
(ප්‍රසාද් රුක්මල් )
බදුල්ල පස්සර ප්‍රධාන මාර්ගයේ කිරිමණ්ඩලය අසලින්දී ධාවනය වු යතුරුපැදියක් මතට කපා තිබූ ගසක ඉතිරි දැව කදක් කඩා වැටීමෙන් තුවාල ලැබු තරුණයකු බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව පස්සර පොලිසිය පවසයි .
මෙසේ තුවාල ලබා ඇත්තේ පස්සර ගෝනගල පදිංචි වඩු කාර්මිකයෙකි.
මොහු අද (15) පස්සර නගරයට ගොස් ආපසු යතුරුපැදි යෙන් සියනිවස කරා යමින් සිටියදී මෙසේ කපන ලද ගසක ඉතිරිව තිබූ දැවකදක් වැටි මොහු ඊට යට වී ඇතැයි පොලිසිය සදහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රාදේශීය ලේකම් , නගර සභාව බුදි ද ?