
(අංජුල මහික වීරරත්න)
ගුරු සේවය රටේ වැඩිම වැටුප් ලබන වෘත්තීන් 10 අතරට ඇතුළත් කිරීම රජයේ අපේක්ෂාව බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා පැවැසීය.
ගුරු සේවයේ වැටුප් පියවරෙන් පියවර වැඩි කිරීමට ප්‍රතිපාදන වෙන් කර ඇති බවද අමාත්‍යවරයා කීය.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ වනාතවිල්ලුව, නාගමඩුව මහා විද්‍යාලයේ නව පන්තිකාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.
රටේ පවතින ගුරු හිඟය පියවීම සඳහා 2021 වසරේ සිට ප්‍රමාද වී තිබූ ගුරු බඳවා ගැනීම් කටයුතු මේ වසරේදී කඩිනම් කර ඇති බවත්, ඒ අනුව ගුරුවරුන් දහසකට අධික ප්‍රමාණයක් බඳවා ගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇති බවත් මෙහිදී අමාත්‍යවරයා පැවසීය.
ඉදිරි දිනවල එම තරග විභාග පවත්වන අතර කිසිදු දේශපාලන මැදිහත්වීමකින් තොරව විභාග සහ සම්මුඛ පරීක්ෂණ මත පදනම් වූ විනිවිදභාවයකින් යුතුව මෙම බඳවා ගැනීම් කරන බව ඔහු අවධාරණය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුරුවරුන්ගේ වැටුප් වැඩි කිරීමට කලින් මොවුන්ට නිසි පුහුණුවක් සහ නිසි අධ්‍යාපනයක් ලබා දිය යුතුයි. මේ මෝඩ ගුරුවරුන්ගෙන් සිසුන් අමුතුවෙන් මොනා ඉගෙන ගන්නද..? මේ ගුරුවරුන්ට පින්සිද්ධ වෙන්න තමයි අර කරලියේ බඩ පිනුම් ගසමින් පම්පෝරි ගහන ටියුෂන් කාරයින් රැලක් ලංකාවේ බිහිවී තිබෙන්නේ...අනාගත, AI යුගය වෙනුවට, ගෝත්‍රික රාජාණ්ඩු ක්‍රමයට පාර පෙන්වන නඩයේ ගුරාලා වෙනුවට, ස්මාර්ට් ගුරුවරුන් බිහිකිරීමේ ක්‍රම වේදයක් රජය විසින් ඇතිකළ යුතුයි. කරුමේ කියන්නේ, කටපාඩම් අධ්‍යාපන ක්‍රමයට පින්සිදු වෙන්නට සහතික කරගහගෙන සිටින බක පණ්ඩිත උගත්තුනේ අපේ රටේ ඉන්නේ.. විදේශ රටවල උගතුන්ගේ සහාය මීට ලබා ගත යුතුයි. ගවුමේ වාටියේ, හෙයා කට් එකේ විනය වෙනුවට, සැබෑ විනයක් අධ්‍යාපනය දීමට කලින් දරුවන්ට ලබා දිය යුතුයි.
ඒ වගේම බලන්න, උපාධි තිබුණට ගුරු සේවය සදහා ඉගැන්වීමේ හැකියාව තිබේද යන වගත්, ඔවුන් යහපත් මානසික මට්ටමින් සිටීද යන බවත්...
ගුරු සේවයේ ගුණාත්මක බව වැඩි කරලා, පුද්ගලික ටියුෂන් නවත්වන්න පුළුවන් නම් හොදයි.
ගුරුවරුන්ගේ වැටුපෙන් විතරක් ඉහළට ගියාට මදි. පැය 8 කරලා නිවාඩු සේරමත් අරන් ටියුෂන් එකත් කරලා ඉන්නා අයට ඉහළම සැලරි එකක්. ඒත් ඊටවඩා ලොකු සේවයක් කරන හෙල්ත් සෙක්ටර් එකට කුඩම්මාගේ සැලකිලි. නිවාඩුවක් නෑ. පවුල් ජීවිතයක් නෑ. අඩුම තමන්ගේ ගෙදර මළගෙයක් තිබ්බත් යන්න විදිහක් නෑ. එහෙම අයට සලකන්නේ වහල් සේවකයන් ගාණට... මේකද රටේ වගකීම?
ඒ ගොල්ලන්ට වැටුප් වැඩිවීම් මොකටද? ටියුෂන් වලින් හොඳට හම්බ කරනවානේ? ඉස්සෙල්ලා ඔය සමහරුන්ට මානසික ප්‍රතිකාර දිලා ඉන්න.
නැටුම්,සංගීත විශයන් සදහා ගුරුවරුන් බදවා ගැනීමේදී ජාතික නැටුම් හා සංගීත අවසාන විභාගය සමත් වූ පිරිස ගැනද අවධානය යොමු කරන ලෙස ඉල්ලමි.1989වසරේ එම විභාගය සමත් වූවන් ගුරු සේවයට බදවාගත් අතර ඉන්පසු එම විභාගය සමත් වූවන් අත් හැර දමා ඇත.කරුණාකර මේ පිළිබඳ අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටිමි.
නැටුම් සංගීත විශයන් සදහා ගුරුවරුන් බදවා ගැනීමේදී ජාතික නැටුම් සංගීත අවසාන විභාගය සමත් වූවන් පිළිබඳ අවධානය යොමු කරන ලෙස ඉල්ලමි.1989 වසරේ එම විභාගය සමත් වූවන් ගුරු සේවයට බදවාගත් අතර ඉන්පසු එම විභාගය සමත් වූවන් අත් හැර දමා ඇත.පාරම්පරික අයද ඒ අතර සිටින බැවින් එම විශයන් ඉගැන්වීමට පාරම්පරික දැනුමද ඉතා අවශ්‍ය බව අවධාරණය කරමි.
නැටුම් සංගීත විශයන් සදහා ගුරුවරුන් බදවා ගැනීමේදී ජාතික නැටුම් සංගීත අවසාන විභාගය සමත් වූවන් පිළිබඳ අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටිමි 1989 වසරේ එම විභාගය සමත් වූවන් ගුරු සේවයට බදවාගත් අතර ඉන්පසු එම විභාගය සමත් වූවන් අත් හැර දමා ඇත.පාරම්පරික අයද ඒ අතර සිටින බැවින් පාරම්පරික දැනුමද එම විශයන් ඉගැන්වීම සදහා ඉතා අවශ්‍ය බව අවධාරණය කරන අතර එම විශයන් සදහා අයදුම් කිරීමට ඉහත විභාගය සමත් වූවන් ටද අවස්තාව සලසා දෙන ලෙස කාරුණිකව ඉල්ලමි .
ගුරුවරුන්ගේ වැටුප් වැඩි වුණාට විදුහල්පතිවරුන්ට පඩි වැඩි වෙලා නැහැ . මෙහෙම ගියොත් ආයේ කිසි ගුරුවරයෙක් විදුහල්පති කෙනෙක් වෙන්න හිතන්නේවත් නැහැ....