
(ජේ.කේ.එල්. චාමින්ද)
පිදුරුතලාගල රජයේ බිජ අර්තාපල් ගොවිපලේ පසුගිය කන්න තුනක් තුලදි රුපියල් 26,659,785 ක මුදලක් වැයකර බිජ අර්තාපල් කිලෝග්‍රැම් 247,500ක් නිෂ්පාදනය කිරිමට සැලසුම්කර තිබුනද නිෂ්පාදනය කොට ඇත්තේ බිජ අර්තාපල් කිලෝග්‍රැම් 97,638 ක් පමණක් බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.
එය අපේක්ෂිත බිජ අර්තාපල් නිෂ්පාදනයයෙන් සියයට 39ක් තරම් ඉතා අඩු මට්ටමක පැවති බවද විගණනය මගින් අනාවරනය කොට ඇත. අදල ඉලක්කගත බිජ නිෂ්පාදනය ලබා ගැනිමට කටයුතු කළයුතු බවට විගණනය මගින් නිර් දේශ කොට ඇත.
මේ පිළිබද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගණන්දිමේ නිලධාරිවරයා විගණනයට සදහන් කොට ඇත්තේ විවිධ හේතුමත ඇස්තමේන්තුගත අස්වැන්න අඩුවන බවත් සියයට සියයකින් බිජ ආර්තාපල් නිෂ්පාදනය ප්‍රා යෝගික නොවන බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විගණන කාර්යයන් සදහා ඉලක්කම් විජ්ජාව මෙන්ම අදාළ විෂයය දැනුම ද අත්‍යාවශ්‍ය වේ...
ලංකාව මෙතරම් ආර්ථික අහේනියට වැටුනෙ අවුරුදු 76 ක් පැවති රජයේ වැරදි නිසානේ ඉතින් ඔය ප්‍රශ්‍නයට වගකිවයුතු ඒ කාලයේ හිටපු ජනාධිපතිවරයා කවුද කියල විගණනය පෙන්වාදීමක් කරල නැද්ද.
මෙයා වගේ ඉන්න නිලධාරින් ඉවත් කර ගොවියන්ට දීලා පෙන්වන්න... මේ ප්‍රදේශයේ වැඩි අස්වැනු ගන්න-