
( නිමල් ජයරත්න )
පොලොන්නරුව වැලිකන්ද සඳුන්පිටිය ගම්මානය නිවසක ගෑස් සිලින්ඩරයක් පිපිරී බරපතළ තුවාල ලබා කොළඹ මහ රෝහලේ දින 12 ක් ප්‍රතිකාර ලබමින් සිටි 19 වියැති විවාහක කතක් ඊයේ (25) සවස මියගොස් ඇති බව වැලිකන්ද පොලිසිය කියයි.
මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ වැලිකන්ද සඳුන්පිටිය අංක 68 ලිපිනයේ පදිංචිව සිටි බී.ජී. අයේශා කුමුදුනි යන අය බව වැලිකන්ද පොලිසිය සඳහන් කරයි.
පසුගිය 13 වැනිදා ඇය නිවසේ මුළුතැන් ගෙයි තිබූ ගෑස් උදුන දැල්වීම්ට යෑමේදී එය දැල් වී නොමැති නිසා ගිනිකූරක් මගින් දැල්වීමට උත්සාහ දැරීමක් සමග ගෑස් සිලින්ඩරය පුපුරා ගොස් ඇති බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.
සිද්ධිය වන විට නිවසේ වෙනත් කිසිවකුත් නොසිට ඇති අතර අසල්වාසීන් පැමිණ ගෑස් ලිපෙන් මුළුතැන්ගෙයි පුරා නැඟුණු ගිනි නිවා අසල්වාසීන් විසින් ඇයව වැලිකන්ද ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇත.
මේ සම්බන්ධ නිවසියන් වැලිකන්ද පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවත් ඒ සම්බන්ධ විමර්ශන කටයුතු අවසන් කර අද අවසන් කටයුතු කිරීමට පවුලේ ඥාතීන්ට දේහය භාරදුන් බව වැලිකන්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන්ත රත්නායක මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.
මියගිය කතගේ පියා වන දිඹුලාගල පැළලටියාව අංක 481 ලිපිනයේ පදිංචි 51 වියැති බී.ජී. ජයසූරිය මහතා සඳහන් කළේ මෑතක දී ගන්නා ලද සිලින්ඩරයක් පුපුරා තම දියණියට මෙම අවාසනාවන්ත මරණය සිදු වූ බවයි.
මේ පිළිබඳ අදාල බලධාරීන්ගේ විශේෂ විමර්ශනයක් සිදුකරන ලෙස ද දෙදරු පියකු වන ජයසූරිය මහතා ඉල්ලීමක් කළේය.
මිය ගිය කතගේ අවසන් කටයුතු 26 වෙනිදා පැළෑටියාව පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතව ඇත.
COMMENTS
අදාල ගැස් සමාගම මේ අසාමාන්‍ය ලෙස සිලින්ඩර පිපිරියාමට හෝ අසාමාන්‍ය කාන්දුවට වග කිව යුතු බව පෙනෙනවා.
සෞභාග්‍යයෙන් හැම ගෙදරකටම එක ගානේ ලැබෙන්න සලස්වලා.
ඔබට නිවන් සුව පතමි...!!!
ඔබට නිවන් සුව පතමි. ඒත් මේ විදිහට ගෑස් ටැංකි පුපුරා යනවා නම් මෙතන කුමක් හෝ වැරැදි දෙයක් තියෙනවා... අද වෙනකොට මෙවන් සිද්ධි කීයක් වාර්තා වුණාද?
ඇත්තටම මෙහෙම වෙන්නෙ ගෑස් සැපයීමට සමාගමට අපහසු නිසා පාරිභෝගිකයන්ට ගෑස් එපා කරන්න කරන වැඩක් කියල සමහරු හිතනවා ඇති එම සිතිවිලි වැරදියි කියන්න බැහැ .කොම්පැනි ලොක්කො මොනවා කිව්වත් හිටපු අධ්‍යක්ෂ කෙනකු කිව්වේ පිරවීමේ සංයුතිය නිසා මෙහෙම වෙන්න පුළුවන් කියලා ගෙවල්වල විදුලි පරිපථ හෝ රෙගියුලේටර් වරද කියන්නේ කොහොමද? මෙයට පෙරත් එවැනි දේ තිබුණත් එක දිගට පිපිරීම් සිදුවුණේ නැහැනේ...
