
(පුෂ්ප කුමාර මල්ලව ආරච්චි)
මීරිගම - මහනුවර මධ්‍යම අධිවේගී මාර්ගයේ සිදු වූ රිය අනතුරින් කැලණිය විශ්ව විද්‍යාලයේ මනෝවිද්‍යා ඒකක ප්‍රධානී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යය, ආචාර්ය එන්.ඩී. ගුණේන්ද්‍ර ගයන්ත මහතා මියගොස් ඔහුගේ බිරිය හා දරුවන් තිදෙනා ඇතුළු හය දෙනකු තුවාල ලබා ඇතැයි මීරිගම රෝහල් පොලිසිය කියයි.
ගයන්ත මහතා ඇතුළු පවුලේ පිරිස කුලී වෑන් රියකින් යාපනයේ සිට ආපසු නිවස බලා එමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇතැයි පරීක්ෂණයේදී අනාවරණය වූ බව පොලිසිය සඳහන් කරයි.
මීරිගම සිට කිලෝමීටර් පහක් පමණ කුරුණෑගල දෙසට වන්නට බෝයවලානට නුදුරු ප්‍රදේශයේ දී සිමෙන්ති ප්‍රවාහනය කරන ලොරියක් වෑන් රිය ගැටීමෙන් අනතුර සිදුවී ඇතැයි පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම අවාසනාවන්ත සිදුවීමක්. අපේ ශෝකය මොහුගේ බිරිඳට සහ දරුවන් වෙත පලකරමු. ඡායාරූපවලින් නම් පේන්නේ වරද වෑන් රථයේ රියදුරුගේ බවයි.
ගුරුතුමනි ඔබතුමාට නිවන්සුව ලැබේවා.
ලංකාවේ අධිවේගී මාර්ග වල රාත්‍රී ගමන් කිරීම ඉතාමත් අවදානම් සහිතයි. අධිවේගී මාර්ගය දිගටම ආලෝකවත් කර නොමැති අතර සමහර වාහන වල පිටුපස ලයිට් නැහැ. තමන්ගේ සහ පවුලේ උදවියගේ ආරක්ෂාව සඳහා, අධිවේගී මාර්ග දවල් කාලයේ පමණක් භාවිතා කිරීම නුවණට හුරුයි.