
(දයාරත්න ඇඹෝගම)
විශ්‍රාමික විදුහල්පතිවරයෙකුට අයත් මකුලෑව ප්‍රදේශයේ නිවසක ගෙවත්තේ සිටුවා තිබෙන කොස් ගසක අතු කැපිමට ගිය 16 හැවිරිදි පාසල් සිසුවෙකු විදුලි සැර වැදිමෙන් ඊයේ (21) මියගොස් ඇතැයි හුරීගස්වැව පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ නව මකුලෑව,මකුලෑව යන ලිපිනයේ පදිංචිව සිටි වයි.ජී.තක්ෂන විදුසර විජේරත්න(16)නැමති පාසල් සිසුවෙකි.
මියගිය මෙම සිසුවා මකුලෑව මහ විදුහලේ 10 වන වසරේ අධ්‍යාපනය ලබමින් සිටි අයෙකි.
මියගිය සිසුවා මෙදින පාසලට ගොස් නොමැති අතර විශ්‍රාමික විදුහල්පතිවරයාගේ බිරිදගේ ඉල්ලිමට එම නිවසේ ගෙවත්තේ සිටුවා තිබු කොස් ගසේ අතු කැපිමට පිහියක්ද රැගෙන ගසට නැග ඇති බව පොලිසිය පැවසිය.
එම කොස් ගසේ අත්තක් විදුලි රැහැනක ගැටිමෙන් ගසට නැග සිටි සිසුවාට විදුලිසැර වැදි පිළිස්සුම් තුවාල සිදුවිම නිසා ඔහු තඹුත්තේගම රෝහලට ඇතුලත් කිරිමෙන් පසුව මියගොස් තිබේ.
සිසුවාගේ මරණය සම්බන්ධයෙන් කොස් ගසට නැගිමට උපදෙස් දුන් විශ්‍රාමික විදුහල්පතිවරයාගේ 63 හැවිරිදි විශ්‍රාමික ගුරු බිරිද අත්අඩංගුවට ගත්බව පොලිසිය පැවසිය.
2025 දෙසැම්බර් මස 04
201
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
380
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
384
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කොස් ගසට නැගී සිසුවා විදුලි සැර වැදී මරුට