කලින් ගෑස් කාන්දු නොවූ සිලින්ඩර් අලුත් ගෑස් ගැහුවම කාන්දුවෙන්නේ අලුත් ගෑස් තරු පහේ ඒවා නිසාද.?
වගකිවයුතු සියලු රාජ්‍ය හා පෞද්ගලික ආයතන කරුණු වසන් කරන බව පෙනේ... කොමිස් ගැහිල්ලක් බව ඉතා පැහැදිලියි. කාට කියන්නද...?
අනේ රටට ගිය කලක්...
බන්දුල ගුණවර්ධනව සහ ලසන්ත අලගියවන්නවත් ජනතාව ඇමති ධුරවලින් ගහලා එලවන්න.. ඒක වැඩි ඈතක නැහැ. මෙච්චර පිපිරිලාත් ඔවුන්ට කිසි ගාණක්වත් නැහැ.
මේ රට නම් ගොඩ ගන්න ලේසි නෑ. දැන් ඉතින් ජීවිතේ බේරාගන්න පුළුවන් පූරුවෙ කළ පිනක් තිබ්බොත් විතරයි. මේ පාලකයින්ට වැහි නැති හෙන පතිත වේවා..!!!
ලසන්ත අලගියවන්න මහත්තයා කියනවා දියුණු රටවලත් ගෑස් ටැංකි පුපුරනවා.. මෙය සාමාන්‍ය තත්ත්වයක් කියලා. ලිට්‍රෝ සමාගම කියනවා ටැංකිය පුපුරලා නැහැ එයට සවිකර තියෙන අනිකුත් උපකරණ නිසා කියලා. විද්වතුන් කියනවා ප්‍රමිතියේ බාල වීමක් නිසා කියලා. ජීවිත බේරගන්න තියෙන හොඳම දේ නැවත දර ලිපට පුරුදු වෙන එකයි...
දැන් කියයි පුපුරවාගත්තා කියලා...
ඒ ගෑස්වලට කියන්නේ ප්‍රිමියම් කියලා.. කාටත් හොරා සංයුතිය වෙනස් කිරීමේ ප්‍රතිඵල.. රජය තවමත් නිදි...
කොහොමද දැන් වෙනස සැපද? බැරිනම් පුළුවන් කෙනෙකුට දීලා ගෙදර යන්න...
මේ දියණියට සිදු වූ දෙයම හෙට මට හෝ තව කෙනෙකුට විය හැකිය..! ආණ්ඩුවේ කවුරුන් හෝ කිසියම් පාදඩ වැඩකට අර අඳින බව ඒ අයගේ ඇතැම් ප්‍රකාශවලින් තහවුරු වේ... කවුරු මොනවා කිව්වත් ගෑස් සිලින්ඩරයේ කිසියම් දෝෂයක් තිබෙන බවත් අනාරක්ෂිත බවත් පැහැදිලිය..! මේ දැරිවියට නිවන් සුව පතමි...!
කවුද මේ ජීවිතවලට වග කියන්නේ...?
මේක නම් ශාපයක් වෙලා...
69 දැන් සැපද? කිරිබත් කමුද?
තියෙන ගෑස් හිගය මදිවට ගෑස් පාවිච්චිය ජීවිත හා දේපල විනාශකරන යක්ෂයෙක් වෙලා. ආණ්ඩුව කියන්නේ ගෑස් පාවිච්චිය අතහරින්න කියලද? මොනවා නැතිවුණත් පම්පෝරි කතා නොකියා ගෑස් පාවිච්චිය අත අරින්න කියල ආණ්ඩුවට කෙලින්ම කියන්න කොන්දක් නැද්ද? නැත්නම් තව කීදෙනෙකුට මැරෙන්න සිදුවෙයිද?
