IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


ගම්මන්පිලගේ හඬපටය ගැන වාර්තාවක් කැඳවයි

(රෝෂන් තුෂාර)

ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයේ ප්‍රකාශ විද්‍යුත් නාලිකා සහ ප්‍රසිද්ධ මාධ්‍ය ඉදිරියේ සිදු කළ බව කියන පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතාගේ "හඬ පට" රජයේ රස පරීක්ෂකවරයා ට යොමු කර පූර්ණ වාර්තාවක් කැඳවන්නැයි කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාරගේ මහතා රහස් පොලිසියට (06) නියෝග කළේය.

උදය ගම්මන්පිල මහතාගේ ප්‍රකාශ මගින් ජාතින් අතර අන්‍යෝන්‍ය සුහදතාවය පළුදු වී අසමගිය ඇතිවන ආකාරයේ වරදක් සිදුවී ඇද්ද යන්න පිළිබඳව පරීක්ෂා කිරීමට විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයෙකු විසින් සකස් කරන ලද ප්‍රශ්නාවලියක් ද සහිතව හඬ පට ඉදිරිපත් කරමින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කළේය.

මාධ්‍ය මගින් විකාශය වූ ප්‍රකාශ වලට අදාල සංස්කරණය නොකළ වීඩියෝ දර්ශන සහ හඬ පට අදාළ මාධ්‍ය ආයතන වලින් ලබාගෙන අධිකරණයට ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම ඉල්ලීම කළේය.

කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා අදාල හඬ පට මගින් අපරාධමය වරදකට අදාළව සාක්ෂි අනාවරණය කර ගැනීම සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාව කැඳවීම ට නියෝග කළේය.

 



අදහස් (7)

ගම්මන්පිලගේ හඬපටය ගැන වාර්තාවක් කැඳවයි

ගල්පර Friday, 07 November 2025 09:23 AM

කොහොමත් මෙයා වාසියට ජාතීන් අතර අසමගිය ඇති කරන්න දෙපැත්තේ කතා නිතරම කියනවා.මෙදා පාර නයාට ගහලා පොල්ල කවද්දගෙන තියෙන්නේ.එදා ඒ ළමයි අතුරුදන් වූ අසරණ දෙමාපියන්ට කල අපහාසය පොළොව නුහුලන පවුකාර වැඩක්.ඉහළම දඬුවම දෙන්න කියලා අපි කියනවා.

:       14       23

Kalinga Friday, 07 November 2025 01:08 PM

කුහක ජෙප්පන් මාර උත්සාහයක් දෙන්නේ ගම්මන් පිලව ඇතුළට දාගන්න.

:       24       15

අවධාන හිඟන්නාFriday, 07 November 2025 04:46 PM

මම ගම්මන්පිළ

:       5       4

Asela Friday, 07 November 2025 01:21 PM

NPP වහලුන් සහ JVP ත්‍රස්තවාදීන් කඳුළු හෙළන බවත් සුළු ජාතීන් කෙරෙහි අනුකම්පා කරන බවත් හොඳින් දන්නා කරුණකි, මන්ද ඔවුන් කලින් මරා දැමුවේ සිංහලයින් පමණි. NPP කතා කරන්නේ අපි ඊයේ ඉපදුණාක් මෙනි...

:       19       13

අයන්ත රාජමන්ත්‍රී Friday, 07 November 2025 03:03 PM

අවුරුදු 76ක් රට විනාශ කර බංකොලොත් කළවුන්ට කත් අදින අසේල වැන්නවුන් ඊයේ ඉපදුනාටත් අන්තයි.

:       10       19

Lalith Friday, 07 November 2025 03:06 PM

මූසල ජෙප්පන්ට ඕනේ වහල්ලු විතරයි.

:       18       12

Niranga Friday, 07 November 2025 03:28 PM

අයන්ත ඔයා තමයි ඊයේ ඉපදිලා තියෙන්නේ. ඒකනේ මේ රාජ්‍ය දේපළ විනාශ කරපු බෙල්ල වටේ ගහපු අයට කඩේ යන්නේ...

:       16       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 362 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2160 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1640 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site