(ටී.කේ.ජී.කපිල )
රුපියල් කෝටි පහකට අධික වටිනාකමකින් යුතු '' කුෂ්" මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " හරිත මාවත" ( Green Channel ) ඔස්සේ පිට වී යාමට තැත් කළ ගුවන් මගීන් දෙදෙනෙකු අද(23) උදෑසන රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මෙයින් එක් අයෙකු කොළඹ ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි කාන්තාවකි . අනෙක් පුද්ගලයා ඉන්දියාවේ චෙන්නායි නුවර පදිංච් 48 හැවිරිදි අයෙකි .
ඔවුන් විසින් රැගෙන විත් තිබූ ගමන් මලු දෙකක් තුළ පිටෙහි එල්ලා ගෙන යනු ලබන ගමන් මල්ලක් තුළ ඇසුරුම් 05 ක් ලෙස සකස් කළ " කුෂ්" මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 05 යි ග්‍රෑම් 092 ක් සගවා ගෙන තිබුණි .
මෙසේ අත් අඩංගුවට ගත් " "කුෂ්" මත්ද්‍රව්‍ය තොගය සහ ඒවා රැගෙන ආ ගුවන් මගීන් දෙදෙනා මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ .
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
‘කුෂ්‘ සමඟ ගුවන්තොටේදී දෙන්නෙක් මාට්ටු | වීඩියෝ
Perakum Liyanagama Thursday, 25 September 2025 09:56 AM
දෙන්න මරණ දඬුවම සිංගප්පූරුවෙ වගේ.