
(සුජිත් හේවාජුලිගේ)
රණවිරුවන් යුධ අපරාධ කරුවන් ලෙස තීරණය කිරීමට එක්සත් රාජධානිය කළ පරීක්ෂණය කුමක්දැයි පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය.
ශවේන්ද්‍ර සිල්වා වසන්ත කරන්නා ගොඩ ජගත් ජයසූරිය ඇතුළු පිරිසට තහනම පැනවූ බ්‍රිතාන්‍යයෙන් අපි ප්‍රශ්න තුනක් අහනවා. අපේ රණවිරුවන් වැරදිකරුවන් කිරීමට පෙර ඔවුනට නිදහසට කරුණු කීමට අවස්ථාවක් දුන්නාද. ලෝකයේ බිහිවුණු තිරස්චීනම ත්‍රස්තවාදී නායකයන්ට එක්සත් රාජධානිය ක්ෂේම භූමියක් වෙද්දී ත්‍රස්තවාදියා අවසන් කළ රණවිරුවන් අපරාධකරුවන් වන්නේ කෙසේදැයි එක්සත් රාජධානිය ලෝකයට පැහැදිලි කරන්න ඕන.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බටහිරට ගහනකොට ඔවුන් ත්‍රස්තවාදීන් වන අතර අපේ රටවලදී ත්‍රස්තවාදීන් බටහිරයන්ගේ මිතුරන්ය. මේවා රෙද්දේ නීතිය. ආණ්ඩුව මුනිවත දරා සිටින්නේ ඇඳිවත නැතිවය.
ඔක්කොටම ඉස්සෙලා සරත් ෆොනේසේකව හිරේ දානකොට ශිරානි බන්ඩාරනායකව අග්‍රවිනිස්චයකාර තනතුරින් ඉවත් කරනකොට ඔවුනට නිදහසට කරුණු කීමට අවස්තාවක් දුන්නාද සහ පරීක්ෂණය කුමක්ද කියලා. මොහුත් එතකොට කැබිනට් ඇමෙති කෙනෙක්නෙ
කරුණා රණවිරුවගේ නම සඳහන් කරන්න අමතක උනා වත්ද?
රනවිරුවා වගේම අහින්සක දෙමල ජතාවත් ඝාතනය කරලා තියෙනවා. වද දීලා නොමැරි බේරුනු අයත් ඉන්නවා ඒ සේරම දැන් ඉන්නෙ මෙවැනි රටවල. ජනතාව බෝඩ් උස්සන් කෑගහනවා මගේදරුවා නැහැ සැමියා නැහැ කියලා. මේ පොල් බෑ මූනත් ඒකාලේ දැකලා ඇතිනේ නාකි මයිනගෙ ඔඩොක්කුවේ ඉන්න කාලේ. අම්මො ඒදවස් වල. විමල්ටයි මෙයාටයි නාකි මයිනගෙන් තොර ලෝකයක් නැහැ. ඒකයි ජනතාව විලාප දෙන ඒවා ඇහුනෙ නැත්තේ. ගෝටා මොනවද කෙරුවේ යුද්දය ගැන ලියපු මාදය වේදින් සුදු වාහනනෙන් අරන් ගිහින් ගහලා මැරුවා. ඒ සාපේ නිසා තමයි රජකම අත් ඇරලා උඩු ගුවනේ පාවෙන්න දුන්නෙ. මුන්ට මතක නැති වුනාට පිටරට නායක්‍යින් දන්නවා යුද්දයෙන් මැරුන ගානයි දස වද දීලා මැරුන ගානයි
චන්දෙට කලින් ආන්ඩුව රණවිරුවන් වෙනුවෙන් කටයුතු නොකරන බව පෙන්නන්න එංගලන්තෙනුත් පොඩි සයිඩ් සපෝට් එකක් දීල වගේ නේද? එහෙන් උසි කියල තියෙන්නේ. දැන් තියෙන්නේ බුරන්න. මෙයාට කටු සූප්පු කරල බුරන්න පලපුරුද්ලක් තියෙන බව අපි කවුරුත් දන්නව.
බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් වු බ්‍රිතාන්‍ය ජාතික ඇන්ත්න් බාලසින්ග් හගේ බිරිඳ adella බාලසිංහම් ලොවම පිළිගත් දරුනුම ත්‍රස්තවාදී සංවිධානයේ සමාජිකාවක් වූ යගේ දේවල්ට මොකක්ද කරන්නේ?
ගම්මන්පිල, ඔබට මගේ ප්‍රණාමය...
ගන්මන්පිලගේ මේ උත්සාහය ප්‍රශංසනීයයි. මුලින්ම එය කළ යුත්තේ රාජ්‍යය විසින් නමුත් මෙහිදී රාජ්‍යය සහ ආණ්ඩු ශ්‍රී ලංකාවට දෙකක් අවාසනාවකට මෙන්. මේ මිනිසා නිහඬ කිරීමට එම අපත දේශපාලනඥයන් යැයි කියා ගන්නා අයට අවශ්‍ය වූයේ බොහෝ පෙරමුණුවලින් ඔහුට අපහාස කිරීමෙන් ය. එක්සත් රාජධානිය එල්ටීටීඊ ඩයස්පෝරාවේ ප්‍රාණ ඇපයට ලක්ව ඇත. ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට හැකි වීම නිසා රාජපක්ෂ එල්ලා මැරීමට ඔවුන්ට අවශ්‍ය විය. එන්පීපී පාලනයට අරමුදල් සපයන්නේ කවුදැයි සෑම කෙනෙකුම දනී.
කයියනායකාලාට නැති කොණ්ඩා ගම්මන්පිලට තියෙනවා.
එච්චර දුර යන්න ඕන නෑ ලොක්කා. 2010දි මහින්ද එක්ක චන්දෙ ඉල්ලුව තරහට ෆීල්ඩ් මාශල් ෆොන්සේකව අවුරුදු ගානක් හිරේ දැම්ම. යුද ජයග්‍රහණයේ ප්‍රධානම සෙන්පතියා. ත්‍රස්තවාදීන් රදවල ඉන්න එකම හිරගෙදරට දානකොට ඔය රණවිරු ගාය තිබ්බෙ නෑනෙ. අනිත් එක ශවේන්ද්‍ර කරන්නාගොඩ ජයසූරිය මේක ගැන කිසිම ප්‍රකාශයක් කරල නෑ.එයාලට ගානක් නෑ. එහෙනම් ඔයලටත් ගානක් නැතුව ඉන්න. ඔයාලට දැන් මාතෘකා ඉවරයි. ඔයාලගෙ පැවැත්මත් ඉවරයි.
එහෙමනම් ගම්මන්පිල යුද්ධයට ගිය සේරටම ඔය තහනම දාන්න එපායැ, කොටි සංවිධානයේ අයගෙ නම් මෙතන තියෙන්නෙ කොහොමද කියල පැහැදිලි කරන්න එහෙනම්, මෙතන ඊට එහාගිය කරුණක් තියෙන බව අපට පේන්නෙ. ඒක ගැන ඔයාම හොයාගන්න රට තුළ හිටපු කෙනෙක් හැටියට. අනෙක ගමිමන්පිල ඔයා පහුගිය කාලෙ මේ රටේ පෙනීහිටියෙ කවුරුවෙනුවෙන්ද කියල දෙස් විදෙස් සේරම දෙනා දන්න නිසා ඔය ප්‍රශ්නය වෙන කෙනෙක් ලවා වවිට මසවන්නයි තිබුනෙ.
මේක රට බේරා ගැනීමේ කීවෙනි අවස්ථාව ද?
බ්‍රිතාන්‍යයෙන් නෙවෙයි ඔය ප්‍රශ්න අහන්න ඕන, කයියනායක ප්‍රමුඛ ආණ්ඩුවෙන්, මොකද කය්යොත් තමන්ගේ හතුරෝ විදියට තමයි ඔය විශ්‍රාමික රණවිරුවෝ ගැන හිතන්නේ, නැත්නම් ඔහොම දේවල් වෙන්නේ නැහැ
දැන් මේ ප්‍රශ්ණ හරියටම කාගෙන්ද අහල තියෙන්නෙ? කොහොමද අහල තියෙන්නෙ? මුලින් අහපු ප්‍රශ්ණ තුනට අමතරව, තවත් අමතර ප්‍රශ්ණ තියෙනවලුද?
