
ලතින් ඇමෙරිකාවට අයත්, පරුගුවේ රාජ්‍යය නියෝජනය කරමින්, ප්‍රංශයේ පැරිස් අගනුවර ඔලිම්පික් උළෙලට සහභාගී වීමට පැමිණ සිටි, 20 හැවිරිදි පිහිනුම් ශූරිය ලුආනා ඇලාන්සෝ ඔලිම්පික් ගම්මානයෙන් නෙරපා හැරීමට ක්‍රීඩා බලධාරීන් කටයුතු කර තිබේ.
ඔලිම්පික් ක්‍රීඩා බලධාරීන් මෙම තීරණය ගෙන ඇත්තේ ලුආනාගේ නොහොබිනා හැසිරීම නිසා යැයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. ඒ අනුව, ඇයට පිහිනුම් ඉසව් අහිමි වී ඇතැයි ද පැවැසෙයි.
පෙරුගුවේ ඔලිම්පික් කමිටු සභාපති ලරිස්සා ෂේරර් පවසා ඇත්තේ ලුආනා ඇලාන්සෝ අනවසරයෙන්, කිසිවකුටවත් නොදන්වා, සිය අභිමතය පරිදි, ඔලිම්පික් ගම්මානයෙන් පිටවී රැයක් ගත කළ බවත් එම සිදුවීම සැලකිල්ලට ගනිමින් ඇය ඔලිම්පික් ගම්මානයෙන් නෙරපා දැමීමට ඔලිම්පික් බලධාරීන් කටයුතු කළ බවත්ය.
COMMENTS
අයියෝ පැරගුවේනේ ඉපදෙන්න තිබුණේ...
වේලාවට ඔලිම්පික් වල ක්‍රිකට් නැත්තේ
පව් කියලා හිතෙනවා දැක්කාම
ෂම්මිගේ ක්‍රිකට් කණ්ඩායම වගේමයි...
ඔලිම්පික් ගම්මානයෙන් එළියට දැමීමට... ප්‍රංශයෙන් පිටුවහල් කරලා නෑනේ...job එකක් කරගෙන ඉන්න තියෙන්නේ... ප්‍රංශයෙන් පිටිවහල් කරනවා නම් දඬුවමක් හැටියට ලංකාවට එවන්න තියෙන්නේ...!