IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියට පිටු පෑ බස් රථයේ බලපත්‍රය අහෝසියි

(නිමල කොඩිතුවක්කු)

ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ සිදුකළ රථවාහන පරික්ෂාවේදී මොරටුව ප්‍රදේශයේ බස් රථයක් මගීන් අතරමග බස්සවා යළි හැරී යාම සම්බන්ධයෙන් එම බස් රථෙය් ධාවන බලපත්‍රය අත්හිටුවීමට බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පියවර ගෙන තිබේ.

බස්රථයේ බලපත්‍රය දින තුනකටත් බස් රථ රියදුරු සහ කොන්දොස්තරවරයාට දින 7 ක කාළයක් සඳහාත් බලපත්‍ර අත්හිට වූ බව එහි සභාපති විශ්‍රාමික කමාන්ඩර් ගාමිණී ජාසිංහ මහතා පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මගින් විහේෂ විමර්ෂණයක් සිදුකරන බවත් සභාපතිවරයා සඳහන් කළේය.

බස්රථ ධාවනය සහ මගීන් සමග කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් මෙම බස් රථ රියදුරු සහ කොන්දොස්තරවරයා එක්දින පුහුණු වැඩමුලුවකට යොමු කිරීමට කටයුතු කරන බවත් ඔහු තවදුරටත් කීවේය.

 



අදහස් (14)

ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියට පිටු පෑ බස් රථයේ බලපත්‍රය අහෝසියි

kam Tuesday, 07 January 2025 03:39 PM

හොඳ වැඩේ

:       7       83

dileepa1986 Tuesday, 07 January 2025 03:50 PM

මාර දඩුවමක්. නිකම්ද කියන්නෙ මේ අධිකාරිවල ඉන්නෙ ලෝක හොරු කියලාග බස් ගැමුණුවගෙන් පඩි ගන්න උන්

:       9       63

බකල ජයාTuesday, 07 January 2025 05:04 PM

ඔව්. අඩුම ගණනේ මාසයක් බස් එකයි, සේවකයොයි තහනම් කරන්න තිබුණා. හැබැයි දවසක පුහුණුවෙන් නම් මාරම වෙනසක් වෙයි. ඒ උනත් මෙච්චර කල් මුකුත්ම තිබුනෙ නැති එකේ මේ මදැයි.

:       0       3

Pradeep Kumara Tuesday, 07 January 2025 03:56 PM

හොඳ වැඩක්

:       7       86

Perera Tuesday, 07 January 2025 04:52 PM

ඉතා විශිෂ්ඨ තීරණයක්. මේ අශිෂ්ඨ මග මරුවන්ට නීතිය සහ විනය කියලා දෙයක් තියනවා කියලා දැනෙන්න පෙන්වා දිය යුතුයි.

:       0       0

ගුණරත්න Tuesday, 07 January 2025 05:33 PM

මම සන්තෝස වුනා බස් තක්කඩියාට ජීවිත කාලෙටම තහනම් කළා කියල, එත් දවස් 3කට බලපත්තරේ තහනම් කරලා අනේ එහෙම කරන්න එපා කියල තියෙන්නේ.

:       0       1

ජිල්බු Tuesday, 07 January 2025 08:04 PM

මේකට ඩිස්ලයික් දාන්නෙ බස්කාරයොද? පොහොටු පෙත්තොද?

:       1       0

Shashika519 Tuesday, 07 January 2025 08:49 PM

මගී ප්‍රවාහන අධිකාරියේ ඉන්න එවුන් කොහොමත් බස් කාරයන්ගෙ සාක්කුවේ ඉන්නෙ. කීයක්හරි වියදම් කරොත් ගෑණි උනත්.. එක්කො ඕනි නෑ..

:       0       0

Don perea Tuesday, 07 January 2025 09:18 PM

ප්‍රයිවට් බස් යනු තිරසාර සත්තු.

:       0       0

sam Wednesday, 08 January 2025 03:04 AM

නියමයි, නියමයි. ඔවුන් දෙන්නව සතියක් පාරවල් සුද්ද කරන්න දාන්න.

:       0       1

Roy Wednesday, 08 January 2025 07:52 AM

දින තුනක් වැඩි නැද්ද.

:       0       0

Ishan Wednesday, 08 January 2025 08:50 AM

' බස් රථයේ බලපත්‍රය දින තුනකට අහෝසියි '' , මේ සුපිරි දඩුවම ගැන අපි කොහෙන්ද හිනා වෙන්න ඕන

:       0       2

de silva Wednesday, 08 January 2025 09:45 AM

අනවශ්‍ය ඉතා සෙමෙන් ලෙස කොට කොටා ගමන් කරන , පාරේ මාර්ග තදබද ඇති කරන මගීන්ගේ කාලය කා දමන බස් රථ වලට විරුධව යමක් කරන්න , කෙටියෙන් කියනවා නම් , ගමන ආරම්භ කරන සහ අවසන් කරන්න සාධාරණ කාලයක් නියම කරන්න , මගී ප්‍රවාහනය කරන්න අලුතෙන් අවසර දෙන අලුත් බස්රථ වලට වර්ණයක් හදුන්වා දෙන්න , දේවරුප බුදු රුප , කුරුස වැනි දේවල් බස් වලට අවශ්‍ය නැත ,

:       0       2

de silva Wednesday, 08 January 2025 09:50 AM

කුලියට මගින් ප්‍රවාහනය කරන ත්‍රි රෝද රථ සදහා ටැක්සි මීටර් අනිවාර්ය කර කිලෝමීටරයකට සාධාරණ මිලක් නියම කරන්න . එම ත්‍රිරෝධ රථ තුළ ඇති අනවශ්‍ය යකඩ , සහ සැරසිලි ඉවත් කරන්න , පුද්ගලික පරිහරණය කරන ත්‍රිරෝද රථ තමන්ට කැමති ආකාරයට සරසා ගත්තට කමක් නැත ,

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 569 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 281 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site