
(නිමල කොඩිතුවක්කු)
ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ සිදුකළ රථවාහන පරික්ෂාවේදී මොරටුව ප්‍රදේශයේ බස් රථයක් මගීන් අතරමග බස්සවා යළි හැරී යාම සම්බන්ධයෙන් එම බස් රථෙය් ධාවන බලපත්‍රය අත්හිටුවීමට බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පියවර ගෙන තිබේ.
බස්රථයේ බලපත්‍රය දින තුනකටත් බස් රථ රියදුරු සහ කොන්දොස්තරවරයාට දින 7 ක කාළයක් සඳහාත් බලපත්‍ර අත්හිට වූ බව එහි සභාපති විශ්‍රාමික කමාන්ඩර් ගාමිණී ජාසිංහ මහතා පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මගින් විහේෂ විමර්ෂණයක් සිදුකරන බවත් සභාපතිවරයා සඳහන් කළේය.
බස්රථ ධාවනය සහ මගීන් සමග කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් මෙම බස් රථ රියදුරු සහ කොන්දොස්තරවරයා එක්දින පුහුණු වැඩමුලුවකට යොමු කිරීමට කටයුතු කරන බවත් ඔහු තවදුරටත් කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩේ
මාර දඩුවමක්. නිකම්ද කියන්නෙ මේ අධිකාරිවල ඉන්නෙ ලෝක හොරු කියලාග බස් ගැමුණුවගෙන් පඩි ගන්න උන්
හොඳ වැඩක්
ඉතා විශිෂ්ඨ තීරණයක්. මේ අශිෂ්ඨ මග මරුවන්ට නීතිය සහ විනය කියලා දෙයක් තියනවා කියලා දැනෙන්න පෙන්වා දිය යුතුයි.
මම සන්තෝස වුනා බස් තක්කඩියාට ජීවිත කාලෙටම තහනම් කළා කියල, එත් දවස් 3කට බලපත්තරේ තහනම් කරලා අනේ එහෙම කරන්න එපා කියල තියෙන්නේ.
මේකට ඩිස්ලයික් දාන්නෙ බස්කාරයොද? පොහොටු පෙත්තොද?
මගී ප්‍රවාහන අධිකාරියේ ඉන්න එවුන් කොහොමත් බස් කාරයන්ගෙ සාක්කුවේ ඉන්නෙ. කීයක්හරි වියදම් කරොත් ගෑණි උනත්.. එක්කො ඕනි නෑ..
ප්‍රයිවට් බස් යනු තිරසාර සත්තු.
නියමයි, නියමයි. ඔවුන් දෙන්නව සතියක් පාරවල් සුද්ද කරන්න දාන්න.
දින තුනක් වැඩි නැද්ද.
' බස් රථයේ බලපත්‍රය දින තුනකට අහෝසියි '' , මේ සුපිරි දඩුවම ගැන අපි කොහෙන්ද හිනා වෙන්න ඕන
අනවශ්‍ය ඉතා සෙමෙන් ලෙස කොට කොටා ගමන් කරන , පාරේ මාර්ග තදබද ඇති කරන මගීන්ගේ කාලය කා දමන බස් රථ වලට විරුධව යමක් කරන්න , කෙටියෙන් කියනවා නම් , ගමන ආරම්භ කරන සහ අවසන් කරන්න සාධාරණ කාලයක් නියම කරන්න , මගී ප්‍රවාහනය කරන්න අලුතෙන් අවසර දෙන අලුත් බස්රථ වලට වර්ණයක් හදුන්වා දෙන්න , දේවරුප බුදු රුප , කුරුස වැනි දේවල් බස් වලට අවශ්‍ය නැත ,
කුලියට මගින් ප්‍රවාහනය කරන ත්‍රි රෝද රථ සදහා ටැක්සි මීටර් අනිවාර්ය කර කිලෝමීටරයකට සාධාරණ මිලක් නියම කරන්න . එම ත්‍රිරෝධ රථ තුළ ඇති අනවශ්‍ය යකඩ , සහ සැරසිලි ඉවත් කරන්න , පුද්ගලික පරිහරණය කරන ත්‍රිරෝද රථ තමන්ට කැමති ආකාරයට සරසා ගත්තට කමක් නැත ,