
(සිරංගිකා ලොකුකරවිට)
ගාල්ල පැරණි වරායේ ජැටිය ආසන්න මුහුදේ තිබී 12 වන හෝ 13 වන සියවස්වලට අයත් යැයි සැලකෙන ගල් නැංගුරමක් හමු වී ඇතැයි මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුහුදු පුරාවිද්‍යා ඒකකය පවසයි.
මෙම ස්ථානයේ පැරණි නැංගුරම් කිහිපයක්, නැංගුරම් ලෙස භාවිතා කළ එකට ගැටගැසූ කාලතුවක්කු දෙකක් ආදී අවශේෂ කිහිපයක් ම දක්නට ලැබී තිබේ.
කෙසේවුවද අවස්ථා කිහිපයක දී ම මුහුදු පුරාවිද්‍යාඥයන්ගේ නිරීක්ෂණයට ලක්ව තිබූ මෙම ගල් නැංගුරම 12 -13 වැනි සියවස් තරම් අතීතයට අයත් බව තහවරු කරගෙන ඇත්තේ පසුගිය දිනවල දී ය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මුහුදු පුරාවිද්‍යා ඒකකයේ පුරාවිද්‍යාඥ රසික මුතුකුමාරණ මහතා මෙසේ කීවේය.
“මේ ස්ථානයේ ගල් නැංගුරමක් තිබෙන බව අප දැන සිටියා. වරින් වර යකඩ නැංගුරම්වල කොටස් ද හමුවුණා. ඒ නිසා මේක අලුත් දෙයක් වුණේ නැහැ. නමුත් පසුගිය දිනක අපි මේ නැංගුරම පරීක්ෂා කළා. ඒ අනුව අපි දුටුවා මෙය සිදුරු තුනක් සහිත නැංගුරමක් බව. මේ ආකාරයේ සිදුරු තුනක් සහිත නැංගුරම් භාවිතා කළේ 12 වැනි සහ 13 වැනි සියවස්වල යාත්‍රා කරපු චීන නෞකාවල සහ අරාබි නෞකාවල. ඒ අනුව මේ නැංගුරම එම කාලයට අයත් එකක් බව තහවරු කරගත්තා. මෙතන නැංගුරමක් පමණයි හමුවන්නේ. නැවක අවශේෂ දක්නට නැහැ.”
2025 දෙසැම්බර් මස 04
537
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
483
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
421
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගාල්ල ජැටියේ පැරණි නෞකාවක නැංගුරමක්