මෙම සම්බාධක හමුදා නිළධාරීන් සම්බන්ධව පැනවීම කිසිදු සාධාරණ බවක් නැත. සම්බාධක පැනවීම බෙදුම්වාදි කොටි හිතවාදී බව පැහැදිලි ය. හමුදා නිධාරීන්ට එරෙහි සම්බාධක අතරට අරුණා අම්මාන් හෙවත් විනයාගමූර්ති මුරලිදරන් ද ඇත. කරුණා අම්මාන් බෙදුම්වාදී කොටි සංවිධානයේ හිටපු සංනද්ධ අංශ නායකයා ය. ඔහු පසු කාලයේ කොටි සංවිධානයෙන් බිඳී, ලංකා රජයට සහ ආරක්ෂක හමුදාවන්ට සහය පිණිස කටයුතු කළේ ය. කරුණා අම්මාන් පිළිබඳව වෙන ම පරීක්ෂණ ඇරඹීම වරද නැත. ඒ කොටි සංවිධානයේ සිටීම සහ ක්‍රියාකාරකම් පිළිබඳව ය. කරුණා අම්මාන්ට එරෙහිව මේ පනවා ඇති සම්බාධක පනවා ඇත්තේ ලංකා රජයට සහ ආරක්ෂක හමුදාවන්ට සහාය දැක්වීම පිළිබඳව බව පැහැදිලි ය. නො එසේනම් මනීමැරුම් ආදී බරපතල ලෙස මානව අයිතීන් උල්ලංඝනය කළ, බෙදුම්වාදය පිණිස කොටි සංවිධානය වෙනුවෙන් ආරක්ෂක හමුදාවන්ට එරෙහිව යුද වැදුණු, අද ජීවතුන් අතර සිටින කොටි සාමාජිකයන් වෙත ද සම්බාධක පැනවිය යුතු ය. මේ සම්බාධාක වත්මන් ආණඩුවට පාරා වලල්ලක් වෙනවා ඇත. මේ ආණ්ඩුව ගෙන ඒමට මෙවර 2024 පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී උතුර මැතිවරණ කොට්ඨාශයෙන් මාලිමා 89 830 ක ලබා දී ඇත.
කයියනායකට වඩා හිටන් හොඳයි. මිනිහත් මේකට විරෝදය දැක්වූවා . කයියනායක පින් ලිඳ ලඟ පච කියනවා ඇති
හේවාජුලිගේ අපට කියන්න මොහු බ්‍රිතාන්‍යේ කාගෙන්ද ඇහුවේ, ලිඛිතවද, මුනගැහිලාද, සන්දේශයක් තානාපති කාර්යාලයට බාරදීලාද,
තමුන්ට කරන්න තියෙන්නේ උපවන්සයා එක්ක ගිහින් මහ කොමසාරිස් කාර්‍යාලය ඉදිරිපිට උපවාසයක් කරන එකනේ...!
අධිරාජ්‍යවාදී එංගලන්ත රජය විසින් අසියාතික රටවල් වල සාමකාමී ජනයා සමූලඝාතනය කරමින් ඔවුන්ගේ දේපල සොරකම්කර එංගලන්තයට යවමින්, ඔවුන්ගේ භවභෝග විනාශකරමින්, සහ අටුකොටු ගිනිතබා විනාශකරමින් කළ අපරාධ අද ඔවුන්ට අමතකවී ඇත. එරටතුල තහනම් ත්‍රස්තවාදී සංවිධානයක්ලෙස නිළ වශයෙන් ප්‍රකාශකර තිබියදීත් දෙමළ ඩයස්පෝරාවේ මූල්‍යමය අල්ලස් සහ සහ ඹවුන්ගේ චන්ද වලට ගිජුවෙමින් කරන මෙම ප්‍රජතාන්ත්‍රික නොවන, ලජ්ජාසහගත, අවිනීතික සහ නූගත් ප්‍රකාශ නතරකරනලෙස අප ඔවුනට බලකර සිටින අතර උදය ගම්මන්පිල මහතගේ ප්‍රශ්න වලට පිලිතුරු සපයන ලෙසද දන්වා සිටිමු.