IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


ගංගාරාම පොඩිහාමුදුරුවන්ගේ තෙමස් පූර්ණය නිමිත්තෙන් ශිෂ්‍යත්ව භාර අරමුදලක්

(ආරියරත්න  රණබාහු )

කොළඹ  නවකෝරලේ ප්‍රධාන සංඝනායකව සහ හුනුපිටිය ගංගාරාම විහාරස්ථානාධිපතිව වැඩ විසූ දෙස් විදෙස් ගෞරවාදරයට පාත්‍ර වූ අපවත් වී වදාළ   ගල්බොඩ සිරි   ඤාණිස්සර  නාහිමියන්ගේ  තෙමස් පුර්ණය  නිමිත්තෙන්   පැවැත්වීමට යෝජිත පිංකම් වලට අමතරව  ශිෂ්‍යත්ව භාර අරමුදලක් පිහිටුවීමට කටයුතු  කර ඇත.

ගංගාරාම විහාරස්ථානයේ අභිවෘද්ධිය පමණක් නොව ශ්‍රී ලංකාව පුරාවටම විසිරි සිටින ගිනිය නොහැකි තරමේ තරුණ තරුණියන්ගේ සහ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාගේ අධ්‍යාපනික සහ වෘත්තීය සංවර්ධනය වෙනුවෙන් මුළු මහත් ජීවිතයම කැප කළ  යතිවරයන් වහන්සේ නමක් වු  බැවින් උන්වහන්සේගේ එම  සේවාව  තවදුරටත් පවත්වාගෙන යෑම සඳහා මෙම ශිෂ්‍යත්ව අරමුදල පිහිටුවන බව ගංගාරාම විහාරාධිපති ආචාර්ය කිරින්දේ අස්සජි හිමියෝ පැවසූහ.

උන්වහන්සේ ඒ බව පැවසුවේ  එම ශිෂ්‍යත්ව භාර අරමුදල පිහිටුවීම පිළිබඳව දැනුවත් කිරීම සඳහා  ගංගාරාම විහාරස්ථානයේ අද(30)සවස පැවති මාධ්‍ය හමුවේදී ය.

සිංගප්පුරුවේ ගෝල්ඩන් පැගෝඩා බෞද්ධ  විහාරස්ථානාධිපති මාස්ටර් ශි ෆා  ශාඹ්  ස්වාමීන් වහන්සේ  මෙම ශිෂ්‍යත්ව අරමුදල පිහිටීම සඳහා මූලිකත්වය ගැන කටයුතු කළ බව කී අස්සජි හිමියෝ ඒ සඳහා උන්වහන්සේ  ඇමෙරිකානු  ඩොලර්  500000ක (රුපියල් ලක්ෂ පහක්)  මුදලක් පරිත්‍යාග කර ඇති බව සඳහන්  කළහ.

මෙම ශිෂ්‍යත්ව භාර අරමුදල මඟින් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සහ තරුණ භික්ෂූන් වහන්සේලාගේ අධ්‍යාපන කටයුතු සඳහා ශිෂ්‍යාධාර ලබා දෙන අතර උගත් හා නිපුණ සමාජයක් සඳහා ඤාණිස්සර නා හිමියන්ගේ දැක්ම අඛණ්ඩව වර්ධනය වීම සහතික කරනු ඇතැයි ද උන්වහන්සේ කීහ.

මෙම අරමුදල උන්වහන්සේගේ චිරස්ථායි උරුමයට උපහාරයක් පමණක් නොව උන්වහන්සේගේ ඉගැන්වීම් මගින් හැඩගැසුණු අනාගත නායකයින්ට  බලාපොරොත්තුවේ ආලෝකයක් ලෙසද ක්‍රියා කරනු ඇතැයි ද  අස්සජි  හිමියෝ අවධාරණය  කළහ.

මෙම ශිෂ්‍යත්ව අරමුදල නැණ ඉසුරු යන පොදු නාමයෙන් හැඳින්වෙන  බවද උන්වහන්සේ කීහ.

අ.පො.ස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ වැනි තීරණාත්මක ජාතික විභාග සඳහා සූදානම් වන සිසුන්ට මෙන්ම කාර්මික හා වෘත්තීය විද්‍යාල වලට ඇතුළත් වන සිසුන්ට ද ශිෂ්‍යත්ව පිරිනිවීමට බලාපොරොත්තු වන බවත්  ඊට අමතරව අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන්ට සහාය වීමට ද අපේක්ෂා කරන බව විහාරාධිපති හිමියෝ පැවසූහ.

එපමණක් නොව මෙම  ශිෂ්‍යත්ව අරමුදලින්  තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීම අවශ්‍ය කුසලතා වර්ධනය කර ගැනීමට අපේක්ෂා කරන සිසුන්ට මූල්‍ය ආධාර ලබාදීම සහ තරුණයින් අතර ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීමට ද කැපවෙන බව උන්වහන්සේ සඳහන් කළහ.

අධ්‍යයන ශිෂ්‍යත්ව වලට අමතරව ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමයන් පෝෂණය කිරීම සඳහාද මෙම අරමුදලින් සෙත සැලසෙන බව ද අස්සජි හිමියෝ  අවසාන වශයෙන් කීහ.

මෙම ශිෂ්‍යත්ව අරමුදලට දායකවිමට හෝ සම්බන්ධ  විය හැකි ආකාරය  පිළිබඳව  වැඩි විස්තර  දුරකතන අංක0763969696 ලබා ගත හැකිය.

මෙම මාධ්‍ය හමුවට ගංගාරාම විහාරවාසී පාලටුවේ ජිනරතන, පල්ලේගම රතනසාර හීන්බුන්නේ කොණ්ඩඤ්ඤ යන හිමිවරු  සමඟ  අජිත් ද සොයිසා යන මහතා ද නීතිඥ  තෙපුල්මා ජයතිස්ස  මෙනෙවිය සහ ගංගාරාම විහාරස්ථ දායක සභාවේ සභාපතිවරයා ද එක්ව සිටියහ.

ඡායාරූප : සුමුදු හේවාපතිරණ



අදහස් (0)

ගංගාරාම පොඩිහාමුදුරුවන්ගේ තෙමස් පූර්ණය නිමිත්තෙන් ශිෂ්‍යත්ව භාර අරමුදලක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 429 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2195 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1659 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site