
(අංජුල මහික වීරරත්න)
ඊශ්‍රායල් රාජ්‍යයේ ඉදිකිරීම් ක්ෂේත්‍රය යටතේ ක්‍රියාත්මක ප්‍රතිසංස්කරණ ආශ්‍රිත රැකියා (Renovation General Workers) සඳහා තෝරා ගත් ප්‍රථම කණ්ඩායම දිවයිනෙන් පිටත්ව ගිය බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කරයි.
මෙම කණ්ඩායමට රැකියා ලාභීහු 50 ඇතුළත් වෙති.
පසුගිය වසරේ නොවැම්බර් මස පැවති ප්‍රායෝගික පරීක්ෂණ වලින් තෝරාගත් මෙම පිරිස මේ වසරේ ජනවාරි මාසයේ දී ඊශ්‍රායලයට විදේශ ශ්‍රමිකයන් බඳවා ගන්නා ක්‍රමය වන ලොතරැයි ඇදීම මගින් තෝරාගෙන තිබේ. වසර 5 ක කාලයක් සඳහා රැකියා කිරිමට මේ යටතේ අවස්ථා හිමිවේ.
මෙම පිරිසට ගුවන් ගමන් බලපත්‍ර ලබාදිම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දී එහි සභාපති කෝශල වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

COMMENTS
කලින් ඇමතිට, අයියට, ප්‍රාදේශීයව පත්කල ඒජන්ට්ලට ගාන දුන්නම තමයි ඔය ලොතරැයිය ඇදෙන්නෙ. උන්ට නම් ඩබල් චාන්ස් ලොතරැයි. මේ මජර ක්‍රමය වෙනස්වෙච්ච එකට සතුටුවෙයල්ල. කුහක නොවී, මේව තමයි අපි පැතූ වෙනස, මෙතන වැළලෙන අය අඩුවට කන්න, වාහන ගන්න හිටියට උන් මේ ක්‍රමය වෙනස්වෙනවට සැබෑවට කැමති නැහැ. රටේ ජනතාව කැමති මේ රජයට.