IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කොළඹ හෙට යන්නේ මෙහෙමයි

(ගයාන් සූරිය ආරච්චි)

2026 නව අවුරුදු උදා වීමට පෙර 2025 අවසන් දිනය වන  හෙට දින කොළඹ නගරයේ පැවැත්වීමට නියමිත උත්සවවල ආරක්ෂාව සහ රථ වාහන මෙහෙයවීම සඳහා පොලිස් නිලධාරීන් 1200 ක් යෙදවීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසයි.

කොළඹ ගාලු මුව දොර ප්‍රදේශයට විශාල ජනතාවක් පැමිණෙනු ඇතැයි පොලිසිය විශ්වාස කරන කොළඹ කොටුව, කොම්පඤ්ඤවීදිය, මරදාන, කොල්ලූපිටිය සහ කුරුඳුවත්ත ප්‍රදේශවල රථ වාහන තදබදයක් ඇති වනු ඇතැයි පොලිසිය අපේක්‍ෂාකරයි.

කෙසේ වෙතත් එම ප්‍රදේශවල සාමාන්‍ය පරිදි රථ වාහන ධාවනය කෙරෙන අතර රථ වාහන තදබදයක් ඇතිවන අවස්ථාවලදී පමණක් රථ වාහන මෙහෙයවීම ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ගාලු මැදපාර ඔස්සේ කොළඹින් පිටවීම:

එන්.එස්.ඒ. වටරවුම, ගාලු මැද පාර, බාල දක්ෂ මාවත හන්දියෙන් වමට එම්.ඕ.ඩී. හන්දිය, බාල දක්ෂ මාවත, අලියා නාන වටරවුම, මාර්කන් මාකර් මාවත, ගාලු මුවදුර වටරවුම ඔස්සේ කොල්ලූපිටිය දෙසට ගමන් කළ හැක.

මෙම රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක කරන කාලය තුළ මාර්ග ආසන්නයේ පදික වේදිකාවේ සහ ප්‍රධාන මාර්ගය අවහිර වන සේ කිසිදු වාහනයක් නවතා තැබීමට අවසර ලබා නොදෙන බවද පොලිසිය කියයි.

රථ වාහන 5900 ක් පමණ ගාල් කිරීම සඳහා කොළඹ කොටුව බාල දක්ෂ මාවත, කොල්ලූපිටිය, බම්බලපිටිය, වැල්ලවත්ත, මරදාන ඩී. ආර්. විජේවර්ධන මාවත, කොම්පඤ්ඤවීදිය පාසන්ස් මාවත පිටවීමේ මං තීරුව, වැල්ලවත්ත සැවොයි අසල සිට බගතලේ පාර දක්වා, කුරුඳුවත්ත ආනන්ද කුමාරස්වාමී මාවත, නෙළුම් පොකුණ සිට පුස්තකාල වට රවුම දක්වා ඇතුළු වීමේ මං තීරුව රථ වාහන ගාල් කිරීම සඳහා අවස්ථාව ලබා දී ඇත.

කුරුඳු වත්ත එෆ්. ආර්. සේනානායක මාවත, රීඩ් මාවත, තර්ස්ටන් හන්දිය දක්වා මාවත, නිදහස් චතුරස්‍ර වටරවුම, මෙට්ලන්ඩ් පෙදෙස, පදනම් මාවත පෙදෙස යන ප්‍රදේශවල වාහන ගාල් කිරීමට අවස්ථාව ලැබෙන බවද පොලිසිය කියයි.

 



අදහස් (0)

කොළඹ හෙට යන්නේ මෙහෙමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site