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ගුජරාට් ටයිටන්ස් පිල ලකුණු 214 ක් රැස්කරයි

(යොහාන් භාසුර)

ඉන්දීය ප්‍රීමියර් ලීග් (අයි.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ ගුජරාට් ටයිටන්ස් පිල සහ චෙන්නායි සුපර් කිංග්ස් පිල අතර අහමදාබාද්හිදී දැන් පැවැත්වෙන අවසන් මහ තරගයේ පළමුව පන්දුවට පහර දුන් ගුජරාට් ටයිටන්ස් ක්‍රීඩකයෝ ඕවර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 214 ක් රැස්කිරීමට සමත් වූහ.

චෙන්නායි සුපර් කිංග්ස් පිල ශූරතාව දිනාගැනීමට ඕවරයක ලකුණු 10.75 ක සාමාන්‍යයක් පවත්වමින් ලකුණු 215 ක් රැස්කළ යුතුය.

මෙම තරගයේදී චෙන්නායි පිලට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයන් වන වේග පන්දු යවන මතීෂ පතිරණ සහ දඟ පන්දු යවන මහීෂ් තීක්‍ෂණ ක්‍රීඩා කළහ.

මතීෂ පතිරණ ඕවර 4 ට ලකුණු 44 ක් ලබාදෙමින් කඩුලු දෙකක් දවාගත්තේය.

මහීෂ් තීක්‍ෂණ යැවූ ඕවර 4 ට ලකුණු 36 ක් රැස්කිරීමට ගුජරාට් පිතිකරුවෝ සමත් වූහ.

සායි සුදර්ශන් වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 47 කදී හතරේ පහර 8 ක් සහ හයේ පහර 6 ක් සමගින් ලකුණු 96 ක් රැස්කිරීමට සමත් විය.

චෙන්නායි පිලේ නායක මහේන්ද්‍ර සිං දෝනි කාසියේ වාසිය ලබා පළමුව පන්දු යැවීම තෝරාගත්තේය. ගුජරාට් ටයිටන්ස් පිල ඕවර 20 කදී කඩුලු 4 ට 215 (රිදීමන් සාහා 54, සුබ්මන් ගිල් 39, සායි සුදර්ශන් 96, හර්ද්‍රික් පාණ්ඩියා නොදැවී 21, දීපාක් චාහල් 38/1, රවීන්ද්‍ර ජඩේජා 38/1, මතීෂ පතිරණ 44/2)

 



අදහස් (0)

ගුජරාට් ටයිටන්ස් පිල ලකුණු 214 ක් රැස්කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 128 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 754 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 372 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site