
(සිරංගිකා ලොකුකරවිට සහ ප්‍රේමතිලක ද සිල්වා)
ගාල්ල ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මාසය එකහමාරක් වයසැති බිළිඳකු කොරෝනා ආසාදනය වී මියගිය බව තහවුරු වී ඇතැයි රෝහල් අධ්‍යක්ෂ රංග සභාපතිගේ මහතා පවසයි.
ඇල්පිටියේ, වල්අඹගල, ඉහළගහවත්ත පදිංචි දෙව්මිණි කුමාරි නමැති මවකට උපන් මේ දරුවා උපතින්ම හෘද රෝගී තත්වයක් සහ තවත් සංකූලතා ඇතිව උපත ලැබූ දරුවෙකි.
මැයි මස 17 වැනි දා දරුවා ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර නිව්මෝනියා තත්වයක් වැළදී ඇති බව තහවරු කරගත් වෛද්‍යවරු එම දරුවා ළදරු දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කළහ.
එහි ප්‍රතිකාර ලබමින් සිටිය දී දරුවාගේ පටක සාම්පල වෛද්‍ය පර්යේෂණායතනය වෙත යොමුකර ඇති අතර එහි දී තහවරු වූයේ දරුවාට කොරෝනා ආසාදනය වී ඇති බවයි.
රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී පසුගිය 24 වැනි දා දරුවා මියගියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආයෙත් මෙඩිසින් කම්පැණි කාරයෝ හදන්නේ කොරෝනා රැල්ලක් හදලා රට වට්ටන්න. ආණ්ඩුව කල්පනාවෙන් මේවා ගැන හොයා බලන්න.