IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ගයින්ඩරයක් තලයක් කැඩී පපුවේ වැදී සිසුවෙකු මරුට

(ගයාන් සූරිය ආරච්චි)

ගයින්ඩරයක් මගින් පී.වී.සී. බටයක් කපමින් සිටියදී එහි තලයක් කැඩී ගොස් සිසුවෙකුගේ පපුවේ වැදීමෙන් බරපතල තුවාල ලැබූ සිසුවා රෝහල් ගත කිරීමෙන් පසු අද (11) මියගොස් ඇති බව කටාන පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ කටාන ප්‍රදේශයේ පදිංචි ඩී.එස්. සංජීව අලහකෝන් නැමැති සිසුවෙකි.

එම සිසුවාගේ මහප්පා විසින් ගයින්ඩරයකින් සේවා සපයන වැඩ පළක් පවත්වාගෙන යන අතර  බාප්පා නොමැති අවස්ථාවේදී මෙම සිසුවා ගයින්ඩරයක් මගින්පී.වී.සී. බටයක්  කපමින් සිටියදී මෙම අනතුරු සිදුව ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණයය වී ඇත.

එහිදී ගයින්ඩරයේ තලයේ කොටසක් කැඩී ගොස් මෙම සිසුවාගේ පපු  ප්‍රදේශය  පසාරු කර පපුව තුළට කිඳා බැස තිබූ බව පොලිසිය පවසයි.

දේහය සම්බන්ධයෙන් පශ්චත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතව තිබුණි.

කටාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුභසිංහ මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදු කරති.



අදහස් (2)

ගයින්ඩරයක් තලයක් කැඩී පපුවේ වැදී සිසුවෙකු මරුට

Senarath Monday, 14 July 2025 09:05 AM

PVC බට කපන්න ග්‍රයින්ඩර් එකෙන් කරන එක හරිම අවදානම් වැඩක්. තලේ හිරෙනු ගමන් කඩිලා විසිවෙනවා අධික වේගයෙන්. කියතෙන් කපන එක තමා හොඳම විදිහ, අවදානමක් ඇත්තේම නැති තරම්

:       0       2

මුරුගේසු Tuesday, 15 July 2025 08:51 PM

ග්‍රයින්ඩරය යනු ඉතාමත් ආරක්ෂා කාරී ලෙස හැසිරවිය හැකි උපකරණයකි...අවාසනාවකට ශ්‍රීලංකාවෙ අය මෙය භාවිතා කරන ආකාරය අනුව මෙවන් අනතුරු නිරන්තරයෙන් සිදුවීඇත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 197 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 60 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 754 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site