ප්‍රභාකරන්ගේ කාලයේ සතුරා ගෙදර සිටියේ නැත. රට ආරක්ෂා කරන්න ආපු චණ්ඩින්ගේ කාලයේ හැම නිවසකටම සතුරෙක් ලබා දී ඇත. චීනය, ඉන්දියාව, ඇමෙරිකාව හතරවටින් මංකොල්ල කමින් සිටිති. ගනිමින් තිබෙන නැව් ගෙන්වා ගෙන මහමුහුද විනාශ කළා. ඉතිහාසයේ ශ්‍රීලංකාව මේ තරම් ආරක්ෂා වුණු යුගයක් තවත් නොමැත...
පුදුම කරුම කාලයක් මිනිස්සුන්ට ලබලා තියෙන්නෙ
දන්නා කෙනෙක් හරියටම කියන්න මේ පුපුරල තියෙන්නේ ගැස් ටැංකියද ? ගැස් ලික්වෙලා ගිනිගෙනද ??
මේක විදේශ කුමන්ත්‍රණයක් වෙන්න බැරිද.?
ඇමති කෙනෙක් කියනවා දියුණු රටවලත් ගෑස් ටැංකි පුපුරනවා.. මෙය සාමාන්‍ය තත්ත්වයක් කියලා. මෙහෙම කියන්නද ඡන්දෙ දිලා සියළු වරප්‍රසාධ සහිතව පාර්ල්මේන්තු යවන්නෙ. යැපෙන්නෙ ජනතා මුදලින්. ජනතාවට හානියක් වෙනකොට ඒක වහන්න කතා කරනවා. පුදුම ඇමතිලානේ මෙහේ ඉන්නේ
රඡයේ රස පරීක්ෂක මේ සම්බන්ධයෙන් සොයාබලා පැහැදිලි කිරීමක් කළ යුතුයි...
වෙන රටක නම් ඇමතියා අස්වෙලා හුඟාක් කල්. ඒත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ. තවම සාක්කු පිරුණා මදි ඇති..
ගෑස් සිලින්ඩර එක අයිති කොම්පැනියට එරෙහිව නඩු මගට යන්න... නැතිනම් මේවල අවසානයක් නැහැ...
ඔතන පැහැදිලිවම කියලා තියෙනවානේ... ලිප පත්තු වුණු නැති නිසා ගිනිකරක් ගහන්න ගියා කියලා... ගෑස් එකේ ස්විච් එක ඔන්වෙද්දී ලිප පත්තු වුනේ නැතත් එතැනින් ගෑස් පිටවෙනවා... එතකොට අවට වාතාශ්‍රය නොලැඛෙන තැනක් නම් ගෑස් එකතුවෙලා නැවත ගින්දරක් එකතු වෙද්දි පුපුරන්න ගන්නවා. ඒකෙන් රජයටවත් ගෑස් සමාගමටවත් දොස් නගලා වැඩක් නෑ. වැරැද්ද එම කාන්තාවගේ... මොනවා වුණත් වෙන්න තිබුණු දෙයක් වුනා. ඇයට නිවන් සුව...!
මේ ගෑස් සමාගම් පවත්වපු මාධ්‍ය සාකච්චා වලදි කිසිම කෙනෙක් ප්‍රශ්ණ කලේ නෑ දැන් සිලින්ඩර වල තියෙන ගෑස් සංයුතිය කීයද කියලා. ඇසිය යුතු වැදගත්ම ප්‍රශ්නය
ස්තුතියි 69 ලක්ෂය.
පොලීසිය දැන් කියනවා මරණයට හේතුව දිවි නසා ගැනීමක්ලු…! ගෑස් උඳුන් පද්ධතියේ කිසිඳු දෝෂයක් නැතිලු. දැන් කවුද ඇත්ත කියන්නේ…?
කෝ මේ පම්පෝරි නන්දේ බබා දොයිද තාම? අවදි වුණොත්, වැරැද්ද ජනතාව ජනතාවගේ තමයි වරද කියලා කියයි...
ගෑස් සිලින්ඩරවල හොඳකම නිසාලුනේ මෙහෙම වෙන්නේ. පව් තරුණ ජීවිතේ....
මේක ත්‍රස්තයින්ගේ කුරිරු විනාසයක්. නොයෙක් දේ කලා රජය අපකීර්තියට පත්කරන්න. අහිංසක මිනිසුන් නිරාපරාදේ මැරෙන එක...